කවුරුත් දන්න KFC එකේ වැඩි දෙනෙක් නොදන්න කතන්දරේ – Saru News Media

0
6

KFC කිව්වම කව්ද ඉතින් දැන් නොදන්නෙ? ඕන තරාතිරමක කෙනෙක් යන එන, කාටත් හුරු පුරුදු තැනක්නේ. අපේ ලංකාවේ කාටත් හුරු තැනක් විතරක් නෙමෙයි, මේ KFC කියන්නෙ ඇමරිකානු fast food restaurant එකක්. එකක් කිව්වට අවන්හල් ජාලයක්. ලංකාවේ KFC අවන්හලක් මුලින්ම ආරම්භ වෙන්නෙ 1995 වර්ෂයේදී මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණයේ. මේ වෙද්දී ලංකාව පුරා KFC අවන්හල් 40කටත් වඩා ආරම්භ කරල තියෙනවා. ලංකාවේ මේ KFC ජාලයේ හිමිකාරීත්වය දරන්නෙ Cargills Ceylon ආයතනය. අපි කවුරුත් දන්න කාර්ගිල්ස් එක. මේ කාර්ගිල්ස් ආයතනය KFC ජාලයේ අන්තර්ජාතික ප්‍රමිතීන්ටත් අනුගතව අපේ රහට විශේෂ ආහාර පිළිගන්වන නිසාම තමයි ලංකාව ඇතුළෙත් මේ අවන්හල් ජාලය මේ තරම්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.

ඒකනම් නෙමෙයි මේ කියන්න යන කතන්දරේ. KFC එකෙන් කෑවට, රහ ගැන කතා කළාට ඔය හුඟක් දෙනෙක් මේ අවන්හල ජාලයේ ආරම්භය, මේ දක්වා ගමන ගැන කතන්දරේ දන්නෙ නැහැ. හැබැයි මේක කියෙව්වමනම් හිතෙයි දැනගෙන ඉන්නම වටිනා කතාවක් නේද කියල.

 

මේ KFC අවන්හල් ජාලයේ නිර්මාතෘ වෙන්නෙ කර්නල් හාලන්ඩ් සැන්ඩර්ස් (Colonal Harland Sanders) කියන පුද්ගලයා. ඔහු උපත ලබන්නෙ 1890 සැප්තැම්බර් මාසෙ. ඔහුට වයස අවුරුදු 6දි ඔහුගේ පියා මිය යාමත් එක්ක මුළු පවුලේම බර පුංචි සැන්ඩර්ස්ගෙ අම්මගෙ කරමත පැටවෙනවා. ඉතින් පුංචි සැන්ඩර්ස් ළඟ ඔහුගේ අනිත් බාල සහෝදරයින් දෙන්නා තියලා අම්මට රැකියාවකට යන්න සිද්ධ වෙනවා. වයස අවුරුදු 7ක් වගේ පුංචි වයසේ ඉඳන්ම අම්මා සැන්ඩර්ස්ට කෑම උයන්න උගන්නනවා. අන්න එහෙම තමයි සැන්ඩර්ස් ඉවුම් පිහුම් කලාව ගැන ඉගෙන ගන්නෙ.

 

අවුරුදු 13දි ගෙදරින් පිටවෙන සැන්ඩර්ස් විවිධ රැකියාවල නිරත වෙනවා. ඔහු මුලින්ම වැඩ කරන්නෙ ගොවිපලක. අවුරුදු 15දි ගොවිපලෙන් ඉවත්වෙලා විවිධ රැකියාවන් වල නිරත වෙනවා. පේන්ට් බාස් කෙනෙක් විදිහට, ගිනි නිවන භටයෙක් විදිහට, රක්ෂණ විකුණුම්කරුවෙක් විදිහට වගේ එක එක රැකියාවන් වල ඔහු වයස අවුරුදු 40ක් ඒ කියන්නෙ 1929 වගේ වෙනකන්ම නිරත වෙනවා.

 

1929 දි තමයි සැන්ඩර්ස් ඔහුගේ පළවෙනි අවන්හල ආරම්භ කරන්නෙ. ඒ Kentucky කියන ප්‍රදේශයේ service station එකක් ළඟ. එතැනදී තමයි ඔහු මුලින්ම අර පුංචි කාලෙ අම්මගෙන් ඉගෙන ගත්ත චිකන් එක හදලා විකුණන්නේ. ඒ චිකන් එකේ රස නිසාම ඒ අවන්හල ප්‍රසිද්ධියට පත්වෙනවා වගේම ඔහු අවුරුදු හතරකට පස්සේ එතනම පාරෙන් එහා පැත්තේ ටිකක් විශාල තැනක් මිලදී අරගෙන් අවන්හල විශාල කරන්නත් සමත් වෙනවා. මේ චිකන් ඩිෂ් එකේ රස නිසාම එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඔහුට Kentucky Colonel කියන නාමයත් ප්‍රධානය කරනවා. 1937 වෙද්දී ඔහු ආසන 142 විශාල අවන්හලක් ආරම්භ කරනවා Sanders Court & Café කියන නමින්.

1940 වර්ෂයේදී තමයි ඔහු දැනටත් පාවිච්චි වෙන නියම KFC චිකන් රෙසිපි එක නිර්මාණය කරන්නෙ. මේ original recipe එක කුළුබඩු වර්ග 11කින් සමන්විත, දැනටත් සඟවලා තියෙන රෙසිපි එකක් කියල තමයි කියන්නෙ. 

 

කොහොමින් හරි 1955 වර්ෂයේදී මේ අවන්හල විකුණා දමන සැන්ඩර්ස් ඔහුගේ මේ රහසිගත චිකන් වට්ටෝරුව franchise කරන්න තීරණය කරනවා. හැබැයි අවාසනාවක මහත කියන්නෙ ඔහු එක එක අවන්හලෙන් අවන්හලට ගිහිල්ලත් මේ වට්ටෝරුව 1009 වතාවක් ප්‍රතික්ෂේප වෙනවා. අන්තිමේ එකම එක අවන්හලක් ඔහුගේ මේ වට්ටෝරුවටයි රහසිගත කුළුබඩු පැකට් ලබාදෙන ගනුදෙනුවටයි කැමති වෙනවා. හැබැයි ඔහුගේ රහස් රෙසිපියනම් කාටවත්ම දෙන්නේ නැහැ. ඒ වට්ටෝරුවට හදපු කුළුබඩු පැකට් තමයි ඔහු ලබාදෙන්නෙ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here