ඔබත් නිවුන් දරුවන්ට කැමතිද?- මේ ලිපිය කියවන්න – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
6

විවාහපත් යුවළකගේ එකම සිහිනය තමයි දරු සුරතල් බැලීම. මේ නිවුන් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න දෙමව්පියන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ආදරය දෙගුණ තෙගුණ කරලා බෙදාහදාගන්න කැමැත්තෙන් ඉන්න අයට අපි කියලා දෙනවා පුංචි රහස් ටිකක්.
විද්‍යානුකූල ක්‍රම මඟින්  නිවුන් දරුවන් ගැබ් ගැන්වීම සිදු කරනවා වගේම සෞඛ්‍යාරක්ෂිත ස්වභාවික ක්‍රම මේ සඳහා තිබෙනවා.
නිවුන් දරුවන් යනු කවුද
එක් ඩිම්බ මෝචනය කදී බිත්තර දෙකක් ලෙසින් නිදහස් වී ඒව වෙන වෙනම කලල දෙකක් ලෙසින්  ගර්භාශයේ වර්ධනය වීමෙන් නිවුන් දරුවන් බිහිවෙනවා.
පවුලේ හෝ පරම්පරාවේ කිසියම් අයකුට නිවුන් දරුවන් ලැබී ඇත්නම්  ඔබටත් නිවුන් දරුවන් ලැබීමේ වැඩි ඉඩක් තිබෙනවා  .එසේම වයස හා ජනවර්ග අනුව නිවුන් දරුවන් ලැබීමේ ඉඩ ප්‍රස්තාව වැඩියි  . ඇමරිකානු සහ අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තාවන්ට නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව ඉතාමත් වැඩි අතර ආසියාතික කාන්තාවන්ට නිවුන් දරුවන් බිහි කිරීමට ඉතාමත් අඩු සම්භාවිතාවක්.
එමෙන්ම වයසින් වැඩි කාන්තාවන්ට නිවුන් දරුවන් ගැබ් ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. ඔබට නොතිබුණත් නිවුන් දරුවන් ලබා ගැනීමට ඔබේ තිබෙන ආශාව අත්හරින්න ඕන නැහැ .

මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව නිවුන් දරුවන් බිහිවීමේ බිහිවීමේ වර්ධනයක් ඇති බව දකින්නට තිබෙනවා.ඉතිං ඔබෙත් ඒ ආදරණිය බලාපොරොත්තුව මල්ඵල ගන්වා ගන්න  මෙන්න මේ ක්‍රම ටික පිළිපැදලා බලන්න 
කිරි සහිත ආහාර වැඩිපුර අනුභව කරන්න බහුල ලෙස කිරි නිෂ්පාදන කරන කාන්තාවන්ට නිවුන් දරුවන් පිළිසිඳ පිළිසිඳගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව පස් ගුණයකින් වැඩි වෙනවා.
අලවර්ග ආහාරයට ගන්න (අර්තාපල් හැර )අල වර්ග ආහාරයට ගැනීම නිසා ඩිම්බ කෝෂවල  සිදුවන උත්තේජනයන් ඉහලයාම නිසා නිවුන් දරුවන් ගැබ් ගැනීම සිදුවිය හැකි.
මව්කිරිඔබ තවත් දරුවකුට මවුකිරි දෙමින් සිටින අවධියේ ගැබ් ගැනීමක් සිදු වෙනවා නම් ඔබට නිවුන් දරුවන් ලැබීමේ අවස්ථාව නව ගුණයකින් ඉහළ යනවා.
උපත් පාලන පෙති ගැනීමඔබ දරුවකු පිළිසිඳ ගැනීම පමා කිරීමට උපත් පාලන පෙති භාවිතා කර ගැනීමට අවශ්‍ය කාලයේදී එය නතර කරනවා.මේ කාලය තුළ ශරීරයේ හෝමෝන උපත් පාලන පෙති වලට හුරු වී ඒවාට අවශ්‍ය ලෙස හැඩගැසී ඇති නිසා පෙති නතර කිරීමේ දී නැවත ශරීරය විසින් හෝමෝන නිෂ්පාදනය පාලනය කිරීමට ඉගෙන ගන්නවා කාල සීමාව තුළ ඔබේ ශරීරයේ වැඩි හෝමෝන ප්‍රමාණයක් නිපදවීමත් ඩිම්බ කෝෂවලින් වැඩි බිත්තර ප්‍රමාණයක් නිකුත් වීමත්  නිවුන් දරුවන් ගැබ් ගැනීමට හැකියාවක් පවතිනවා.
මෙවැනි  ක්‍රම හරහා ඔබේ නිවුන් දරු සිහිනය සැබෑ වන බව පර්යේෂකයන් විසින් අවධාරණය කර තිබෙනවා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here