කෙල්ලෝ එක්ක කතා කරන්න ගියහම අපේ කොල්ලෝ සුපිරියටම වරද්ද ගන්න තැන් 7ක්! – Saru News Media

0
7

දැන් අර දියරකුස් සහ ගෝල පිරිස කොයි තරම් දත කෑවද දොස්තර හොඳ හිතගෙන් සත්තුත් එක්ක කතා කරන රහස දැනගන්න? හැබැයි පු‍තෝ සත්තු එක්ක කතා කරන රහස දැනගත්තත් කෙල්ලෝ එක්ක කතා කරන රහස දැනගන්න එක නං ලේසි නෑ. උනුත් අපි වගේම මනුසත්තු තමයි. හැබැයි ඉතින් කොල්ලෙක් ෆුල් චිත්ත දහිරිය උපද්දවාගෙන කෙල්ලෙක් එක්ක කතා කරන්න ගියාට, ගොඩක් වෙලාවට ඔය කතා කිරිල්ල ඉවර වෙන්නේ කොල්ලාව චොර වෙලා, චාටර් වෙලා, නන්නත්තාර වුනාටත් පස්සේ. ඉතින් ඌ ගිහින් විරහ ගීත අහනවා.

හැබැයි ඔය අතරේ ඉන්නවා සමහර කොල්ලෝ, කෙල්ලෙක් එක්ක කතා කරන්න යන එක විතරයි, වචනෙන් දෙකෙන් කෙල්ලවත් නමාගෙන, අත් අල්ලගෙන ‘මේ මල් යාය දිගේ එන්න සමදරා’ කියාගෙන හනිමූන් යන. මොකද්ද මේ වාසනාවන්ත කොල්ලෝ දන්න, අර උඩින් කියපු අවාසනාවන්ත කොල්ලෝ නොදන්න කෙල්ලොත් එක්ක කතා කරන රහස?

ආන්න ඒ රහස ගුරුමුෂ්ටි තියාගන්නෙ නැතුව දෙන්නයි මේ ලැහැස්ති වෙන්නේ. හැබැයි එක පාරටම බෑ. මේ කියන්න යන්නේ කෙල්ලෝ එක්ක කතා කරන්න යන කොල්ලෝ පොදුවේ කරන මොට්ට වැරදි කීපයක්. ඔය වැරදි හදාගන්න එකත් එකක්නේ. ඔය වැරදි හදාගන්නවා කියන්නේ ගොඩක් දුරට වැඩේ ගොඩයන්න පොයින්ට්ස් එකතු වෙනව කියන එකයි. ආන්න එතනින් පස්සේ දැනගන්න බැරියෑ වැඩිමනත් ශිල්ප සාස්තරේ!

 

මෙහෙම කිවුව ගමන් එතනින් ටිකට් කැපෙනවා කියලා දැනගන්න සිහිමොළේ පොඩ්ඩක් තිබුණත් ඇති. සාමාන්‍යයෙන් ගෑණු ළමයි කැමතියි තමන්ව, තමන්ගේ රූ සපුව අවධානයට හසු වෙනවට, ඒ ගැන වර්ණනා කෙරෙනවට. හැබැයි ඉතින් කිසිම ගෑණු ළමයෙක් කැමති නෑ තමන්ව ලිංගික වස්තුවක් විදියට සැලකෙනවට. ඉතින් කතාබහ පටන් අරගෙන විනාඩි පහක් ගියත්, මාස පහක් ගියත් මේ වගේ කතන්දර හෝ මීට අඩුවෙන් හෝ ගෑණු ළමයාගේ අඟ පසඟ හෝ සරාගීත්වය හෝ වර්ණනා කෙරෙන කතන්දර කියනවා කියන්නේ ටිකට් කැපෙනවා කියන එක.

“ඔයාගේ හිනාව ලස්සනයි” කිවුවට කමක් නෑ. ඒක අපහාසයක් නෙවෙයි. හැබැයි “ඔයාගේ ඇඟ ලස්සනයි” කියන එක අපහාසයක් විදියට තමයි ගණන් ගැනෙන්නේ!

 

සාමාන්‍යයෙන් දැන් කාලේ ගොඩක් වෙලාවට කෙල්ලෝ කොල්ලෝ මුණගැහෙන්නේ ෆේස්බුක් එකෙන්. ඒකේ වැ‍රැද්දක් නෑ. හැබැයි ඉතින් ෆේස්බුක් එකෙන් හායි කියපු ගමන් දවසක් ගිහින් “හෙට හම්බුවෙමුද” කිය කියා කරදර කරන එක, ෆෝන් නම්බර් එක ඉල්ල ඉල්ල වද කරන එක කොල්ලෙක්ගේ ටිකට් කැපෙන වැ‍රැද්දක්. සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක්ට වඩා පරිස්සම්. ඒ නිසා එහෙම කියපු ගමන් පැනගෙන මුණගැහෙන්න එන්න හිතන්නේ නෑ. ෆුල් ෆෝවර්ඩ් ගෑණු ළමයෙක් වුනත් තමන්ගේ හිතට මනුස්සයෙක්ව හොඳට අල්ලන කල් හම්බුවෙන්න, ෆෝන් නම්බර් දෙන්න හිතන්නේ නෑ. ආන්න ඒ ඇත්ත කොල්ලෝ දැනගෙන ඉන්න ඕන.

