කිම් ජොන් උන්ගේ සහෝදරියගෙන් අමෙරිකාවට රතු නිවේදනයක්

0
9

සිය රට ලොව දැවැන්තම සහ ශක්තිමත්ම හමුදා බලය සහිත රට බවට පත්කරන බව උතුරු කොරියාව අවධාරණය කර තිබෙනවා.

ඒ අමෙරිකාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීම සඳහායි.

උතුරු  කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන් පවසා ඇත්තේ තම රටේ ස්වරීත්වය සහ කලාපීය සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා බවයි.

අමෙරිකාවේ මැදිහත් වීමෙන් දකුණු කොරියාව දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කිරීමට මේ වසරේද සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාව ගුවන් යාන 100ක් යොදා ගනිමින් දැවැන්ත යුධ අභ්‍යාසයක් සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එය කලාපීය ආරක්ෂක පරිසරය භයානක කැළඹීමකට තල්ලු කරන බව උතුරු  කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය පවසා තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here