ඔෆිස් යන නංගිලා මල්ලිලාට කාගෙත් හිත දිනාගෙන ඉන්න ටිප්ස් – Saru News Media

0
4

ගෝලීයකරණයත් එක්ක ආර්ථික ලෝකයේ තරඟකාරීත්වය පුදුමාකාර විදිහට ඉහල ගිහින්. පාසල් අධ්‍යාපනය හමාර කරපු නංගිලා මල්ලිලා හැමෝටම තමන්ගේ වෘත්තීය ජීවිතේ තෝරාගන්න තැන ඉඳන්ම තියෙන්නේ පුදුමාකාර තරඟයක්. ඒ ලෙවල් කරලා කැම්පස් ගිහින් හරි වෙන බාහිර සුදුසුකමක් හදාගෙන හරි හොඳ ජොබක් හොයාගත්තයි කියමුකෝ. ඔන්න දැන් තමයි ඊළඟ තරඟය පටන්ගන්නෙ. ඔය රස්සාවල් කරන තැන්වල තෙම්පරාදු වෙලා ඉන්න ලොකු ලොකු පරණ චරිත එක්ක ඉහගහගෙන ඉන්න එක හිතන තරම්ම ලේසි නැහැ. හරියට කිව්වොත් දැලි පිහියෙන් කිරි කනව වගේ තමයි ඉතින්. ශේප් එකේ ඉඳල තමන්ගේ තැන තියාගෙන ඉදිරියට යන්නනම් පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. ඔන්න ඉතින් මේ කියන්න යන්නෙ අන්න එහෙම රැවුලයි කැඳයි දෙකම බේරාගෙන රස්සාවක් කරන්න ඕන හැටි ගැන තමයි.

 

රැකියාවකට යන කොයිකාටත් එකවගේ වැදගත් කාරණයක් තමයි මේක. කවුරු මොනව කිව්වත් “First impression is the last impression” කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නෙ පුද්ගලයෙක් දැකපු ගමන් අපිට ඇතිවෙන පළමු හැඟීම ඒ පුද්ගලයා එක්ක අපි ගනුදෙනු කරන මුළු කාලසීමාව පුරාවටම අපේ හිතේ රැඳෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවෙදි ලස්සනට ඇඳගෙන යන එක ලොකු වාසියක්. ඔෆිස් එකේ එක ඩිපාර්ට්මන්ට් එකේ එකට වැඩ කරන අය, මැනේජ්මන්ට් එක සහ ඔයා එක්ක ගනුදෙනු කරන කස්ටමර්ස්ලගෙ හිතේ පවා හොඳ තැනක් හදාගන්න හුඟක් උදව් වෙන ක්‍රමයක් තමා ලස්සනට සහ පිළිවෙලට ඇඳුම් අඳින එක.

මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටමත් එකසේ අදාලයි. ගැහැණු ළමයින්නම් ලස්සන ඔෆිස් වෙයාර් එකකට ගැලපෙන සපත්තු, හෑන්ඩ් බෑග්, පොඩි ඔරලෝසුවක්, කරාබු, මාල වගේ සිම්පල් ඇසසරීස් දාගෙන යන අතරේ පුංචි මේකප් එකකුත් ඕනෙමයි. ලොකූ හයිලයිට්ස් නෙමෙයි, ඒත් කම්පැක්ට් පවුඩර් ටිකක්, ලිප්ස්ටික් එකක්, අයිලයිනර් එකක් වගේ සරල මේකප් එකක් දාන්නත් පුරුදු වෙන්න. පිරිමි ළමයි උනත් ඔහේ යන්නන් වාලේ නොයා හොඳ ප්‍රොෆෙෂනල් පෙනුමට ඇඳුමක් ඇඳලා ඒකට ගැලපෙන ටයි එකක්, බෙල්ට් එකක්, සපත්තු දෙකක් දාලා, කොණ්ඩේ ටිකක් පිළිවෙලට පීරගෙන යන්න පුරුදුවෙන්න.

