ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට වාරණ නියෝග තුනක්.

0
9

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් ද තවත් වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබෙන බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

වැඩබලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද එහිදී අධිකරණය නිකුත් කරනු ලැබුවා.

මහින්ද අමරවීර,  ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබෙන අතර එය මැයි මස 08 දක්වා බල පැවැත්වෙන බවයි එම නියෝගයේ සඳහන් වී ඇත්තේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here