බුද්ධ කාලීන මහා ශ්‍රාවිකාවන් ​වහන්සේ 7 නමක් – Saru News Media

0
4

මීට සති කීපයකට කලින් බුද්ධ කාලීන මහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව සටහනක් lifie අපි ඔබ වෙතට ගෙනාවා. ඒ ලිපිය පහත ලින්ක් එක ක්ලික් කරලා කියවන්න පුළුවන්.

අද අපි කතා කරන්න යන්නේ බුද්ධ කාලීනව වැඩ විසූ මහා ශ්‍රාවිකාවන් ​වහන්සේ හත් නමක් පිළිබඳව. භික්ෂු ශාසනයට සාපේක්ෂව භික්ෂුණී ශාසනය පිහිට වන්නේ පසුවයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පවා පළමු අවස්ථාවේදී භික්ෂුණී ශාසනය පිහිටුවීමට තමන්ගෙ අනුමැතිය ලබා දෙන්නේ නෑ. පසුව බුද්ධෝපස්ථායක ආනන්ද තෙරණුවන් ගේ ඉල්ලීම මත භික්ෂුණී ශාසනය පිහිටුවා වදාරනවා. ඒ හරහා එවකට ඉන්දියාවේ දැඩි ලෙස පීඩනයට ලක්ව සිටි කාන්තාවන්ට විශාල නිදහසක් ලැබෙනවා. ඔවුන්ට තමන්ගේ විමුක්තිය හොයන්න යන්න අවස්ථාව ලැබෙනවා. මේ තමන්ට ලැබුණු ඒ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන නිර්වාණය සාක්ෂාත් කරගත් භික්ෂූණීන්වහන්සේ හත් නමක්.

 

සැවැත් නුවර සිටු පවුලක උපත ලැබූ සෝණා විවාහ වී දරුවන් දස දෙනෙක් ලැබුවා. මේ නිසා “බහුපුත්තික සෝණා” නමින් ඇය ප්‍රසිද්ධියට පත් වුණා. එතුමියගේ සැමියා දරුවන්ට කළ යුතු සියලු යුතුකම් ඉටු කොට මහණ වුණා. දරුවන් සෝණා සතු ඉඩම් කඩම් ආදිය තමන් යටතට ගනිමින් අවසානයේදී තම මවට නොසලකා හරින්නට වුණා. අවසානයේ දී ඇය පැවිදි වෙන්න තීරණය කළා. මහලු වියේදී පැවිදි වූ ඇයට තරුණ භික්ෂුණීන්වහන්සේගේ විවිධ වෙනස්කම්වලට ලක්වන්නට සිදු වුණා. දිනක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමට මෙහෙණිවරෙහි විසූ අනෙකුත් භික්ෂුණීන්වහන්සේලා ගියත් සෝණා මෙහෙණින්වහන්සේව තමන් පැමිණෙන විට වතුර උණුකොට තබන ලෙස පවසමින් ඇයව නතර කර ගියා. වතුර රත් කිරීමට දර සූදානම් කළ සෝණා භික්ෂුණීන්වහන්සේ භාවනාවේ යෙදුණා.මේ බව දුටු භාග්‍යවතුන් වහන්සේ ආලෝක ධාරාවක් එවා සෝණා භික්ෂුණීන්වහන්සේට ධර්ම දේශනාවක් සිදු කළා. එම ධර්ම දේශනාව අවසානයේ දී ඇය රහත් ඵල සාක්ෂාත් කර ගත්තා. සෝණා භික්ෂුණීන්වහන්සේට අධික වීර්යය ඇති භික්ෂුණීන්වහන්සේ අතර අග්‍රස්ථානය බුදුරජාණන්වහන්සේ විසින් පිරිනමනු ලැබුවා.

