හිසේ කැක්කුම පටස් ගාලා හොඳ කර ගන්න. – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

හිසේ කැක්කුමට දත් බෙහෙතක්-අපේ දත් ස්නායු සමග සම්බන්ධයි. මේ
නිසා අපිට දතේ කැක්කුම දරාගෙන ඉන්න අමාරුයි. සමහර අයගේ දතේ කැක්කම නැති වුනාට මෙය
හිසේ කැක්කුමක් ලෙසට දැනෙනවා. ඉතින් මට හිතුනා අපේ වහරක ස්වාමීන් වහන්සේ විසින්
අපිට කියා දීපු දත් බෙහෙතක් ගැන කියා දෙන්න. මුලින්ම අපි උන්වහන්සේට අපගේ නමස්කාර
පූර්වක ස්තූතිය පුදකර සිටිමු.අපි ලිඳක් ඉස්සහම අගුරු දානවා නේද? දැන්
ලෝකයේ තියෙන හොඳම විෂ අවශෝෂණය වන දුව්‍යක් විදිහට ගන්නේ ඇක්ටිව් කාබන්. මේ සැම
තැනම ඇත්තේ කාබන්. අපි මේ දත් බෙහෙත මගින් කරන්නට හදන්නේ කාබන් යොදාගෙන ස්නායු සහ
දත් මුල් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක්. අපි මේ කාබන් සොයාගන්නේ ඖෂධ දෙකක්
ආධාරයෙන්මේ දත් බෙහෙතෙන් දත් මැද්දම විටින් විට හැදෙන හිසේ කැක්කුමක් සුව වෙනවා.
මෙම දත් බෙහෙත මගින් කරන්නේ දත් මුල් හරහා ගොස් ස්නායු පිරිසිදු කරන එක. ඉතින්
මෙසේ ස්නායු පිරිසිදු වුනාම අර ආපු කැක්කුම නැතිව යනවා. මිග්රේන් වගේ තත්වයක් නම්
ස්ම්පූර්ණයෙන් සුව වෙන එකක් නැහැ. ඒත් එක පැත්තක් විතරක් රිදෙන හිසරදය තියෙන අයට
බොහෝ විට ඇත්තේ මේ හිසරදයයි. කොහොමත් හැමෝම මේ ක්‍රමය අනුගමණය කරන එක හොදයි. වරදක්
වෙන්නේ නැහැනේ. එපමණක් නොව මෙම දත් බෙහෙත දත් මුල් දියවෙන එකටත් හොදයි. අපි බලමුු
හදන විදිහ.

මේ දත් බෙහෙතට ගන්නේ-/ඇට නැතිව අරළු ගෑම් 100 /කරුංකා
ගෑම් 100/කරාඹු නැටි ස්වල්වල්පයක්. ලුණු ටිකකුත් එක්කරගත්තාට කමක්
නැහැ./හදන්නේ මෙහෙමයි.කරුංකා ටික කබලක දාලා බදිනවා ගිණි ගන්නකම්. අගුරු වුනාට
පස්සේ බාලා නිවෙන්නට තියෙනවා. අළු වෙන්න දෙන්න එපා. දැන් කුඩු කරලා පෙනේරයකින් හලා
ගන්නවා.අරළු ටික කැබලි කර කබලක බදිනවා. දූඹුරු පාට වනතුරු බැද්දම ඇති. දැන් මේ
ටිකත් දැන් බ්ලෙන්ඩරයක දාලා කුඩු කරගෙන පෙනේරයකින් හලා ගන්නවා.කරාඹු නැටි ටිකත්
හොදට කුඩු කරගන්නවා. ලුණු නම් කුඩු ගන්න තියෙනවා නේ.දැන් මේ සියලු දේවල් එකට දාලා
හොදට කලවම් කර ගන්නවා. මේක හොද දත්බෙහෙක්. මේ දත් බෙහෙත දැන් බෝතලයක දාලා තියාගෙන
පාවිච්චි කරන්න පලුවන්.රෑට නිදාගන්නට පෙර මේ දත් බෙහෙත් ටිකක් අරගෙන බ්‍රෂ් එකකින්
හරි ඇගිල්ලෙන් හරි දත් ටික මදිනාවා. හොදට දත්මුල් වල ගැවෙන්න ඕනි. ටික වේලාවක්
මැදලා කට හොදනවා. හැබැයි කට සම්පූර්ණයෙන් හෝදන්නේ නැහැ. කටේ කහට ගතිය ඉතිරි වෙලා
තියෙන්න ඕනි. මේ නිසායි සම්පූර්ණයෙන් කට හෝදන්නේ නැත්තේ. මේ විදිහට මාසයක් විතර
කරලා බලන්න අර තිබුන හිසරදය තියෙනවාද කියලා.ඉස්සර අපේ සීීයලා කටේ අරළු ගෙඩියක්
තියාගෙන හිටියා මට මතකයි. ඒ අයට දැන් වගේ දත් අමාරුත් නැහැ, හිසේ
කැක්කුමක් තිබනෙත් නැහැ. දැන් වගේ බාම් වර්ග තිබුනෙත් නැහැ.කරලා බලලා තොරතුරු
දන්වන්න.අනිත් අයත් හිසරදයක් නැතිව ඉන්නවාට කැමති නම් ෂෙයාර් කරලා උදව් කරන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here