එයා ගියා කියල ඔයාට මැරෙන්න හිතෙනවාද? – Saru News Media

0
11

ඔයා දැකල තියෙනවා, අහල තියෙනවා තමන් ආදරය කරපු අය දාල ගියාම කලාතුරකින් සමහර කෙනෙක් ජීවිතය නැති කර ගන්නවා. ඒ මැරුණ අය දිහා පිටින් ඉඳලා අපි බැලුවොත් අපි හැමෝම කියන්නේ හිතන්නේ එක දෙයයි. ඒ තමයි ” මහ මෝඩ මනුස්සයෙක්, නිකං බොරුවට මැරුණා ආදරය කරපු කෙනා දැන් හොදට ඉන්නවා. මහ මෝඩ කමක් කරගත්තේ” කියන දේ.

ඉතින් මේ තමයි ඇත්ත, නමුත් සමහර වෙලාවට තමන්ට මෙහෙම දෙයක් වුනාම මෙහෙම හිතෙන් නෑ. ඇයි එහෙම නොහිතෙන්නේ? ඉතින් lifie අද ඔයා එක්ක මේ ගැන කතා කරන්න ලෑස්තියි, ආදරයෙන් සහ සෙනෙහසින්.

Do you feel like dying because of him or her

මේකට හරියටම උත්තරයක් දෙන්න බෑ කියල අපි දන්නවා. ඔයා කිසියම් කෙනෙක්ට ඇටෑච්මන්ට් එකක් හැදෙන්න එහෙමත් නැතිනමි කෙනෙක් විශේෂ කෙනෙක් විදියට දැනෙන්න නොයෙකුත් හේතු තියෙනවා. එයාගෙ පෙනුම, එයාගෙ හිනාව, එයා ඇවිදින විදිහ, අඳින විදිහ, කතා කරන විදිහ, එයාගෙ කොලිටීස්, එයා ගොඩනගා ගත් වටිනා කම්, මේ වගේ එකී නොකී දේවල් සෑහෙන ප්‍රමාණයකින් එක හේතුයක් නිසා වෙන්න පුළුවන් ඔයා එයත් එක්ක ඇටෑච් වෙන්නේ. ඉතින් ඔයා එයා කෙරෙහි ඇතිවන කැමැත්ත, හැඟීම, ආදරය විදිහට ගන්න පුළුවයි. ආදරය ඇති වුනාම ඔයාගෙ ඇතුලාන්තයෙන් සමනලුන් පියාඹනවා වගේ ඔයාට දැනෙනවා. ඔයා අළුත් වෙනවා, ඔයාගෙ ඇඳුම් පැළඳුම්, හැසිරීම, කෙලින්ම ඔයා අලුත් වෙනවා, උදෑසනක් වගේ සුන්දර වෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ඔයා එයාට ඇටෑච් වුන නිසා. ඉතින් මේකට අපි ආදරය කියලා කියනවා.

Do you feel like dying because of him or her

මෑත කාලයේ දික්කසාද වීම්, සියදිවි නසා ගැනීම් වෙන්නේ, ඔයාට එයා නැති වුනොත් මැරෙන්න හිතෙන්නේ අපි කෙනෙක් එක්ක බැඳීමක් හදා ගන්නකොට එක දෙයක් කෙරෙහි වෙන ආශාව, කැමැත්ත නිසා අනිකාගේ ජීවිතයේ අනික් සමස්ථයම අමතක කරන නිසා. මේක හරිම ඛේදවාචකයක්. අපි එක දෙයක් අගය කරනවා. සමහර විට එයා ගොඩක් ලස්සනයි. එයාගෙ ලස්සනට ඔයා එයාට ඇටෑච් වුනොත් ඔයා ඒ ලස්සන ගැන විතරයි හිතන්නේ. මෙතනදි තමයි අපට වරදින්නේ. එක නවත්වන්න. එයාගෙ අනික් කොලිටිස් ගැන බලන්න. එයා ප්‍රශ්නයක් වුනාම හැසිරෙන විදහ, එයාට දේවල් දරා ගන්න තියෙන හැකියාව, එයාගේ ගති පැවතුම්, එයා ළඟ තියෙන ඔයා බලාපොරොත්තු වෙන සෙනෙහස, ආදරය සහ වගකීම් සහගත බව ආදිය ගැන සොයා බලන්න. ඉක්මන් තීරණ ගන්න එකත් අපි කරන මෝඩ කමක්. එයා ගැන ඔයාට ආදරයක් ඇති වුනා නම් ඔයා එයා ගැන සොයා බලන්න. එයාගේ ගති, පුරුදු ගැන සොයා බලන්න. ඒ කියන්නේ එයාගෙ සමස්ත ජීවිතය ගැන සොයා බලලා හරියටම ඔයා සොයපු කොලිටීස් තියෙන කෙනෙක්ද කියලා හොයලාල බලලා තීරණයක් කරන්න.

Do you feel like dying because of him or her

මේ කාරනේ ගැන අපි වැඩියෙන්ම හිතන්න ඕනි. අපි කෙනෙක්ට ඇටෑච් වුනාම එයත් එක්ක ලොකු බැඳීමක් හදා ගන්නවා. මානසිකව සහ සමහර විට කායිකව. ඉතින් මේ බැඳීම නිසා ඔයා ඔයාගෙ ජීවිතේ සියළුම බලාපොරොත්තු එයා මත තියන්න පටන් ගන්නවා. ඔයාගෙ අනාගතය, ඔයාගෙ හීන එයා මත තියනවා, කොටින්ම ඔයා ඔයාව නැති කරගෙන ඔයාගෙ සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන් නැති කරගෙන එයාට ඕනි, එයා දකින, එයා කැමති වෙනමම කෙනෙක් වෙනවා. මේ නිසා ඔයාට ඔයාව නැති වෙනවා. මෙන්න මේ නිසා තමයි ඔයාට එයාව නැතිව ජීවත් වෙන්න බෑ කියන මානසිකත්වය එන්නේ.

