පැය විස්සකින් අවශ්‍ය ඕනෑම දෙයක් ඉගෙනගන්න පුළුවන්. එහෙම ඉගෙන ගන්න තියෙන්නේ මොනවද? – Saru News Media

0
7

සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු අලුතින් දෙයක් ඉගෙන ගන්න ගියහම, ඒක අල්ලලා දානවා ඉගෙන ගන්න මාර කාලයක් යනවා කියලා හිතාගෙන. හැබැයි ඇත්තටම පැය විස්සකින් ඕනම දෙයක් මූලිකව ඉගෙන ගන්න පුළුවන් කියලා ඔන්න ජෝෂ් කවුෆ්මන් කියලා බිස්නස් කෝච් කෙනෙක් කියනවා. ඇත්තටම මේක බොහොම ධෛර්යය වඩවන කතන්දරයක් දෙයක් ඉගෙන ගන්න ආස අයට. මොකද, යම් කිසි දෙයක් සාමාන්‍ය තරමෙන් කරන්න ඉගෙන ගන්න දවසකට පැයක් ඒකට වෙන් කළත් යන්නෙ මාසයයි. එතනින් එහාට තියෙන්නේ ඉතින් ප්‍රැක්ටිස් එකනේ. ඉතින් ඔන්න ඔය පැය විස්සෙන් දේවල් ඉගෙන ගන්න එක ගැන අපි Saru News Media එකෙන් මීට කලිනුත් කියලා තියෙනවා. 

 

දැන් ඊලඟ කාරණාව. මෙහෙම පැය විස්සකින් අපිට ඉගෙන ගන්න තියෙන කුසලතා මොනවද? ආන්න ඒ ගැන තමයි ඊලඟට කතා කරන්න වටින්නේ.

 

සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්න කිව්වහම ගොඩක් දෙනෙක්ට ආසම හිතෙන සංගීත භාණ්ඩය වෙන්නේ ගිටාර් එක. මොකද විශේෂයෙන්ම ගිටාර් එකට හැමෝම වගේ ආස නිසාම, ගිටාර් දන්න මනුස්සයෙක්ටත් පොඩි තැනක් එනවනේ. හරි. ගිටාර් ඉගෙන ගන්න ඕන නම් කෙලින්ම ගිටාර් ක්ලාස් එකකට යන්නත් පුළුවන්. හැබැයි සර්ට ඔය පැය විස්සේ කතන්දර කියලා බැණුම් අහගන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් දැන් කාලේ යූටියුබ් එකේ ඕන තරම් ගිටාර් ටියුටෝරියල් තියෙනවා. එතකොට ගිටාර් කෝඩ් බුක්ස් ඕන තරම් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. දැන් ඔය විදියට ගිටාර් ගහන්න ඉගෙන ගන්න මූලික අඩිතාලම දාගන්න බැරිද? ඇත්තටම ඔය විදියටම තමයි අනික් ලේසි පහසු සංගීත භාණ්ඩ ගත්තත්. උදාහරණයක් විදියට, හර්මොනිකා නැතිනම් මවුත් ඕගන් ගහන්න ඉගෙන ගන්න එක හිතමු. මේකෙදි ඇත්තටම ඉගෙන ගන්න ඕන කරන්නේ අර බෙන්ඩින් කියන ටෙක්නික් එක. ඒ ඇරෙන්න අමුතුවෙන් ස්වර පිහිටන ආකාරය වගේ දේවල් මවුත් ඕගන් එකේ ඉගෙන ගන්න නෑ. දැන් දවසට පැය ගාණේ දවස් විස්සක් මවුත් ඕගන් ටියුටෝරියල් බලමින් ඒකේ විවිධ ශිල්ප ක්‍රම ඉගෙන ගත්තොත්, මාසෙන් සාමාන්‍යයෙන් මවුත් ඕගන් ගහන ලෙවල් එකට එන්න පුළුවන්. 

 

චිත්‍රකර්මය කියන්නේ පැය විස්සකින් ප්‍රවීණත්වයට පත් වෙන්න පුළුවන් විෂයක් නෙවෙයි. ඒක හරි. හැබැයි අපි මේ කියන්නේ චිත්‍ර කලා මාස්ටර් කෙනෙක් වීම ගැන නෙවෙයි. තමන්ට සතුටු වෙන්න පුළුවන් විදියට චිත්‍රයක් ඇඳගන්න පුළුවන් විදියට යම් කිසි චිත්‍ර නිර්මාණ ක්‍රමේක මූලික අංග ඉගෙන ගන්න එක ගැන. හරි, අපි තෝරගන්නවා සොෆ්ට් පැස්ටල් චිත්‍ර. දැන් යූටියුබ් එකේ ටියුටෝරියල් වල තියෙනවා සොෆ්ට් පැස්ටල් වලින් චිත්‍ර අඳිනකොට කොහොමද පටන් ගන්න ඕන, මොනවද මූලිකව දැනගන්න ඕන තාක්ෂණික ක්‍රම වගේ දේවල්. ඒවා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කළාට පස්සේ, චිත්‍ර අඳින විදි කෙලින්ම පෙන්නලා දීලා තියෙන වීඩියෝස් එහෙමත් තියෙනවා. අන්න එතකොට ඒවා බලාගෙන අපිටත් ඇඳලා පුහුණු වෙන්න පුළුවන්. 

 

මෙන්න මෙතනදී අපි පොඩ්ඩක් පැය විස්සේ නීතිය වෙනස් කරනවා. මොකද, ලර්නර්ස් එකට ගියත් සම්පූර්ණයෙන්ම වාහනයක් ධාවනය කරන්න ඉගෙන ගන්න පැය විස්සකටත් වඩා අඩුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් පැය භාගේ ටර්න් විසිපහක්. ඒක සම්පූර්ණ කරන්න මාස තුනක් ලැබෙනවා. හැබැයි අපි දළ වශයෙන් පැය විස්සක් මේකටත් වෙන් කරමු. දැන් මැනුවල් වාහනයක් ධාවනය කරන්න ඉගෙන ගන්න පැය විස්සක් වෙන් කරනවා කියන්නේ, ගේමක් නැතුව ලයිසන් එකත් ගන්න පුළුවන් කියන එක. හැබැයි ඉතින් මේකට අපි නිර්දේශ කරන ක්‍රමවේදය තමයි ලර්නර්ස් එකක් හරහා යන එක.

 

වෙබ් ඩිසයිනින්ග් ඉගෙන ගන්න එකේ තියෙන ලොකුම වාසිය තමයි, තමන්ට වෙබ් අඩවියක් හදාගන්න අවශ්‍ය වුණොත්, ඒකට ලොකු ගණන් වියදම් කරන්න අවශ්‍ය නොවීම. මේ වෙබ් ඩිසයිනින්ග් කියන්නෙත් පරිගණක ක්‍රමලේඛනය එක්ක යන වැඩ ටිකක්නේ. ඒවා ඉගෙන ගන්න පුළුවන් තැන් ඔන්ලයින් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් alison.com නැතිනම් udemy.com වගේ අධ්‍යාපන වෙබ් අඩවි වල වෙබ් ඩිසයිනින් තියෙනවා. ඒකට පැය විස්සක් වෙන් කළොත්,. ඩීසන්ට් වෙබ් සයිට් එකක් ඩිසයින් කරන්න අවශ්‍ය ස්කිල්සෙට් එක ලබාගන්න පුළුවන්. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here