 

 

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කල පිප්​ඵලී නම් බ්‍රාහ්මණ තරුණයෙක්ව සිටියා. එකල එතුමාගේ බිරිඳ වූයේ භද්දා කපිලානියයි. කල්ප ගණනක් අඹුසැමියන් ලෙස විවිධ භවවලදී හමුවූ මේ දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ  නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. මවුපියන් ගේ බලවත් ඉල්ලීම මත විවාහ දිවියට එළඹුනත් ඔවුන් දෙදෙනා කිසි දිනෙක රාග සිතකින් දෙදෙනා දිහා බැලුවේ නැහැ. අවසානයේදී ඔවුන්ගේ මවුපියන්ගේ මරණයෙන් පසුව දෙදෙනාම ගිහි ගෙය අත් හරින්නට තීරණය කළා. පිප්ඵලී තරුණයා බුදුරජාණන්වහන්සේ හමුවී මහණ උපසම්පදාව ලබා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෙස ප්‍රසිද්ධියට පත් වද්දී භද්දා කාපිලානිය මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ මුණ ගැසී පැවිදිව, වීර්යය වඩා රහත් භාවයට පත් වුණා. පෙර විසූ ජාති සිහි කිරීමට විශේෂ සමත්කමක් දැක්වූ භද්දා කපිලානි මහා රහතන් වහන්සේව පෙර ජාති සිහි කරන භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ බුදුරජාණන් වහන්සේ විසින් පිහිටවනු ලැබුවා.

 

ගිහි කල විශාඛ නම් සිටුවරයාගේ බිරිඳ වුණු ධම්මදින්නා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළා. දිනක් විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ විශාඛ සිටුතුමා අනාගාමී ඵලයට පත්වුණා. අනාගාමී ඵලයට පත් වීමත් සමගම ඔහුගෙන් රාගය ප්‍රහීණව ගියා. නැවත නිවසට පැමිණි සිටුතුමා තමන්ගේ බිරිඳට තමන් පත් වූ මාර්ග ඵලය ගැන කියා ඇයට අවශ්‍ය ලෙස ජීවත් විය හැකි බවත් ප්‍රකාශ කළා. තම සැමියා ලද මාර්ග ඵලය ගැන ඇසූ ධම්මදින්නා තමන්ද පැවිදි වීමට කැමති බව ප්‍රකාශ කළා. ඒ අනුව මෙහෙණවරකට ගොස් පැවිදිව වීර්යය වඩා රහත් භාවයට පත් වුණා. දිනක් විශාඛ සිටු තුමා ධම්මදින්නා මෙහෙණින්වහන්සේ මුණ ගැසී ප්‍රශ්න කීපයක් විමසා සිටියා. එම ප්‍රශ්න වලට මෙහෙණින් වහන්සේ විසින් ලබා දුන් පිළිතුරු වලින් විස්මයට පත් වුණු සිටුතුමා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනු ලැබුවා. ධම්මදින්නා තෙරණින්වහන්සේ  විසින් ලබා දුන් පිළිතුරු අගය කළ බුදුරජාණන් වහන්සේ, ධම්මදින්නා තෙරණින්වහන්සේව ධර්ම කථික භික්ෂුණීන්වහන්සේ අතර අග්‍රස්ථානයේ පිහිටවනු ලැබුවා.

 

ධන ධාන්‍යයෙන් අනූ​නව සිටු ගෙයක උපත ලැබූ කුණ්ඩලකේසී මරන්නට ගෙන යන සොරෙකු කෙරෙහි බැඳී තමන්ට ඔහුව විවාහ කරගතයුතු බව මව්පියන්ට පැවසුවා. තම දියණියට අසීමිතව ආදරේ කළ මවුපියන් විසින් උපක්‍රමයක් යොදා සොරාව ඉන් මුදවා ඇයට විවාහ කර දෙනු ලැබුවා. නමුත් කළගුණ නොදත් සොර දෙටුවා ඇයව පර්වතයක් මුදුනට ගෙන ගොස් ඇගේ ආභරණ මංකොල්ල කා ඇයව මරා දමා පළා යාමට උත්සාහ කළා. නමුත් මෙහිදී උපක්‍රමශීලී වූ කුණ්ඩලකේසී සොරාව පර්වතයෙන් ප​හළ​ට හෙලා නිගණ්ඨ ආරාමයකට ගොස් පැවිදි දිවියට එළඹුණා. නිගණ්ඨ ධර්මයේ පරතෙරටම ඉගෙන ගත් ඇය වාද කරමින් රට පුරා ගමන් කළා. අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේ අතින් පරාද වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ හමුවී එක ගාථාවක් අසා රහත් භාවයට පත් වුණා. එක ගාථාවක් ඇසීමෙන් උතුම් වූ නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට ඇයට හැකි වීම අගය කළ බුදු රජාණන් වහන්සේ වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන්වහන්සේ අතර අග්‍රස්ථානය කුණ්ඩලකේසී මහරහතන් වහන්සේ වෙත පිරිනමනු ලැබුවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here