90 දශකයේදී අපි ටෙක්නොලොජි එකත් එක්ක කාපු කටු මෙව්වා තමයි – Saru News Media

0
5

ඒ කාලේ මෙහෙමයි කියලා අපි ඉස්සර කාලේ අපිට තිබුණු ප්‍රශ්න ගැන කියනකොට, ඔය දෙදහෙන් පස්සේ ඉපදුණු දරුදැරියෝ ඇස් දොඹ ගෙඩි කරගෙන බලාගෙන ඉන්නේ හරියට ගල් යුගෙන් ආපු නියැන්ඩතාල් මානවයෝ දිහා බලනවා වගේ. හරි, දැන් වෙනකොට තිහ හතළිහ වයස් වල ඉන්න අපි කොල්ලො කෙල්ලො වෙලා හිටියේ 90 දශකේ, 2000 දශකේ වගේ තමයි. හැබැයි ඒ කාලේ තිබුණු ටෙක්නොලොජීස් පහුගිය අවුරුදු පහළොව, විස්ස ඇතුළතදී අතිවිශාල විදියට වෙනස් වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි දැං කාලෙ තියෙන ටෙක්නොලොජීස් එක්ක ඉස්සර අපි ටෙක්නොලොජි එක්ක පට්ට කටු කෑවා කියන්නේ!

 

ඇත්තටම 80, 90 දශක වල අපි ටෙක්නොලොජි පාවිච්චි කරපු හැටි ගැන මීට කලිනුත් Saru News Media එකේ ලියලම තියෙනවා. එහෙමනම් අද කියෝලම බලන්ඩකෝ ඉස්සර අපි ටෙක්නොලොජි යූස් කරපු විදිය බලනකොට අපිට මල් තියලා වඳින්න ඕන නැද්ද කියලා!

 

දැන් කාලේ ෆිල්ම් එකක්, ගේම් එකක්, සිංදු ටිකක් වුනත්, වෙන මොනවහරි ඩේටා වුනත් හුවමාරු කරගන්න තියෙන්නෙ කොහොමද? ඊසි. පෙන් එක හරි එක්ස්ටර්නල් හාඩ් එක හරි අරං ගියා, ගැහුවා, එච්චරයි. හැබැයි මහත්තයෝ අපේ කාලෙ එහෙම ලේසි පාරවල් තිබ්බෙ නෑ. ඔන්න කොම්පියුටර් එකේ කේසින් එක ගලෝලා, හාඩ් ඩිස්ක් එක ගලෝගන්නවා. දැන් අරං යනවා යාලුවගේ ගෙදර. උගේ කොම්පියුටර් එකේ කේසින් එක ගලෝලා, අපේ හාඩ් එකේ සෙටින්ග්ස් ස්ලේව් බවට හරෝලා, අර පත රිබන් එකයි, පවර් සප්ලයි එකයි ගහලා, පොත් දෙක තුනක් උඩින් අඩේට තියනවා. දැන් කොම්පියුටර් එකට වැඳලා ඔන් කරලා බලනවා හාඩ් එක අරගෙනද කියලා!

ඔය මාස්ටර්/ස්ලේව් විදියට ජම්පර්ස් සෙට් කරන එක දැනං ඉන්න එකත් ඒ කාලේ හෙනම සීන් එකක් කියලා තමයි අපි හිතං හිටියේ!

 

දැන් අපිට ඔය අට නවය දහය වසර වලදී තිබුණු සංගීත උණ තියෙනවනේ. විශේෂයෙන්ම බැක්ස්ට්‍රීට් බෝයිස්, එන්-සින්ක්, බෝයිසෝන් වගේ බෝයි බෑන්ඩ්ස් වලට අපි පිස්සු වැටිලා හිටියට, අපි ඉතින් එවුන් එක්කම සිංදු කිව්වේ ඇහෙන විදියට තමයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි ඉස්සර කිව්වේ “ක්වික් ප්ලේයින් ගේම්ස් විත් මයි හාට්” කියලා! ඕක ක්වික් නෙවෙයි ක්විට් කියලා දැනගත්තේ සෑහෙන්න පහු වෙලා.

හරි, කතන්දරේ ඒක නෙවෙයි. දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා, ඔය සිංදු උණ තදේටම නැගලා යනකොට අපිට ඕන වුනා ඇත්තම පද මාලා හොයාගන්න. එතකොට අපි කරන්නේ සයිබර් කැෆේ එකකට ගිහින්, පැයට රුපියල් සීයක් දීලා ලිරික්ස් සර්ච් කරලා බලලා, ඒවා වර්ඩ් ඩොක් එකකට කොපි කරලා, කැෆේ එකේ අයියට කොළේට රුපියල් 5 ගාණේ දීලා ප්‍රින්ට් අවුට් ගන්න එක. ඔහොම හදාගත්තු ලිරික්ස් ප්‍රින්ට්-අවුට් ෆයිල් පිටින් අපි ගාව තිබ්බේ ඒ කාලේ!

 

දැන් අපි ඔබව අරගෙන යනවා අපි කම්පියුටර් අතපත ගාන්න පටන් ගත්තුම යුගේට. ඒ කාලේ අපිටම කියලා කම්පියුටර් නෑ. තිබ්බත් හාඩ් ගලෝගෙන සයිබර් කැෆේ වලට එන්ඩ බෑනේ. අන්න එතකොට අපි පාවිච්චි කළේ ෆ්ලොපි ඩිස්ක් තමයි. එතකොට ෆ්ලොපි ඩිස්ක් වල මොනාද වැඩිපුරම දාගෙන ආවේ? වෙන මොනවද, එක එක නිළි අක්කලාගේ, නළු අයියලාගේ ෆොටෝස් එහෙම තමයි. මෙගාබයිට් එකහමාරක මෙමරි එකක වෙන මොනවා දාගෙන එන්ඩද ආයිබොවං! දැං ඉතින් HD රෙසොලුෂන් ගැන එහෙම කියලා අපිට විහිළු කරනවා එහෙම නෙවෙයි හොඳේ!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here