Do you feel like dying because of him or her

ආදරය කියන්නේ ඇබ්බැහි වීමක්ම තමයි. ඒක අපි පිළිගන්න කැමති වුනත් අකමැති වුනත් ඇත්ත ඒක තමයි. ඉහතින් කිව්ව වගේ ඔයා එයාට ඇබ්බැහි වෙනවා. එයා කන වෙලාවට ඔයත් කනවා, එයා නිදා ගන්න වෙලාවට ඔයා නිදාගන්නවා, එයාගෙ හිනාව විතරයි ඔයා බලාපොරොත්තු වෙන්නේ. කොටින්ම පරපෝෂිතයෙක් වගේ ඔයා මුළු ජීවිතයම එයාගෙ කකුල් දෙක මුල තියනවා. ඔයා දන්නවද මේක හරියට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුනා වගේ කාරණයක්. මෙතනදි ඩ්‍රග්ස් නැතුව බෑ වගේ ඔයාට එයා නැතිව බැරි වෙනවා. මේ ඇබ්බැහි වීම නිසා එයා නැතිව බෑ කියල ඔයාට හිතෙනවා. ඔයා එයාගෙන් ලැබෙන ෆීලින් මත යැපෙනවා. ඔයාගෙ මනස මේකට ඇබ්බැහි වීම නිසා ඔයාට එයා නැතිව බැරි වෙනවා. එයාගේ ෆීලින් මතින් යැපෙන නිසා ඔයා වෙනම සැලැස්මකට හුරු වෙනවා. මේක ඩ්‍රග්ස් වලට වෙන ඇබ්බැහි වීමට ඉතා සමාන ඇබ්බැහි වීමක් විදිහට සලකන්න පුළුවන්.

Do you feel like dying because of him or her

ඔව්, මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිරසාර නෑ, අපි හිතනවා හැමදේම සදාකාලිකයි කියලා. ඉතින් ඔයා එයාට ඇබ්බැහි වෙලා ඉන්න නිසා එයා ඔයාව දාල ගියොත් එක පාරම සුයිසයිඩ් කර ගන්න හිතනවා. ඒ වගේම සමහර අයට එහෙම හිතෙන්නේ නැහැ එතනින් පල්ලෙහා ලෙවල්ස් ඒ කියන්නේ හැම දේම එපා වෙලා මාර විදිහට ඩිසපොයින්ට වෙලා, කන්න බෑ, හරි නින්දක් නෑ. මිනිස්සු එක්ක තරහ යනවා. ඉන්නං වාලේ ජිවත් වෙනවා. වැඩ ටික කරන්නන් වාලේ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ ලයිෆ් එක නැති වෙනවා කියලා පේනවා. ජිවිතය සම්පූර්ණයෙන් එපා වෙලා ඔයා ඔයාගෙ ජීවිතය අත්අරිනවා.

ජීවිතය නැති කරගන්න හිතනවා වගේම මේ තත්වයත් හොඳ දෙයක් නෙමෙයි. ඔයා⁣ට මේ විදියට තමන්ගේ සියළුම දේවල් නැති කර ගත්තට පස්සේ ඊළග ස්ටෙප් එකට ගියාම තමයි ජිවිතේ නැති කරගන්න හිතෙන්නේ.

රිලේෂන්ෂිප් එකක හිටියත් මැරේජ් ලයිෆ් එකක හිටියත් දරුවෝ හිටියත් එතනත් මොනව හරි ප්‍රශ්නයක් උනත් හස්බන්ගේ, නැතිනම් වයිෆ්ගේ, නැතිනම් ගර්ල් ෆෙන්ඩ්ගේ, බෝයි ෆෙන්ඩ්ගේ මොන ප්‍රශ්නයක් වුනත් සුයිසයිඩ් කර ගන්න ඕනි කියලා දෙයක් නෑ. ඇත්තටම ඊට වඩා ගොඩක් තෝරා ගැනීම් තියෙනවා අපිට මූන දෙන්න. හැමෝම හිතනවා දරා ගන්න බෑ කියලා. ඒක හරිම සාමාන්‍යයි. ඔයා හිතන්නේ ඔයාට දරාගන්න බෑ කියලා. දරාගන්න බැරි නිසා ඒ ඇක්ෂන් ගන්නවා කියලා. මේ හැමෝටම මේ ලෝකේ ඉන්න හැමෝටම මේ වගේ සිද්ධියක් උනාම දරා ගන්න බෑ තමයි. දරා ගන්න බෑ කියලා ජිවිතේ නැති කරගන්න එක නෙමෙයිනේ එකම තෝරා ගැනීම. එතනින් එහා අපිට පොඩ්ඩක් මුලදි අමාරු වුනත් ටිකෙන් ටික ටිකෙන් ටික ඔප්ෂන් වලට ගිහිල්ලා ඇත්තටම ගොඩ එන්න පුළුවන්.

Do you feel like dying because of him or her

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here