ඔබ දන්නවද ඔබට ගැලපෙන perfume එක තෝරගන්න ? – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
6

ඔයාල දන්නවද තමන්ට ගැලපෙන perfume එක තෝරගන්න ? ඔන්න පළමු ප්‍රශ්නය , කඩේකට ගිහින් සුවද බලලා , ගණන බලලා , තමන්ගෙ budget එකට ගැලපෙන එකනෙ ගන්නෙ? හොදයි ඒ අටුවා ටීකා වැඩක් නෑ මම කෙලින්ම එන්නම්කො මාතෘකාවට , perfume ගනිද්දි තමන්ගෙ body chemistry එකට ගැලපෙන සුවදක් තෝරගන්න ඕන.
ඒ කියන්නෙ අපි එක එක්කෙනාට ආවේනික සුවදක් අපේ ශරීරය තුල තියෙනවා ( ජීවන සුවද ) කියන්නත් පුලුවන් .
දැන් නිකමට හිතන්නකෝ ඔයාල ඇදලා ගලවල දාපු ඇදුමක් ඇස් දෙක වහගෙන හරි හදුනගන්න පුලුවන් නේද ඒ කොහොමද ඔයාලගේ සුවද තියෙන නිසා ඉතින් මම ඔය කිව්වෙ සරලව විද්‍යාත්මක පදනමකින් නෙවෙයි, ඉතින් ඔයාල දන්නවද ලෝකයේ ඉතාම මිල අධික සුවද විලවුන් වර්ග තියෙනවා කියලා ඩොලර් මිලියන ගනන් , ඒවා නිශ්පාදනය කරල තියෙන්නෙ දුර්ලභ ඉතා වටිනා ගස්, මුල් , පොතු, සත්ව කොටස් වලින් , සමහර සුවද විලවුන් එක බෝතලයක් සැදීම සදහා රෝසමල් දුසිම් 28 ක් සමන් පිච්ච 10600 ඇතුලුව වටිනා සුවද දැව වර්ග තෙල් වර්ග යොදාගන්නවා , අවුන්සයක මිල වෙනවා ඩොලර් 850 විතර ලංකා මුදලින් බැලුවොත් රුපියල් 120000 ක් විතර , බුදු අම්මෝ ..නේද?

දැන් කියන්නම් අර රහස් ටික ඊට කලින් කියන්න ඕන , සුවද විලවුන් වර්ග හතරක් තියෙනවා වෙළෙඳ පොලේ ,
1.Perfume
2. Eau de perfume
3 Eau de toilette
4 Eau de Cologne ,
මෙවායින් පලමු වර්ගයට වැටෙන්නේ අර මම මුලින් කියපු සුවද essence වර්ග 50% කටත් වඩා තියෙන ඒවා, ඒවා හරිම සුවදයි රැදෙන කාලය පැය 10 කට වඩා වැඩ්යි, ( skin type එක අනුව) වියලි හමක් නම් බොහෝ වේලා රැදෙන්නෙ නෑ ඊලගට Edp එක 15% – 30% අතර රැදෙන කාලය පැය 6 යි Edt එකේ සුවද ද්‍රව්‍ය යොදා ඇති අතර ප්‍රමාණය 8% -15% අතර වෙනවා සුවද රැදෙන කාලය පැය 3-5 අතර , Edc වල අන්තර්ගය 4%- 8% වෙනවා , කාලය පැය 2-4 අතර රැදෙනවා , දැන් පොඩ්ඩක් හරි idea එකක් ආවද , ඔයාල shopping ගියාම perල් ගනිද්දි බලන්න ඒ බෝතලේ සදහන් කරලා තියෙනවා ඔය කියන වර්ග වල නම ඔයාලට පහසුවේවි ,
ඒ එක්කම මේ perfume ඔයාල කැමති ඕනෑම සුවද වලින් තියෙනවා (flora, sweet, fruty, woody, citrus , oriental spicy, ) ඉතින් perfume එකක් තෝරා ගද්දි ඔයාලගෙ මැනික් කටුවෙ එහාපැත්තෙ පොඩ්ඩක් spray කරල බල්න්න , spray කරද්දි ටිකක ඈතට කරල බෝතලේ අල්ලන්න අගල් 5 ක්වත් , කවදාවත් අදින ඇදුමට විලවුන් ගලවන්න එපා.
ඔයාලගෙ කන් දෙක පිටුපස, වැලමිටේ අතුල් පැත්ත දන්හිසේ ඇතුල් පැත්ත වගේ තැන්වලයි සුවද රැදෙන්නෙ , perfume එකක් මුලු දවස පුරාම ඇගේ තියෙන්න ඕන නම් නාල ඉවර වෙලා ගාන්න ඕන, නාල හොදින් වතුර පිහගෙන body lotion එකක් හරි cream එකක් හරි ගාලයි ඔය ම කියපු තැන් වල ට spray කරන්න ඕනි spray එකක් නෙවෙයි නම් ඇගිල්ලට අරගෙන ගාන්න මම කියපු සුවද උරාගන්න points වල වැස්ලින් ටිකක් හරි ක්‍ර cream ටිකක් හරි තවරලා පසුව perfume තවරද්දි ගොඩක් වෙලා තියාගන්න පුලුවන් , සමහර perfum ගනිද්දි ඒ සුවද ම තියෙන body wash , එකයි body lotion එකයි perfum එකයි තුනම තියෙනවා

ඒක ගොඩක් පිරිමැහෙනවා දවස පුරාම සුවද තියෙනවා , විශේෂයෙන් කිව යුතුයි කවදාවත් තව කවුරු හරි ගාන perfum එක සුවදයි කියල ඒක තමන්ට ගැලපෙනවා කියල හිතන්නෙපා. ඉතින් මම ඔයාලට කියන්නම් මිලෙන් වැඩි perfume වර්ග කීපයක් , victoriya secret, Escada magnatism, BVLGARI ( Rose essence ) Elizabeth Arden Provocative ( රාත්‍රි යට සුදුසුයි)Jessica Simpson fancy love

මේවා ඉතින් මිල වැඩ් උනාට ඔයාලට දැනගන්නයි කිව්වෙ , විලවුන් භාවිතය රජ කාලේ පටන් තිබුනු දෙයක් නෙ ඒ කියන්නෙ ලස්සනට සුවදට ඉන්න හැමෝම කැමතිනෙ , ඉතින් මිලෙන් අඩු විලවුන් වර්ග වල සින්තටික් ප්‍රමානය තමයි වැඩි , ඒ උනත් ඕව ගන්න අපට කොහෙන්ද සල්ලි , හම්බුවෙන තුට්ටු දෙකෙන් මාසෙ ගැටගහගන්නෙත් බොහොම අමාරුවෙන් . ඔයාලට මම කියන්නම් තව කරුනු කීපයක් , සදුන් තෙල්, රෝස තෙල්, සමන් පිච්ච තෙල් හොයා ගන්නපුලුවන්නම් ඔයාල නාන වෙලාවෙදි බේසමකට හරි බාත් ටබ් එකට හරි වතුර පුරවලා ඒකට බින්දු තුන හතරක් දාල නාගන්න සතියක් පුරා සුවද තියෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here