පොඩ්ඩන්ට ලේසියෙන්ම ස්මාට්ෆෝන් වල වැඩ කරගන්න පුළුවන් ඇයි? – Saru News Media

0
10

“බලන්න මේ අපේ දරුවට ඕනි ෆෝන් එකක් විනාඩි දෙකෙන් අල්ලගන්න පුළුවන් නේ?” කියලා දෙමාපියන් කියනවා. ඒ වගේ ස්මාට්ෆෝන් එක පාවිච්චි කරන්න දරුවන් හොඳින් හුරු වීම දෙමාපියන් ආඩම්බරයක් විදිහට දකිනවා. එහි යම් වාසියක් තියෙනවා තමයි. ඕනිම තාක්ෂණික දෙයක් හුරු වීම හොඳයි. ඒත් ස්මාට්ෆෝන් කියන්නේ ඉගෙනගන්න අමාරු දෙයක් නෙමෙයි. ඒක අපේ ගෙවල්වල ඉන්න අවුරුදු හැත්තෑව, අසූව වෙන ආච්චිලා සීයලාටත් හසුරුවන්න පුළුවන් වෙන්න හදන බඩුවක් නිසා ඒ ස්මාට්ෆෝන් හැසිරවීම ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නැහැ.

 

මීට අවුරුදු විස්සකට ඉස්සර පරිගණක යන්ත්‍රයක් එකලස් කරන එක ගේම් එකක් වගේ දෙයක්. ඒකට ටිකක් දැනුම ඕනි. ඒත් ෆෝන් එකක් කියන්නේ හොඳට ගාණට උයලා පිළිගන්වලත් තියෙන කෑම වේලක් වගේ. ඕනි කරන හැම දේම තියෙන එක බොත්තමකින් පණ ගන්වන්න පුළුවන් පොඩි උපාංගයක්. ඉතින් සයිස් එකෙන් පොඩි වීම සහ හාඩ්වෙයාර් අනුව හසුරුවන්න පහසු වීම මේ ස්මාට්ෆෝන් හිට් වෙන්න බලපෑවා.

 

 

මොබයිල් ඕඑස් මුළු ලෝකෙටම තියෙන්නෙ දෙකයි. වර්ෂන් අතර සුළු වෙනස්කම් තිබුණත් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අනෙකට ආසන්නව සමානයි. ෆෝන් වර්ගය අනුවත් මේ ඕඑස් වෙනස් වෙන්නේ අඩුවෙන්. කොටින්ම අපි රූපවාහිනී දුරස්ථ පාලකයක් ගත්තා වුණත් ඒකේ බොත්තම් තියෙන විදිහ, ඒකේ මෙනු එක තියෙන විදිහ ටීවී වර්ගයෙන් වර්ගය ගොඩක් වෙනස්වෙනවා. වෙනත් ගෙදර දොර උපකරණ වුණත් එහෙමයි. ඒත් මොබයිල් ෆෝන් ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන මූලික මෙහෙයුම් පද්ධති වලින් එන නිසා එකක් යාන්තමට හුරු වුණ කෙනෙක්ට තව එකකට හුරු වෙන එක කජු කනවා වගේ ලේසියි.

 

 

මුල් කාලේ ආපු ස්මාට්ෆෝන් නම් ටිකක් වැඩ කරන්න අමාරු නවතින ඒවත් වුණා. ඒවායේ තිබුණ රැම්, ප්‍රොසෙසර් සහ අනෙකුත් හාඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් වල දෝෂ තිබුණ නිසා සමහර ස්ටෙප් වලදි හිර වුණා. ඒත් දැන් ගොඩක් බේසික් ස්මාට්ෆෝන් වල පවා ක්වඩ් කෝ සහ ගිගාබයිට් කිහිපයක රැම් එකක් එනවා. ඒ එක්ක ෆෝන් එක ලොවෙත් හිර වෙන්නේ නම් නැහැ. ඒ කියන්නේ පොඩි කෙනෙක් ඇවිත් ෆෝන් එක අන්ලොක් කරාට පස්සේ මොනවා එබුවත් ආයේ ඒක හිර වෙලා නවතින කේස් එක අඩුයි… 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here