යූටියුබ් එකට ආපු දන්න කියන නිවේදකයෝ – Saru News Media

0
6

මීට අවුරුදු පහකට විතර කලින් යූටියුබ් එකේ වැඩිපුරම හිටිය නිර්මාණකරුවෝ බොහෝදෙනෙක් යූටියුබ් වෙත යොමු වුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලා වලින් තමන්ට කිසිදිනක ඉඩකඩක් ලැබෙන එකක් නැහැ කියන සිතුවිල්ල උඩ. ඇතැම් නිර්මාණකරුවෝ පස්සෙ කාලෙකදි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තිබ්බේ ආධුනික තමන්ට මාධ්‍ය ආයතනවලින් සිද්ධ වෙච්ච කෙනෙහිලිකම් නිසා  තමන්ගෙම කියලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගෙන නිර්මාණ කරන්න පටන් ගත්තා කියලා. ඊට පස්සේ මාධ්‍ය ආයතනවලින් මේ නිර්මාණකරුවන්ව තමන්ගේ වැඩසටහන් සඳහා දායක කරගන්නට පටන් ගත්තා. හැබැයි මේ වෙද්දි අපිට දකින්න තියෙන රැල්ල තමයි මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත මේ වෙනකොට කෙමෙන් කෙමෙන් යූටියුබ් එකට සංක්‍රමණය වෙනවයි කියන එක. අපි අද කතා කරන්න යන්නේ නිවේදකයන් විදිහට ගමන ආරම්භ කරලා අද වෙනකොට සාර්ථකව යූටියුබ් චැනල් පවත්වාගෙන යන කීපදෙනෙක් ගැන.

 

 

සමාජ මාධ්‍ය ජාලාවල දුක් අහන අයිය විදිහට ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන ලහිරු අද වෙනකොට ලංකාවේ යූටියුබ් වපසරිය  ඇතුළේ ඉන්න ජනප්‍රියම පූරකයා විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු යූටියුබ් චැනල් එකට පමණක් සීමා නොවී හරි TV නමින් මාධ්‍ය ජාලයක්ම පවත්වාගෙන යනවා. ගොඩක් අය දන්නෙ “Stand by with Lahiru” වැඩසටහන විතරක් වුණාට පොඩ්ඩක් ඒ චැනල් එක ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම ඊට එහා වැඩක් කරන්න ලහිරු ඇතුළු කණ්ඩායම උත්සාහ කරනවායි කියලා ඔබට තේරෙයි.

 

 

ස්වර්ණවාහිනිය සන්නාමය සමඟ එකට බැඳිලා හිටිය හරින්ද්‍ර ජයලාල් අවුරුදු 17ක් තිස්සේ සහභාගි වුණු අමාදහර වැඩසටහනින් ඉවත් කිරීම ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලයන් තුළ විශාල විරෝධයක් එල්ල වුණා. හරින්ද්‍ර නිවේදකයෙකු ලෙස කෙතරම් සාමාන්‍ය ජනතාවට සමීප පුද්ගලයෙක්ද කියන එක ඒ තුළිනුත් වැටහෙනවා. හරින්ද්‍ර තමන්ගෙ යූටියුබ් නාලිකාව තුළින් විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයන් සමග සංවාද ඉදිරිපත් කරන අතර ඒ හැම සංවාදයකම යම් ප්‍රමිතියක් පවත්වාගෙන යන්න ඔහු උත්සාහ කරනවා. 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here