අද කාලේ ජනප්‍රිය ‍රැවුල් වැවීමේ විලාසිතාවට කැමති කොල්ලෙක්ට ටිප්ස් 7ක් – Saru News Media

0
16

‍රැවුල්, කොණ්ඩා ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ. ඊයේ තිබුණු පෝනිටේල් ෆැෂන් එක අද වෙනකොට නෑ. ඊයේ තිබුණු ක්ලීන් ෂේව් ෆැෂන් එක අද වෙනකොට ෆුල් ‍රැවුලට මාරු වෙලා. කොහොමත් මේ කාලේ ගොඩක් කෙල්ලොත් ආසයි ‍රැවුල වවලා ඉන්න කොල්ලන්ට. කොල්ලොත් ආසයි ‍රැවුල වවන්න. ඒකට හේතුවක් තියෙනවා. හොඳට ‍රැවුල වවලා ඉන්න කොල්ලෙක්ට වඩාත් පිරිමි පෙනුමක් එනවා කියලා මතයක් තියෙනවා. ඒක බොරුමත් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා දැන් කාලේ ට්‍රෙන්ඩ් එක තමයි ‍රැවුල වවන එක.

හැබැයි මෙතන පොඩි පරහක් තියෙනවා. ‍රැවුල කියන්නේ ඉබේ වැවෙන එකක් තමයි. හැබැයි එහෙමයි කියලා ඉබේම ‍රැවුල වැවෙන්න දීලා හිටියට අර ‍ෆිල්ම් වල ඉන්න ‍රැවුල වවපු කොල්ලන්ගේ වගේ ලස්සනට ‍රැවුල තියෙන්නේ නෑ. සමහරුන්ගේ අපිළිවෙලට වැවුණු ඉලුක් යායක් වගේ ‍රැවුල තියෙනකොට තව එකෙක්ගේ ‍රැවුල කම්මුල් දෙපැත්තෙන් පිම්බිලා වඳුරු පෙනුමක් එන්නේ. ආන්න ඒකට හේතුවක් තියෙනවා. ‍රැවුල වවන එක කලාවක්. අන්න ඒ කලාව හරියට කරන්න, නිවැරදිව ‍රැවුල වවන්න උපදෙස් කීපයක් තමයි මේ.

 

දැන් කෙනෙක්ට පැන නගිනවා ප්‍රශ්නයක්. අපි කිවුවා නේද ‍රැවුල ඔහේ වැවෙන්න ඇරලා හරියන්නෙ නැහැය කියලා. ඒකට උත්තරේ මේකයි. ස්ටයිල් එකට ‍රැවුල හදාගන්නත් ‍රැවුල වැවෙන්න ඕනනේ පුතාලා. ආන්න ඒ නිසා හරස් ප්‍රශ්න අහන්නෙ නැතුව මාසයක් විතර ‍රැවුලට ඕන විදියට වැවෙන්න දෙන්නයි තියෙන්නේ. ඒ කාලෙට අහන අයට ඕන නම් කියන්න පුලුවන් කෙල්ල තරහවුණු නිසා ‍රැවුල වවනවා කියලා!

මේ මාසේ ඇතුළතදී කතුරක්වත් ‍රැවුලට ළං කරන්න නරකයි. එහෙම වැවෙන්න දීලා තිබ්බහම ඇත්තටම අපිටම අදහසක් එනවා අපේ ‍රැවුල වැවෙන වේගය සහ ස්වභාවය ගැනත්. හැබැයි මතක තියාගන්න, නිදහසේ ‍රැවුල වැවුවත් නිතරම ‍රැවුල පිරිසිදුව තියාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්. ඒ ගැන අපි පසුවට කියනවා.

 

මාසයක් තිස්සේ ඝන කැලෑව වගේ ‍රැවුල වැවුනට පස්සෙ පුලුවන් ඔන්න ‍රැවුලේ කැටයම් කපන්න. හැබැයි මතක තියාගන්න ඕන තමන්ගේ මූණේ හැඩයට තමයි ‍රැවුල වවන්න ඕනෑ කියන එකත්. උදාහරණයක් විදියට කිවුවොත් මූණ රවුම් නම් ‍රැවුල ගොඩක් පහතට වැඩියෙන්, දෙපැත්තෙන් අඩුවෙන් වවන එක ලස්සනයි. අන්න ඒ වගේ තමන්ට ගැලපෙන ‍රැවුල් ස්ටයිල් එක ‍තෝරගන්න ඕන. දැන් යන්න බාබර් මහත්තයෙක් ගාවට. මූණට ගැලපෙන විලාසිතාවට ‍රැවුල ට්‍රිම් කරවා ගන්න.

