ඉරාන ජනාධිපති, සජිත් මග හැර ගිහින්..?

0
15

මෙරට සංචාරක නිරත වුණු ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කරයි.

ඉරාන ජනාධිපතිවරයා හමුවීමට කොළඹ ඉරාන තානාපති කාර්යාලය විපක්ෂ නායකවරයාට වේලාවක් වෙන් කර නොතිබූ බවද හෙතෙම පැවසීය.

ඉරාන ජනාධිපතිවරයාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට ද විපක්ෂ නායකවරයා සහභාගි නොවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවත්වනු ලබන භෝජන සංග්‍රහ වලට කිසිවිටක සහභාගී නොවන නිසා බවත් හෙතෙම කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here