අවුරුදු 60කටත් වඩා වය​ස බාබි ඩෝල් ගැන මේ දේවල් දැනන් හිටියද? – Saru News Media

0
4

චූටි ගෑණු ළමයින්ට ඉතින් බෝනික්කො කිව්වොත් ඊට වඩා දෙයක් නෑනෙ. එක පාරක් දැක්කොත් දෙපාරක් නොහිතාම ඉල්ලන බාබි ඩෝල්ට දැන් වයස අවුරුදු 60කටත් වැඩියි. අපි එහෙම කිව්වට පෙනුමෙන් නම් බාබි එදා හිටපු තරම්ම තරුණයි. අද ලයිෆි අපි මේ කියන්නෙ ඔයාල වැඩි දෙනෙක් නොදන්න බාබි කතන්දර ටිකක්.

 

බාබිව බිහි කරන මුල්ම අදහස එන්නෙ මාටල් සෙල්ලම් බඩු කොම්පැණියෙ සම අයිතිකාරිය වෙන රූත් හැන්ඩ්ලර්ගෙන්. යුරෝපා සංචාරයකදී ඇගේ නෙත ගැටෙන ජර්මන් වැඩිහිටි බෝනික්කෙක් වෙන බිල්ඩ් ලිලී ඩෝල් ඇයට අලුත් සෙල්ලම් බඩුවක් ගැන අදහසක් ඇති කරනව. ඇගේ සැමියා වන එලියට් හැන්ඩ්ලර්ට මේ අදහස කියූ පසු ඔහු එකවරම මෙයට එකඟ නොවුණත් පස්සෙ මේ වැඩිහිටි බෝනිකි සංකල්පයට කැමති වෙනව. බිල්ඩ් ලිලී නිෂ්පාදකයන් මාටල් කොම්පැණියට පේටන්ට් එක ගැන නඩු පැවරුවත්, මාටල්ලා ඩොලර් 21,600කට නීතිමය වශයෙන් අයිතිය ලබාගෙන නඩුව සම​ථයකට පත් කරගන්නව.

 

බිල්ඩ් කියන ජර්මන් ටැබ්ලොයිඩ් පත්තරේට Reinhard Beuthien කියන ශිල්පියා කරපු නිර්මාණය ක​ළ චරිතයක් තමා මේ ලිලී. කාටූන් කැරැක්ටර් එකක් වෙච්ච ලිලීව පත්තරේ කට්ටිය බෝනික්කෙක් කරල මාකට් එකට දාන්න අදහස් කරන්නෙ 1953දි. එහෙම හදපු ලිලීව 1955 ඉඳන් 1964 වෙනකම්ම මාකට් එකේ විකුණන්නෙ වැඩිහිටියන්ට වඩාත් සුදුසු බෝනික්කෙක් විදියට. මාටෙල්ලා අයිතිය ගත්තට පස්සෙ ලිලී බෝනික්කො නිෂ්පාදනය ඇන හිටිනව. අද වෙනකොට පරණ බඩු එකතු කරන්නන් ලිලීට හොඳ මිලක් නියම කරනව පවතින කන්ඩිශන් එක, පැකේජින් එක සහ ඇඳුම් අනුව.

 

ජැක් රයන් කියන්නෙ පෙන්ටගනයට මිසයිල නිර්මාණය කරපු ඉංජිනේරුවෙක්. පහුකාලෙක මාටෙල් කම්පැණි එක ජැක්ව සේවයට බඳවගන්නෙ ඔහුගේ දැනුම තත්ත්වයෙන් උසස්, හොඳින් ක්‍රියාත්මක වෙන සෙල්ලම් බඩු නිෂ්පාදනයට යොදාගන්න. බාබිව අතපය ගලවන්න පුළුවන්, ඔළුව කරකවන්න පුළුවන්, ඕනම වෙලාවක කෑලි ගලවල ඇඳුම් අන්දන්න, ගලවන්න පුළුවන් නම්‍යශීලී නිර්මාණයක් බවට පත් කරන්නෙ ඔහු විසින්. රූත් හැන්ඩ්ලර්ගෙ අදහසට අනුව ජැක් විසින් මේ ලෝකෙට බාබිව නිර්මාණය කරනව. බාබිගෙ උපත වෙන්නෙ එහෙමයි.

 

බාබි උපත ඒ විදියට උනාට කල එළි දැක්ම වෙන්නෙ 1959 නිව්යෝර්ක් හි ජාත්‍යන්තර ඇමරිකානු සෙල්ලම් බඩු සල්පිළකින්. අඟල් 11ක් උස බාබි කළු සුදු ඉරි ගිය නාන ඇඳුමකින් සැරසිලා පූල් පාටි එකකට යන අයුරකින් තමයි වෙළඳපලට මුලින්ම නිකුත් වෙන්නෙ. බාබිට හැමෝගෙම ඇහැ යන්නෙ ඒ සල්පිළේ තිබ්බ සෙල්ලම් බඩු වලින් බබ්බු බෝනික්කෙක් නොවන, වැඩුණ ගැහැණියකගේ පෙනුම තියෙන නමුත් දරුවන්ට සුදුසු එකම සෙල්ලම් බෝනික්කා ඇය නිසයි. ඒ වෙනකොට බාබිට නොතිබ්බ නාභිය ඇයට එක් කරන්නෙ ඊටත් වසර 40කට පමණ පස්සෙ 2000 වර්ෂයේදියි. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here