ලෝකයම කළඹන්න සමත් වුණු ඇමරිකා​නු ඉතිහාසයේ සුපර් ලීක්ස් – Saru News Media

0
5

හොඳ සමාජයක් හැදෙන්න මාධ්‍ය වලට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්. අපේ රටේ නම් විශ්ලේෂණාත්මක මාධ්‍යවේදීන් නොමැති තරම්. අපේ මාධ්‍යවල බොහෝවිට දේශපාලකයින්, නිලධාරීන් කියන මතුපිට කරුණු පමණක් වාර්තා කරනවා. ඒ කරුණු වල ඇත්ත නැත්ත, ඒ දේවල් ගැන සොයා බැලීමක් වෙන්නේ නැති තරම්. ලීක්ස් කියන්නේ මාධ්‍ය වලට හොඳ ඉල්ලමක්. ඒ හරහා නව මානවල තොරතුරු සොයා යන්න, ඒවා මහජනයාට දෙන්න මාධ්‍යවේදීන්ට අවස්ථාව හම්බ වෙනවා. ඒ විදිහට අමරිකාවේ සිද්ද වෙච්චි ලොකු ලොකු එළිදරව් කිරීම් සිදු ක​ළ ලීක්ස් මොනාද කියල අපි ටිකක් සොයා බලමු.

 

විකිලීක්ස් හරහා ඉන්ටනෙට් මූලික වූ විශාල රහස් දත්ත ප්‍රමාණයක් ලෝකයට එළිදරව් කළා. ඒ අතර අමරිකාව ඉරාකේදී කළ කී දෑ ඇතුළත් දත්ත ගොනු 391,832ක් අන්තර්ජාලයට මුදා හැරලා තිබුනා. ඒ වගේම තවත් ගොනු 77,000ක් හරහා අමරිකාව ඇෆ්ඝනිස්තාන යුද්ධයේදී කළ කී දෑ එළිදරව් කරන්නට විකිලීක්ස් කටයුතු කළා. විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්, ගාඩියන්, නිව්යෝක් ටයිම්ස් හරහා ඒ දත්ත ලෝකයට ඉදිරිපත් කළා. ඉරාකයේදී සිදුවුණු ඇමරිකානු මෙහෙයුම් මගින් සිවිල් වැසියන් 15,000ක් පමණ මියගිය බවට අසාන්ජ් විසින් ලීක් කළ තොරතුරු වල තිබුනා. අමරිකාව ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන යුද්ධ කරනවායැයි කීවත් සාමාන්‍ය ජනයාත් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව විකිලීක්ස් හරහා ලෝකයා දැනගත්තා.

 

රිචඩ් නික්සන් ඇමරිකාවේ ප්‍රබල ජනාධිපතිවරයෙක්. රුසියාව චීනය සහ එවකට පැවති වියට්නාමය ගැනත් අමරිකානු මැදිහත්වීම් හොඳ පැත්තට කෙළවර කරන්න තරම් ජනපති නික්සන් දක්ෂයෙකු වුනා. ඒත් දෙවන වර ඔහු ජනපති පුටුවට පත්වෙන්න කරපු යටිකූට්ටු නූල්සුත්තර වැඩ දෙවනි ධූර කාලයේ මැදදි එළිදරව් වුනා. ඒත් එක්ක කොච්චර ප්‍රබල පුටුවක හිටියත් නික්සන් ට ඒ ඇමරිකානු ජනාධිපති පුටුව දාල යන්න සිද්ද වුනා. මේකට මැදිහත් වුන මාධ්‍යවේදීන් ලෙස බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටයින් ඉතිහාසගත වෙනවා.

 

නිව්යෝක් ටයිම්ස් හරහා එළිදරව් වුන මේ පෙන්ටගන් පේපර්ස් වල එවකට පැවති වියට්නාම යුද්ධයේ සැබෑ ස්වරූපය ගැන එළිදරව් වුනා. ඒ හරහා අමරිකානු හමුදාව කාම්බෝජයේ සහ උතුරු වියට්නාමයේ වෙරළ තීරවලට කරපු බෝම්බ හෙලීම් ගැන විස්තර තිබුනා. මේ තොරතුරු එළිදරව් කළේ ඇමරිකානු මිලිටරි ඇනලිස්ට් කෙනෙක් වුන ඩැනියෙල් එල්ස්බර්ග් විසින්. පිටු 4,100ක් අධ්‍යයනය කරලා කරපු මේ හෙළිදරව් නිසා මේ මාධ්‍යවේදියාට රහසිගත තොරතුරු එළිදරව් කිරීම නිසා නඩු හබ වලට පැටලෙන්නත් වුනා. ඒත් නීතියේ තර්ක විතර්ග රාශියක් මැද ඒ නඩු කටයුතු වලින් මාධ්‍යවේදියාව ගැලවුනා.

 

2003 දී ඉරාකය ආක්‍රමය කරන්න අමරිකාව හේතු විදිහට දුන්නේ ඉරාකය සතුව රසායනික සහ පරමාණුක අවි තියනවාය කියන කාරණාව. ඒ හරහා ඉරාකය බොහොම නරක රටක් වෙන්න හැකිය කියලා අමරිකාව ලෝකයම බය කරා. ඒ වෙලාවෙ ඉරාකයට පරමාණු අවි හදන්න ඕනි කරන යුරේනියම් බටහිර අප්‍රිකාවේ නයිජර් වලින් යෙලෝ කේක් විදිහට එනවා කියලා ඇමරිකාව කිව්වා. ඒත් ඒවා ගල්පැලෙන බොරුය කියලා ඒ කාලේ එළිදරව් වුනා. මේ එළිදරව්ව කළේ රොබර්ට් නොවාක් කියන මාධ්‍යවේදියෙක්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here