ෆේස්බුක් ආදරවන්තයොන්ගේ අමුතු වැඩ සහ ප්‍රතික්‍රියා – Saru News Media

0
7

කට්ටිය වැඩිය නොහිතුවට ෆේස්බුක් ආදරවන්තයො කියන්නෙ අපිට නිතර මුණ ගැහෙන අය නෙමෙයි. මේ වෙනුවෙන් සියයට සියයක් එළැඹුණු අය දුලබයි. අපි මේ කියන ෆේස්බුක් ආදරවන්තයොන්ගෙ ආදර ජීවිතයම ගෙවෙන්නෙ ෆේස්බුක් එක්ක. එයාලට තමුන්ගෙ පෙම්වතිය හෝ ක්‍රෂ් එක ගැන භෞතිකවාදී අප්‍රෝච් එකක් ඇත්තෙම නැති තරම්. ඒ අය තනිකරම ප්ලේ කරන ග්‍රවුන්ඩ් එක වෙන්නෙ ෆේස්බුක් එක. මේ වගේ අයට බොහෝවිට සෙට් වෙන පෙම්වතියොත් මේ විදියෙම ඩෙස්පරේට් චරිත. මේ අය දිහා බලන් ඉන්න තරමට ආතල් එක වැඩිවෙන්නෙ එයාලා ඇත්ත ජීවිතේ ආදරවන්තයෝ කරන දේවල්වලට ෆේස්බුක් ක්‍රියාකාරකම් විකල්ප සොයාගන්නා නිසායි.

 

මේ අය ආදර සම්බන්ධයක් අවසන් කළාම පොදුවේ කරන දෙයක් තමයි එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරන එක. මට එයා දිහා බලං ඉන්න බෑ. යන්න දුන්නත් දකිද්දි දුක වැඩියි වගේ හැඟීමකින් තමයි මේ අය එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරන්නෙ. අනේ ඉතිං මේ අය එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරනව කියල කියන්නෙ සාමාන්‍ය ජීවිතේදි ආදර සම්බන්ධයේ විප්පයෝගයේ දුක නිවෙන්න මේ එදිනෙදා ජීවිතෙන් මිදිලා දුර ඈත පැත්තක ටික දවසක් ගිහින් එන්න යනව වගේ හැඟීමකින්. ඩිඇක්ටිවේට් කළාට මොකද ඉතිං ආයෙ ෆේස්බුක් පැත්තෙ නොගිහිනුත් බෑ. අකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරන්න කලින් මා ඉතිං යන්න යනවා වගේ සින්දු ෂෙයා කරලා ගියාට මොකද දවස් දෙකෙන් කොල්ලා බැක් ඉන් ඇක්ෂන්! හයිපර් ඇක්ටිවු! අලුත් කෙල්ලෙකුටත් ට්‍රයි!

 

ඔයයි මායි ආයි ජීවිතේට යාලු වෙන්නෙ නෑ කියල දබර ඇඟිල්ල හප්පලා පුංචි කාලෙ කෙලින් කියපු වැඩේ මෙයාලා කරන්නෙ බ්ලොක් කිරිල්ලෙන්. ගොඩක් වෙලාවට මේක කරන්නෙ එයාලා කෙලින් අහන්නේ නැතුව මෙයත් මට ලවුද කොහෙද කියලා හිතිං හිතාගෙන ඉන්න ගෑණු දැරිවිටම තමයි. ඒ ගෑණු දැරිවි මෙයාලගෙ හිත රිදෙන සින්දුවක් හරි පෝස්ට් එකක් හරි දාපු ගමන් මෙන්න මෙයාලා තරහ වෙලා බ්ලොක් කරලත් ඉවරයි. ඉතිං අරයා දන්නෙත් නෑ තරහ වෙලා කියලා. ඊටපස්සෙ යාළුවෙකුගේ එකවුන්ට් එකකින් ගිහින් බලනවා කෙල්ල තමුන් නැති සොවින් තැවෙනවද? බත් කන්නෙත් නැද්ද? කියලා. එහෙම බම්බුවක් නෑ කියලා තේරුම් ගත්තම කොල්ලා ඇයි මේ කියල බලන්න කෙල්ලව අන්බ්ලොක් කරනවා. අන්බ්ලොක් කරනව මදිවට ආයෙ රික්වෙස්ට් එකකුත් යවනව. සෝක්!

