හාල්පිටි ෆේස් පැක් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
6

සහල් කියන්නේ කොරියන් කාන්තාවන් රූපලාවණ්‍යයේදී බහුලව යොදා ගන්නා අමුද්‍රව්‍යයක්.ලස්සන ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න සහල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..ඔබේ සමට ගැලපෙන ආකාරයට පැක් එක හදාගෙන පාවිච්චි කරොත් හොද ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන් .එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා .

වියලි සමට

1️හාල් පිටි තේ හැදි 2.
2️යෝගට් තේ හැදි 2.
3 මී පැනි තේ හැදි 1/2.

මේ සියල්ල පැක් එකක් ආකාරයට මිශ්‍ර කර පිරිසිදු කරගත් මූනේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් තියලා සෝදන්න .

සාමාන්‍ය සමට

1️හාල් පිටි තේ හැදි 2.
2️තක්කාලි පේස්ට් තේ හැදි 2.

මේ අමුද්‍රව්‍ය දෙක පැක් එකක් ආකාරයට මිශ්‍ර කර පිරිසිදු කරගත් මූනේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් තියලා සෝදන්න .

තෙල් සහිත සමට

1 සහල් පිටි තේ හැදි 2 .
2️කස්තුරි කහ පිංචක් .
3️දෙහි යුෂ තේ හැදි 1.
4️රෝස වතුර

මේ සියල්ල මිශ්‍ර කරගන්න පැක් එකක් ආකාරයට ..ඉන්පසු පිරිසිදු කරගත් මූනේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් තියලා සෝදන්න .

ලැබෙන ප්‍රතිඵල …
සම ග්ලෝව් වෙනවා.
සමේ ඇති අදුරු ස්වභාවය නැති වී සම පැහැපත් වෙනවා.
කුරුලෑ කැලැල් මැකී යනවා.

එහෙනම් ඔබේ සමට ගැලපෙන ආකාරයට හදාගන්න.පැක් එක දාලා සේදුවට පස්සේ ටෝනර් කරන්නත් අමතක කරන්න එපා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here