කාර්‍යබහුල ඔබට නිවස පිරිසිදු කරන්න පහසු ක්‍රමයක් – Saru News Media

0
4

ඔබේ නිවස පිරිසිදුව තියාගන්න එක ඔබේ වගකීමක් . විශේෂයෙන්ම මේ දවස් වල බොහෝ විට නිවසේ සියලු දෙනාම රැඳෙන නිසා එය පිරිසිදුව මෙන්ම විෂබීජවලින් තොරව තබා ගැනීම වැදගත්. ගෘහණියක් හැටියට නිවසේ අනෙක් කටයුතු ඉටු කරන ගමන් නිවසේ පිරිසිදු බව පවත්වාගෙන යන්නේ කොහොමද ? මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ නිවස පිරිසිදුව තබා ගන්න ඔබට පහසුවක් ගෙන දෙන සැලසුම් ගැනයි

නිවස පිරිසිදු කිරීම ඇතැම් විට ඔබට කරදරකාරී දෙයක් ලෙස හැඟෙන්නට පුළුවන් .එසේ වෙන්නේ බොහෝ වෙලාවට ඔබ සති අන්තයේ එක දිනකදී එක දිගට මුළු නිවසම පිරිසිදු කිරීමට යොදා ගන්නා නිසා වෙන්නට පුළුවන්. නමුත් ඔබ මේ පිරිසිදු කිරීමේ කාර්යය නිසි සැලසුමක් ඇතිව සිදු කරනවානම් පිරිසිදු කිරීම ඔබට තවදුරටත් තව දුරටත් කරදරයක් නොවේවි

කොහොමද පිරිසිදු කිරීමේ සැලසුමක් සකස් කර ගන්නේ ?

ඔබට ගැලපෙන සැලසුම තෝරා ගන්න

පිරිසිදු කිරීම කළ යුත්තේ කවදාද සහ කොපමණද යන්න ඔබ තීරණය කළ යුතුයි . එයට හේතුව වන්නේ නිවසේ කාලය ගත කරන කාර්යබහුල මවකගේ ජීවන රටාව සහ රැකියාවකට යන කාන්තාවකගේ ජීවන රටාව එකිනෙකට වෙනස් නිසාය. එම නිසා ඔබ ඔබේ ජීවන රටාවට ගැලපෙන අයුරින් මෙම සැලැස්ම සකස් කර ගත යුතුයි .ඒ වගේම සති අන්තයේ දින දෙකක් තුළදී පිරිසිදු කිරීම සිදු කරනවාද එසේ නැතිනම් සතියෙ අනෙක් දිනයන් වලදී ටිකෙන් ටික පිරිසිදු කරනවාද යන්නත් ඔබ තීරණය කළ යුතුයි .

මෙහිදී ,

දිනපතා වේගයෙන් පිරිසිදු කිරීම ,සෑම දිනකම නිවසේ එක් කොටසක් පමණක් පිරිසිදු කිරීම , මුලු නිවසම සති අන්තයේ දින දෙකක් තුළ පිරිසිදු කිරීම යන විකල්පයන් ද ඔබට තෝරාගත හැකියි .

ඒ විතරක් නොවේ , පිරිසිදු සහ අලංකාරවූ නිවසක් සඳහා කල යුතු දේවල් මොනවාද කියාත් ඔබ සිතා බැලිය යුතුයි.

ඔබේ කාලසටහන සකස් කර ගන්න

මේ සඳහා ඔබට ඔබේ දුරකථනයේ දුරකතනයේ සටහනක් හෝ සටහන් පොතක සටහනක් තබා ගත හැකියි .

ඔබ තෝරාගන්නේ මුළු සතිය පුරාම නිවසේ එක් කොටසක් බැගින් පිරිසිදු කිරීම නම් පළමු දිනයේදී ඔබ පිරිසිදු කරන්නේ නිවසේ කුමන කොටසද යනුවෙන් එක් එක් දිනයට අදාළ එක් එක් කොටස වෙන් කර ඔබ සටහන් කරගත යුතුයි. විසිත්ත කාමරයේ සහ නිදන කාමරවල ගෘහ භාණ්ඩ තබා ඇති පිළිවෙළ ඔබ සතියෙන් සතිය වෙනස් කරනවා නම් ඒ පිළිබඳවත් කිසියම් සැලසුමක් ඔබට තබාගත හැකියි .

