උලපනේ සුමංගල හිමියන්ට ඇප

0
13

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමටද එහිදී නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට අවවාද කළ බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවා.

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here