ඩයනා කුමරියගෙන් ඇයගේ ලේලියන් දෙදෙනාට හිමි වූ ආභරණ – Saru News Media

0
7

ඩයනා කුමරිය කියන්නේ දුටු පමණින් කාගෙත් සිත් වසඟ කරන දයාබර පෙණුමක් හිමි කුමරියක්. ඇය ඇන්ද පැළන්ද ඇඳුම් පැළඳුම් ලොව ඉතාමත් ප්‍රචලිතයි. ඒවා වරෙක ඉතා ඉහල මිල ගනන් වලට වෙන්දීසි කළා. නමුත් ඇයගේ ආභරණ ඇයගේ ඉල්ලීමට අනුව ඇයගේ පුතුන් දෙදෙනාට හිමි විය යුතු බව ඇය විශේෂ ලිපියකින් දන්වා තිබුණා. මේ ඒ ඇය විසින් දායාද කල ආභරණ වලින් කීපයක්..

“I would like you to allocate all my jewelry to the share to be held by my sons, so that their wives may, in due course, have it or use it.” – Princess Diana

විලියම් කුමාරයා කේට් මිඩ්ල්ටන්ට එන්ගෙජ්මන්ට් මුද්ද ලෙස පැළඳුවේ ඩයනා කුමරිය පැළඳූ මුදුවක්. එය ඩයනා කුමරිය විසින්ම Garrard’s catalog එකෙන් තෝරා ගත් මුදුවක්. මේ ලස්සන මුද්ද දියමන්ති 12කින් වටවුණු කැරට්-12 නිල් සෆායා මැණිකකින් හැඩවෙලා තියෙනවා.

මේ චාම් කරාඹු යුගල අවසන් වරට ඩයනා කුමරිය විසින් පැළඳුවේ 1986දී. මේගන් මාකල් විසින් මෙය 2018දී පැළඳ සිටිනු ඡායාරූප වල දකින්න පුලුවන්.

2019 බ්‍රිතාන්‍ය ඇකැඩමි උළෙලට කේට් ආදිපාදවරිය මෙය පැළඳ සිටිනු දකින්න ලැබුනා. මේ කරාඹු යුගල ඩයනා කුමරිය විසින් පළඳිනු ලැබුවේ 1995දී බ්‍රිඩ්ජ්වෝටර් නිවසේ පැවති ගාලා උත්සවයකදී යි.

මේ මුදුව ඩයනා කුමරියගේ ආභරණ එකතුවේ සුවිශේෂ ආභරණයක්. ඇය මේ මුදුව 1996දී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කළ සංචාරයකදී පළඳිනු ලැබුවා. මේ මුදුව හැරී කුමරු ඔවුන්ගේ මංගල දිනයේ මංගල තිලිනයක් ලෙස මේගන් ට පිරිනැමූ බවයි පැවසෙන්නේ.

මේ බ්‍රේස්ලට් එක ඩයනා කුමරිය නිතර පැළඳූ බව දකින්න පුලුවන්. කේට් ආදිපාදවරිය මේ මුතු ආභරණය ජර්මනියේ සංචාරයකදී පළඳිනු ලැබුවා.

ඩයනා කුමරියට හැරී කුමරු බිහිවූ පසු ඇය විසින් පැළඳූ මේ බ්‍රේස්ලට් එක මේගන් පැළඳ සිටිනු දකින්න පුලුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here