අනිවාර්‍ය කාර්යයන්

නිවසක් පිරිසිදු කිරීමේ දී ඔබ දිනපතා ම පාහේ අනිවාර්යෙන් පිරිසිදු කළ යුතු ස්ථාන තිබෙනවා. මුලුතැන්ගෙය සහ නාන කාමරය යනු දිනපතා පිරිසිදු කළ යුතු ස්ථාන ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් එම ස්ථාන deep clean කිරීම සඳහා ඔබට වෙනමම දිනයක් වෙන්කර තබා ගත හැකියි.

සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය

home cleaning

ඔබ සකස් කරගත් සැලසුමට අනුව එය ක්‍රියාත්මක කරන්නේ කෙදින සිටදැයි ඔබ ඊළඟට තීරණය කළ යුතු වෙනවා .මුලදී ඔබට මෙය තරමක අපහසු කාර්යයක් විය හැකි වුවත් දින කිහිපයක් ගත වන විට මෙය ඔබේ වැඩ ඉතා පහසු කරන බව ඔබටම දැනෙනු ඇත .

පිරිසිදු කිරීමේ පියවරයන් තෝරා ගැනීම

නිවසේ එක් එක් ස්ථානවල පිරිසිදු පිරිසිදු කිරීම එකිනෙකට වෙනස් විය හැකියි. ඒ වගේම ඒවා කොටස් වශයෙන් පිරිසිදු කිරීමද ඔබට කළ හැකියි

නිදන කාමර පිරිසිදු කිරීමේදී විදුලි පංකා, ජනෙල් කවුළු සහ අනෙක් ගෘහභාණ්ඩ සියල්ලේම දූවිලි පිස පිරිසිදු කිරීමට එක් දිනයක පැය භාගයක් පමණ ඔබට වෙන් කරන්නට පුළුවන් .
ඇඳ ඇතිරිලි වෙනස් කිරීම , විශ බීජ නාශක දියර ඉස පොළව පිරිසිදු කිරීම තවත් දිනක ද කිරිමට සැලසුම් කරන්නට පුළුවන්

මුලුතැන්ගෙය පිරිසිදු කිරීමේදී කබඩ් සහ ලාච්චු තුළ ගබඩා කර ඇති දේවල් නැවත අසුරා පිරිසිදු කිරීමට ද , පොළොව සහ කබඩ් මතුපිට පිරිසිදු කිරීමට ද, උඳුන් සහ ලිප පිරිසිදු කිරීමටද , වෙන වෙනම දිනයන් වල සුළු කාල වේලාවන් වෙන් කිරීමට හැකිය.

මේ ආකාරයට නිවසේ එක් එක් කොටස් එක් එක් දිනයන් වලදි පිරිසිදු කිරීම සඳහා සුළු කාල වේලාවන් වෙන් කිරීමෙන් සතිය තුළදී නිවස මුළුමනින්ම පිරිසිදු කරගැනීමට ඔබට පුළුවන් .

අනෙක් කාරණය නම්, සුළු පිරිසිදු කිරීම් සඳහා සතියේ දිනවල කාල වේලාවන් වෙන්කරගෙන deep cleaning සඳහා සති අන්තයේ දින දෙකකදී වේලාවන් වෙන්කර ගත හැකියි

සැලසුම පවත්වාගෙන යාම

නිවසක් සම්පූර්ණයෙන් පිරිසිදු කිරීම ඔබට එක් සතියකින් නිම කරන්නට පුළුවන් දෙයක් . නමුත් ඇත්ත වශයෙන්ම එය ඔබ එක සතියකින් අවසන් කළ යුතු නැහැ . ඒ නිසා ඔබ මෙම පිරිසිදු කිරීමේ කාලසටහන පවත්වාගෙන යෑම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් . එක් එක් දිනය සඳහා එක් එක් කොටස් පිරිසිදු කිරීමට වෙන්කරගෙන ඇති නිසා ඔබට පිරිසිදු කිරීම සඳහා අමුතුවෙන් වෙහෙසක් දැරීමට අවශ්‍ය වන්නේ නැහැ .

මාසයක් පමණ කාලයක් තුළදී ඔබ සකස් කළ මෙම පිරිසිදු කිරීමේ සැලසුමෙහි ඇති අඩුපාඩු සහ වැඩිදියුණු කළ තැන් හඳුනා ගන්නට ඔබට පුළුවන් . අවශ්‍ය පරිදි එම වෙනස්කම් සිදුකර සැලසුම පවත්වාගෙන යාම මඟින් පිරිසුදු සහ අලංකාර නිවසක් තුළ ජීවත් වීමේ සතුට නිරතුරුවම ඔබට ලැබෙනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here