විභාගය හෙට… අද මම මොනවද කරන්න ඕනේ? කළයුතු දේ මෙන්න! – Saru News Media

0
5

අද අපි කතාකරන්න හිතුවේ වෙනස්ම මාතෘකාවක්. විභාගය හෙට නම්, විභාගෙ දවසෙයි ඊට කලින් දවසෙයි මොනාද කරන්නේ ඕනේ කියලා තමයි අද අපි කියන්නේ. ඒ වගේම මේ ලිපියෙන් විභාගෙකට කලින් අපි කරන වැරදි ගොඩක් ගැනත් කතාකරන්න අපි හිතුවා.

 

මෙන්න මෙතන තමයි ගොඩාක් අය වරද්ද ගන්න තැන. හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් විභාගේ හෙට නම් අද නිදිවරාගෙන පාඩම් කරන්න මුළු රෑ තිස්සෙම. මේක නම් ගොඩාක් වැරදි පුරුද්දක්. ඒකේ ප්‍රතිඵලය තමයි අන්තිමේදී ඔයාගේ ටෙන්ශන් එක ආතතිය ගොඩාක් වැඩි වෙන එක. සාමාන්‍යයෙන් විභාගෙට කලින් දවසේ ඔයා ඉන්නේ ලොකු ටෙන්ශන් එකක. මේකෙන් ඒක ගොඩාක් වැඩි වෙනවා. ඒ වගේම නිදි වරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි.

 

කලින් කිව්වේ අපි නිදි වරාගෙන පාඩම් කරන්න එපා කියලනේ. දැන් කියන්නේ විභාගෙ දවසේ වේලපහම නැගිටින්න කියලා. සාමාන්‍යයෙන් එදාට වෙනදා නැගිටිනවට වඩා ටිකක් වේලපහින් නැගිටින්න. ඒකේ වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් උදෙත් නෝට්ස් ටිකක් පාඩම් කරන්න බලන්න. ඒ වගේම ඔයාට පුළුවන් වේලාසනම විභාග ශාලාවටත් යන්න. ඒක විභාගයට සාර්ථකව මුහුණ දෙන්න හොඳ මානසික සූදානමකුත් ගෙන දේවි.

 

ගොඩාක් අය අවධානය යොමු නොකරන තවත් වැදගත් මාතෘකාවක් තමයි මේක. එදාට කෑම ගනිද්දි විශේෂයෙන් තමන්ට ඇලර්ජි වෙන, බඩේ අපහසුතා ගෙන දෙන විදිහේ දේවල්  කෑමට ගන්න එපා. ගෙදරින් සැහැල්ලු කෑමක් පිරිසිදුව කන්න පුරුදු වෙන්න. ඒ වගේම කිරිබත් වගේ කෑමක් කෑවම සමහර අයට නින්ද යනවා. එහෙම තත්ත්වයක් තියනවනම් ඒ වගේ කෑමක් කන්නත් එපා…

 

මේක විභාග ශාලාවේ ඉද්දි වෙන වැරැද්දක්. ගොඩාක් අය විභාගෙ අන්තිම මොහොතේදි වේලාසනම විභාග ශාලාවට ගිහින් පාඩම් කරන්නෙ යාළුවොත් එක්ක. මෙතනදී ගොඩාක් වෙන වැරැද්දක් තමයි යාළුවොන්ගෙයි ඔයාගෙයි දැනුම සංසන්දනය වෙන එක. මේ හින්දම ඔයාගේ ආතතියත් ගොඩක් වැඩි වෙනවා. විභාගෙට වඩා ඔයාට එතකොට හිතෙන්න පුළුවන් “මට මෙයාලට වඩා ලකුණු ගන්න බැරි වෙයිද? අයියෝ ඒක විභාගෙට එයිද?” වගේ මනස්ගාත.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here