දැන් මෙතන ඉඳන් තමන්ගේ මූණට ගැලපෙන විදියට ‍රැවුල හදාගන්න එක ඕන නම් තමන්ට ගෙදර ඉඳලා කරගන්නත් පුලුවන්. තමන්ට එහෙම අමාරුයි කියලා හිතෙනවා නම් සති දෙකකට විතර සැරයක් බාබර් මුණගැහිලා ‍රැවුල හදාගන්නත් පුලුවන්!

 

පිරිසිදුව ඉන්න කියන එක පුරුදු වෙන්න ‍රැවුල වවන්නම ඕන නෑ. කොහොම කළත් හොඳ ශරීර සුවතාවයකින්, ශරීර සෞඛ්‍යයකින් ඉන්න පිරිසිදුකමත් බලපානවා. දැන් කොණ්ඩේ වවනකොට කොයි තරම් සාත්තු කරන්න ඕනැද. අන්න ඒ වගේ තමයි ‍රැවුල වවනකොටත්. හොඳට හෝදන්න ඕන. කොහේ හරි ගමනක් ගිහින් ආවහම වුනත්, වැඩට ගිහින් ආවහම වුනත් හොඳට මුහුණ හෝදන ගමන් ‍රැවුලත් හෝදන්න ඕන. මොකද කොණ්ඩේ විතරක් නෙවෙයි, ‍රැවුලේත් ඉස් හොරි වගේ දේවල් හැදෙන්න පුලුවන්. ගොඩක්ම අපිරිසිදුවට ඉඳලා අන්තිමට ‍රැවුලට යටින් සමේ රෝගත් හැදෙන්න පුලුවන්. අන්න ඒ නිසා දිනපතා ‍රැවුලත්, ‍රැවුලට යටින් තියෙන සම මතුපිටත් පිරිසිදු වෙන විදියට හොඳින් හෝදලා, තෙතමාත්තු කරලා තියාගන්න ඕන.

අවශ්‍ය නම් ෆේස් වොෂ් වගේම බියර්ඩ් වොෂ් කියලා ‍රැවුල හෝදන්න ගාන්න වෙනම පිරිසිදුකාරක වර්ගත්, බියර්ඩ් කන්ඩිෂනර් වර්ගත් වෙළෙඳපොළේ තියෙනවා.

 

‍රැවුල වවන හාදයෝ සාමාන්‍යයෙන් නොදන්න දෙයක් තමයි බියර්ඩ් ඔයිල් කියලා ‍රැවුල වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු තෙල් වර්ග තියෙනවා කියන එක. මේ තෙල් වලින් ‍රැවුල සෞඛ්‍ය සම්පන්නව තියාගන්නත්, ඝනව වැවෙන්නත් උපකාරයක් සැලසෙනවා. මේ ‍රැවුලේ ගාන තෙල් වලින් ඇත්තටම ‍රැවුල සහ ඊට යටින් ඇති සම හොඳින් තෙතමනය සහිතව තියාගන්න උපකාරී වෙනවා. ‍රැවුල යටින් තියෙන සම සෞඛ්‍ය සම්පන්න කරන අතරේදීම ‍රැවුල මෘදු කරලා, පිළිවෙලට හදාගන්න උපකාරයක් වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ‍රැවුලකට වගේම ස්ටයිල් එකට තියෙන ‍රැවුලකටත් මේ ‍රැවුලේ ගාන තෙල් ප්‍රයෝජනවත්.

තෙල් ගාන්න ඕන මෙහෙමයි. නාලා ආවට පස්සේ ‍රැවුලේ වතුර සම්පූර්ණයෙන්ම පිසදාන්නේ නැතුව, ‍රැවුල පොඩ්ඩක් තෙත මාත්තු කරලා, හොඳට තෙල් බිංදු කීපයක් අත්ලට දාගෙන ‍රැවුල සහ ඊට යටින් තියෙන සම සම්බාහනය කරලා තෙල් ආලේප කරන්න ඕනෑ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here