 

දැන් ඔය හොඳ වෑහෙන ෂෝයි අයියලා ඉන්නවා නේද. එහෙම අය ගෑණු ළමයෙක් ගැන පොඩි මෙව්වා එකක් පහළ වෙලා, ඒ ගෑණු ළමයට හරීම හොඳට, ෂෝයි එකට සලකනවා නේද. වචනයක් කියන්නෙත් ගෑණු ළමයගෙන් අවසර අරගෙන. විහිළුවක් එහෙම කරන්නෙත් සිරිමත් මගෙ සකි වගේ යහපත් බාල ළමා ලෙවල් එකට. දැන් ඔහොම ෂෝයි වෙන්න යන අයියලාට නංකිලාත් ෂෝයි විදියටම සලකනවා. හැබැයි මළාට ආකර්ෂණයක් නං පහළ වෙන්නෙ නෑ. ඔහොම ගිහින් හරිම ෂෝක්, හව් නයිස් අයියා ගෑණු ළමයාගෙන් “මං ඔයාට කැමතියි, ඔයා මට කැමතිද” වගේ එකක් අහපු ගමන් ටිකට් කැන්සල්!

 

මෙන්න පිංවතුනි, කෙල්ලෝ ඉස්සරහා ටිකට් කපාගන්න නොවරදින විදියක්. තමන්ගේ පංපෝරිය! දැන් ඔය ගොඩක් ඇටිකිචි කොල්ලෝ හිතාගෙන ඉන්නවා කෙල්ලෝ නැවෙන්නේ සල්ලි වලටයි කියලා. ඒක තනි මොට්ට මෝල් කතාවක්. සල්ලි වලට නැවෙන කෙල්ලෝ ඉන්නවා. හැබැයි එහෙම සල්ලි වලට නැවෙන කෙල්ලෝ, මාසේ පඩියෙන් රුපියල් පන්දාහ ගාණේ කැපෙන්න ගත්තු අයිෆෝන් එකක් තියෙන කොල්ලෙක් ඉස්සරහා ලොවෙත් නැවෙන්නෙ නෑ. එහෙම එවුන් හොයන්නේ පට්ට සල්ලි කඳන්. ඉතින් තමුන් එහෙම ලක්ෂ කෝටි ගාණක් වටිනාකම තියෙන සල්ලි කඳක් නෙවෙයි නං, කෙල්ලෝ ඉස්සරහා තමන්ගේ පම්පෝරිය ගහන්න යන එක හොඳ නෑ. විශේෂයෙන්ම සිරා කෙල්ලෙක්ව ඔය අයිෆෝන්, රොලෙක්ස් ඔරලෝසු, හයිබ්‍රිඩ් කාර්, ලක්ෂ ගණන් වල ඩීල්, තමන් හම්බු කරන ගාණ, පවර්ෆුල් නෑදෑයෝ වගේ සීන් පෙන්නලා නවා ගන්න බෑ. ආන්න ඒ නිසා කෙල්ලෙක් එක්ක කතා කරනකොට පම්පෝරි දිග නොහරින්න ප්‍රවේසම් වෙන්න ඕන!

 

අපි කලිනුත් කියලා තියෙනවනේ සෙක්සිස්ට් පිරිමි ගැන. කාන්තාවන්ව හැම වෙලාවකම පහතට දාලා කතා කරන, කාන්තාවන් පොදුවේ නරක බව කියන, කාන්තාවන්ට වෙනස් විදියට සලකන මනුස්සයෙක් කාන්තාවක් ගැනම මෙව්වා හිතක් ඇතිකරගත්තා කියමු. හැබැයි ඉතින් කතා කරන්න ගියහමත් අර තමන්ගේ සෙක්සිස්ට් මානසිකත්වය නැති කරගන්න බෑ. ගොඩක් වෙලාවට මේ වගේ කෙනෙක් කාන්තාවක් එක්ක කතා කරන්නෙම, ඒ කාන්තාව තමන් එක්ක කතා කළ යුතුයි, මේ දැන් වුනත් තමන් කියන තැනකට ආ යුතුයි කියන අදහසේ ඉඳලා. මෙහෙම ඩයල්ස් වල ටිකට් කැපෙන්නේ පටන් ගන්නත් කලින්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here