සාර්වරුන් ගැන රසකතා – Saru News Media

0
6

රුසියානු විප්ලවය ඇති වීමට පෙර ලෝකයේ සිටි බලවත්ම පුද්ගලයා වූයේ රුසියාවේ සාර්වරයායි. ඔහුගේ වචනය රටේ උත්තරීතර නීතිය බවට පත්වුණා. අපි මේ වෙනකොට සාර්වරුන්ගේ සමය පිළිබඳව ආටිකල් කීපයක්ම ඔබ වෙත ගෙන ඇවිල්ලා තියනවා. අපි අද කතා කරන්න යන්නේ සර්වරු සම්බන්ධ රස කතා කීපයක් පිළිබඳවයි.

 

ජර්මානු රජ කුමරියක් විදිහට ඉපදිලා විවාහය සඳහා රුසියාවට ආපු ඇය අවසානයේ දී තමන්ගේ සැමියාව බලයෙන් පහ කරලා රුසියාවේ උත්තරීතර පාලිකාව බවට පත්වුණා. මේ කාලයේදී කෝපි පානය සැලකුණේ පිරිමින්ටම පමණක් වෙන්වුණු පානයක් විදියට. සාමාන්‍ය කිසිම පිරිමියකුට නොදෙවෙනි බව පෙන්වන්න උත්සාහ කරපු මහා කැතරින් අධිරාජිනිය තම සෑම උදෑසනක්ම ආරම්භ කරේ කුඩා කෝපි කෝප්ප දෙකක් බීමෙන් අනතුරුවයි. නමුත් මෙම සෑම කෝප්පයක් සඳහාම කෝපි හැඳි හයක් පමණ ‍යෙදීමට සේවකයන්ට ඇය විසින් අණ ලබාදී තිබුණා. එකල පැතිර ගිය කතාවකට අනුව එක්තරා රාජ්‍ය නිලධාරියෙකුට ඇය තම කෝපි කෝප්පයක් ලබාදී ඇති අතර එය බීමෙන් පසුව ඔහුගේ හදවත ගැහීමේ වෙිගය ඉහළ යෑම නිසා වෛද්‍යවරයෙකු කැඳවීමට පවා සිද්ධ වී තිබෙනවා.

 

රුසියාවේ අවසාන සාර් වරයා වූ දෙවැනි නිකලස් ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට ප්‍රිය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධයි .දිනකට සිගරට් 25 ක් පමණ පානය කළ ඔහු බිරිඳට රහසින් තම දියණියන්ටත් සිගරට් බීමට කියා දුන් බව කියවෙනවා. කෙසේවෙතත් මේ පුරුදුවලට අමතරව ඔහුහට තව අපූරු පුරුද්දක් තිබී තිබෙනවා. ඒ ඔහුට ලැබෙන ආභරණ සියල්ල පිළිබඳව සටහන් පොතක සටහන් තබා ගැනීමයි. මේ පුරුද්ද පළවෙනි ලෝක යුද්ධය පැවැත්වෙන කාලය තුළ දී  පවා ඔහුගෙන් ගිලිහී ගොස් තිබී නෑ.

 

 

රුසියානු සාර් වරුන් අතරින් දුම්පානය නොකළ එකම සාර්වරයා ලෙස සැලකෙන්නේ පළමු නිකොලොසුයි. නමුත් ඔහුගේ ආහාර රටාව නම් එතරම් සෞඛ්‍යසම්පන්න වුණේ නැහැ. රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කළ ඔහු හවස් කාලය තුළ පිපිඤ්ඤා වලින් සාදන ලද අච්චාරු  වල ඉස්ම හැඳි කීපයක් පානය කිරීමට පුරුදුව සිටියා. එසේම උදේ ආහාරය ලෙස ඔහු ලබා ගත්තේ තේ, පාන් සහ අච්චාරු වර්ග පහක්. 

 

තුන්වෙනි පීටර් අධිරාජයාගේ ළමා කාලය අතිශය දරදඬු නීති රීතිරීති යටතේ පාලනය වුණු ළමා කාලයක් වුණා. මෙම කාලය තුළ සෙල්ලම් කිරීම ඔහුට තහනම් වූ අතර අනාගත සොල්දාදුවෙකු බවට පත්වීමට කුඩා කාලයේ පටන්ම ඔහුව පුරුදු පුහුණු කරනු ලැබුවා. මේ නිසාම වැඩිවියට පත් වී ස්වාධීනත්වයට පැමිණීමෙන් පසුව පවා ඔහු තමාට මග ඇරුණු ළමා කාලය වෙත යෑමට ප්‍රිය කළා. එහි ප්‍රතිඵලය වූයේ බෝනික්කන් සහ රූකඩ සමඟ සෙල්ලම් කිරීමට ඔහු ප්‍රිය කිරීමයි. ඔහුව බලයෙන් පහකොට රාජ්‍ය බලයට පත් මහා මහා කැතරින් අධිරාජිනිය විසින් පසුව හෙළි කර ඇති පරිදි ඔවුන් දෙදෙනා කාමරය තුළ තනි වූ රාත්‍රී වලදී පීටර් උදෑසන වනතුරු සිදුකොට ඇත්තේ බෝනික්කන් සමග සෙල්ලම් කිරීමයි. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here