යටි පතුල් පැලීම සදහට ම නවතන ස්වභාවික සත්කාර 04ක් – Saru News Media

0
3

යටිපතුල් පැලෙන එක බොහෝ යුවතියන් පීඩා විඳින තත්ත්වයක්. මේ තත්වය කායිකව පීඩාවක් වගේම මානසිකවත් ලොකු පීඩාවක්. ආස හිතෙන සෙරෙප්පු දෙකක්වත් දාන්න බැරිකම නිසා මේ තත්ත්වය ඇත්තටම හිසරදයක්.

ප්‍රතිකාර සහ ආලේපන වර්ගවලට අමතරව යටිපතුල් පැලෙනවාට කරන්න පුලුවන් ස්වභාවික සත්කාර මොනවාද?

අපි අද ඒ ගැන කතා කරමු.

ටී ට්‍රී ඔයිල් සහ ඔලිව් තෙල් සත්කාරය

ඔලිව් තෙල් කෝප්ප කාලකට tea tree oil බිංදු හය හතක් එකතු කර ගන්න. 

හොඳින් මිශ්‍ර කරන්න. 

දෙපාවල ගල්වන්න

විනාඩි විස්සක් පමණ තිබෙන්නට හරින්න

මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න

කහ සහ වැල්මී සත්කාරය

කහ කුඩු තේ හැඳි දෙකකට වැල්මී තේ හැන්දක් දමා ගන්න

වතුර ස්වල්පයක් දමා පේස්ට් එකක් සාදා ගන්න

පිරිසිදු කර ගත් දෙපතුල්වල ගල්වා හොඳින් ස්ක්‍රබ් කරන්න.

සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.

ලුණු සහ ඕට්ස් සත්කාරය

ලුණු ග්‍රෑම් සීයකට ඕට්ස් කෝප්පයක් එකතු කරන්න

එයට මී පැණි තේ හැන්දක් ද එකතු කරන්න

පිරිසුදු කරගත් දෙපතුල්වල ආලේප කරන්න

මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

කෝමාරිකා සහ ග්ලිසරින් සත්කාරය

කෝමාරිකා තේ හැදි දෙකක් ගන්න.

එය සහ ග්ලිසරින් මිශ්‍ර කරන්න.

හොඳින් සෝදා ගත් කකුල් වල ආලේප කරන්න

හොඳින් සම්භාහනය කරන්න

මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න

මේ සත්කාර සතියකට දෙවතාවක් පමණ කිරීම දෙපතුල් යථා තත්ත්වයට ගන්නට ඔබට උදව් කරනවා. මේවා නොවරදින සත්කාර සහ පහසු සත්කාර නිසා අනිවාර්යයෙන් කරලා බලන්න.

තොරතුරු සැපයීම – මධූ ජයවීර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here