ඩොලරය යළිත් පහළට – Saru News Media | Sri Lanka Business News

0
19

මෙම සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරය නැවත වරක් අවප්‍රමාණය වන ප්‍රවණතාවයක් පෙන්නුම් කර තිබේ.

2024 අප්‍රේල් 22 දින රු. 302.00 ක් ලෙසින් වාර්තා වූ එක්සත් ජනපද ඩොලරයක මිල අප්‍රේල් 24 දින වන විට රු. 301.46 ක් දක්වා සුළු වශයෙන් පහළ ගිය අතර ඊයේ (25) දිනයේ දී එය රු. 298.71 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ යන ලදී.

මේ අතර අද (26) දිනයේ දී ඩොලරයක මිල රු. 297.16 ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් සඳහන් කරයි.

මහ බැංකු දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 291.87 ක් හා විකුණුම් මිල රු. 301.29 ක් ලෙසින් වාර්තා වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here