 

ඉතින් උදේ ඔෆිස් එකට ගොඩ වැදුන වෙලාවේ ඉඳන් මුහුණේ හිනාව කියන්නෙ අත්‍යාවශ්‍ය කාරණාවක්. ඔෆිස් එකට යනකොටම ගාඩ් රූම් එකේ මුලින්ම හම්බවෙන සිකියුරිටිගෙ ඉඳන් හැමදෙනාටම හිනාවෙලා ගුඩ්මෝනින් කියන්න පුරුදු වෙන්න. ඔයාගෙ ගෙදර ප්‍රශ්න, හිතේ කරදර ඔෆිස් එකේ අය දන්නෙ නැහැනේ. දැනගත්තත් එයාලට අදාළත් නැහැ. ඒ නිසා ඔෆිස් එක ඇතුළට ඒ ප්‍රශ්න අරන් නොයා හැමෝම එක්ක සුහඳව හිනාවෙලා කතා කරන්න. වැඩ කරගන්න එන කස්ටමර්ස්ලට පවා ඔයාව හොඳ විදිහට මතක හිටින්න ඒක හේතුවක්.

 

වෙලාවට ඔෆිස් එකට යන්න. පුළුවන්නම් වෙලාවට ටිකක් කලින් හරි කමක් නැහැ. පාරෙ තොටේ තියෙන කලබල, බස් වල කරදර නිසා එන ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරලා වැඩට සෙට්ල් වෙන්න පොඩි වෙලාවක් ලැබෙනව කලින් යන එකෙන්. පරක්කුවෙලා වැඩට යන එක පුරුද්දට ගියොත් මඟ හැරගන්න බැරි දෙයක්. ඒ නිසා අවශ්‍යම වෙලාවක මිසක් ලේට් වෙන්නනම් එපා. එකෙන් නරක ඉම්ප්රෙෂන් එකක් හැදෙනවා වගේම ඔයාගෙ රෙකෝඩ්ස් වලටත් හොඳ නැහැ. බැරිම වෙලාවක පරක්කු වෙලා ගියත් ඔයාගෙ බොස්ට ඒ බව දැනුම් දෙන්න යන්න කලින්.

අනිත් එක තමයි ලැබෙන වැඩ වෙලාවට ඉවර කරන එක. ලැබෙන වැඩ අදාළ ඩෙඩ් ලයින් එකටම කොහොමහරි ඉවර කරන්න. හවසට ටිකක් පරක්කු උනත් කමක් නැහැ වැඩේ ඉවර කරලා යන්න. රැකියාවකට ගිය මුල්ම කාලේ හරියට වෙලාවට ඕෆ් වෙලා යනව කියන්නේ කොච්චර උනත් අවාසියට හිටින්න පුළුවන් කාරණාවක්. වර්ක් ලයිෆ් බැලන්ස් ගැනත් බලන්න ඕන තමයි. පැය ගණන් නෙමෙයි. ඒත් විනාඩි 20ක් 30ක් ඉඳල හරි දවසට අදාළ වැඩේ කල්නොදා ඉවර කරලම යන්න.

 

මුලින්ම ඔයාගෙ රැකියාවට අදාළ ඔක්කොම දේවල්, ඒ කිව්වේ විෂය දැනුම, ප්‍රයෝගික දේවල්, සිස්ටම් වර්ග තියෙනවනම් ඒවා එහෙම හොඳටම ඉගෙන ගන්න. ඊට අමතරව ඔෆිස් එකේ ජෙනරල් වැඩ තියෙනවනම් ඒවත් ටික ටික ඉගෙන ගන්න. හැබැයි එහෙමයි කියල අනිත් අයගෙ ජොබ් ගැන අහල ඉගෙන ගන්න යන්නනම් එපා. අවස්ථාවක් ලැබෙන විදිහට පුළුවන් හැමදේම ඉගෙනගන්න. ඔෆිස් එකේ ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන එක ඉස්සරහට ලොකූ වාසියක්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here