 

මෙයාලා තවත් කරන දෙයක් තමයි තමුන් ට්‍රයි කරන කෙල්ලට, තරහා වෙලා ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වගේම තමුන්ගෙ රියල් ගර්ල්ෆ්‍රෙන්ඩ්ව වුනත් ෆේස්බුක් හරහා චෙක් කරන එක. ඒක කරන්නෙ හදාගත්තු ෆේක් එකවුන්ට් වලින්. ෆේස් එකවුන්ට්වලින් චැට් කරලා කෙල්ල තමුන් එක්ක හාද වෙලා විත්තිය අවට ලෝකෙට සැල කරනවද? එහෙමත් නැත්තං ෆේක් එකවුන්ට් එකටත් ආදරේ කරනවද? ඒත් නැත්තං රිප්ලයි එකක්වත් දාන්නෙ නැද්ද කියන දේ ඒ අය බලනවා. අන්තිමට ඕවා තමයි සාක්කි විදියට එයාලා තියාගන්නෙ.

 

මේ ඈ​යො තමුන්ගේ ආදරය ප්‍රකාශ කරන විදියත් හරි විකාරකෘතයි. කෙල්ලෙකුට කැමති හිතුන ගමන් දවස් තුනක් විතර අනෙක් සියළු වැඩ නවතා කෙල්ල ෆේස්බුක් පටන්ගත්තු කාලෙ වෙනකං හිස්ට්‍රි සර්ච් එකක් දෙනවා. දීලා ඒ කාලෙ ඉඳන් පෝස්ට්වලට ලයික්ස් දාගෙන දාගෙන යනවා. කොටිම්ම කෙල්ල පහුවදාට ඇහැරෙද්දි නොටිෆිකේෂන් කවුන්ටරේ දැක්කම බය හිතෙන ගාණට මෙයාලා ලයික් දානවා. ඒ ලයික් දාන එකෙන් කියන්නෙ මං ඔයාට කැමතියි ඒයි කියලා. හැබැයි ඉතිං ඔහොම දෙයක් තමුන්ම කෑගහලා කිවුවොත් මිසක් ලයික් බට්න් එකක්, හාට් රියැක්ට් එකක් විසින් කෑ ගහලා කියන්නෙ නැහැනෙ.

 

කෙල්ලො ඉතිං කොල්​ලො වගේ නෙමෙයිනෙ. පබ්ලික් ලැවට්‍රි එකට ගියත් ලොකේෂන් ෂෙයා කරනවා. එයා කැමතිම පූසෝ, ස්ට්‍රෝබෙරි, යාලුවොන්ගෙ වෙඩින්, පිස්සු සෙල්ෆී, වත්ත පිටිපස්සෙ ලයිවු වීඩියෝ වැනි දේවල් කරනවනෙ. මෙන්න​ මේ අපි කියන ෆේස්බුක් ලවර්ස්ලා අන්න ඒ වගේ තමුන් ආදරය කරන කෙල්ලගෙ ජීවිතේ මෑත කාලීන සිදුවීම් කිහිපයක් එකතු කරලා කවි ලියනව. එයාලා එවුව ලියන්නෙ සමහරවිට ඒ ගෑණු ළමයට ඒ දේවල් පේන්න. එහෙමත් නැත්තං එයා දැන් මට අයිතියි කියලා ලෝකෙට නොකියා කියන්න. ජුගුප්සාජනකයි! නිකං ලෙනක් වගේ රයිට්!

 

ෆේස්බුක් ඇතුළෙ ඇක්ට් කරන්න ලේසි විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඇයි ඉතිං කවුරු කියලා ඇත්ත නැත්ත හොයන්නද? ඒකනෙ ඉතිං පඳුරකට පයින් ගැහුවම ක්වීන්ලා විසික් වෙන්නෙ. මේ කියන්නෙ මේ ප්‍රේමවන්තයො තමුන්ගෙ හිත ගිය කෙල්ලට පේන්න කරන විකාර. ලවු එක තිබිලා නැති වුනොත් මෙයාලා අරක්කු බෝතල් ළංකරගෙන ඉන්න ෆොටෝ, එහෙමත් නැත්තං යාලුවොන්ගෙ අරක්කු බෝතල්වල ෆොටෝ හරි තමුන්ගෙ එවුව වගේ ෂෙයා කරනවා. කෙල්ල තාමත් සෙට් වෙලා නැත්තං නිතරම පන්සලට යන ෆොටෝ වගේ පන්සලේ ලොකේෂන් ෂෙයාරින් වගේ වැඩ කරනවා. කාලා හමාරයි!

 

මේක තමයි ෆේස්බුක් ලවර්ස්ලාගෙ තේරුම් ගන්න බැරිම දේ. ඒ තමයි පරස්පර විරෝධී ආදර කතා. පැයකට කලින් කියපු කතාවට හාත්පසින්ම වෙනස් පෝස්ට් එකක් තමයි ඊළඟට ෂෙයා කරන්නෙ. උදාහරණෙකට කිවුවොත් මෙහෙම.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here