තම ආගම වෙනස්කර පුවත් මැවූ බොලිවුඩ් තරු – Saru News Media

0
9

ඉන්දියාව කියන්නේ විවිධ ජාති සහ ආගම් රැසක ජනතාව එකට ජීවත් වෙන අපූරු රටක්. නමුත් අතීතයේ තරම්ම නොවුණත්, වර්තමානයේදීත් විවාහ සම්බන්ධතා ආදියේදී ආගම සහ ජාතිය ගැන ඉන්දියානුවන් තරමක් තදින් සොයා බලනවා. ජනප්‍රිය පුද්ගලයෙක් තම ආගම වෙනස් කරනවා කියන්නේ ඉන්දියාවේ සෑහෙන කතාබහට ලක්වන මාතෘකාවක්. ඉතින් අපි අද මේ ලිපියෙන් ඔබට කියන්නේ තම මුල් ආගම වෙනස් කළ ජනප්‍රිය බොලිවුඩ් තරු 7ක් ගැනයි… 

 

ශර්මිලා තාගෝර් කියන්නෙත් හැට හැත්තෑව දශකයන් තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි බොලිවුඩ් නිළියක්. ඇය රඟපෑ “ආරාධනා” චිත්‍රපටය අපේ රටෙත් අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගන්න සමත් වුණා. ඒ වගේම ඇය වර්තමානයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සයිෆ් අලී ඛාන්ගේ මවද වෙනවා. ශර්මිලා හින්දු ආගම ඇදහූ තැනැත්තියක් වුණා. පසු කලෙකදී ඇය ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලී ඛාන් සමග ප්‍රේම සම්බන්ධයක් ඇරඹුවා. මේ පෙම් සබඳතාවට වැඩි ආයුෂ නැති වේයැයි බොහෝ ඉන්දියානු සිනමා සහ ක්‍රිකට් රසිකයින් සිතුවත්, ශර්මිලා සහ මන්සූර් ඛාන් ඉතා සාර්ථකව තම විවාහ ජීවිතය ගත කරනු ලැබුවා. විවාහයට පෙර ඇය විසින් ඉස්ලාම් ආගම වැළඳ ගනු ලැබුව අතර එවක එය ඉන්දියාව තුළ දැඩි කතාබහකට ලක්වුණ සිදුවිමක් වුණා.

 

නග්මා කියන්නේ දමිළ, හින්දි, තෙළිඟු වැනි ඉන්දීය සිනමා කර්මාන්ත කීපයකම ජනප්‍රිය වූ නිළියක්. අනූව දශකයේ නිර්මාණ රසවිඳ තියෙන අයට නම් අමතක වෙන නමක් නෙමෙයි නග්මා කියන්නේ. ඇය රඟපෑ “සුහාග්”, “භාගී”, “කාදලන්” වැනි නිර්මාණ අදටත් ජනප්‍රියයි. ඒ වගේම ඇය ජනප්‍රිය දමිළ නිළි ජ්‍යෝතිකාගෙ වැඩිමල් සහෝදරියද වෙනවා. හින්දු ආගමික පියකුට සහ ඉස්ලාම් භක්තික මවකට දාව උපන් ඇය ඉස්ලාම් දහම තම අාගම කරගෙන සිටියත් 2007 වසරේදී ඇය ක්‍රිස්තියානි දහම වැළඳ ගනු ලැබුවා. 

 

ධර්මේන්ද්‍ර කියන්නේ 70, 80 දශකවල බොලිවුඩයේ වැජඹුණු කඩවසම් නළු පෞර්ෂයක්. ඒ කඩවසම් බව නිසාම ඔහුගේ නිර්මාණ සෑහෙන්න වාණිජ මට්ටමින් සාර්ථක වුණා. ධර්මේන්ද්‍ර උපතින් සික් ජාතිකයෙක් වුණත් පසුව ඔහු ඉස්ලාම් දහම වැළඳ ගත්තා. ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගන්න හේතුව වුණේ ඔහුට ඔහුගේ පළමු බිරිඳ දික්කසාද නොකොට එවකට ඔහුගේ පෙම්වතිය වූ හේමා මාලිනීව විවාහ කර ගැනීමට අවශ්‍ය වීමයි. 

 

මේ නිළියව නම් සමහරුන්ට එතරම් මතක නැතුවත් ඇති. සිනමාවේ වැඩිය සාර්ථක නොවුණු ඒත් සුරූපී නිළියක් වුණු ඇය රඟපෑ “වෝන්ටඩ්”, “පාත්ශාලා”, “දිල් මාන්ගේ මෝර්” වගේ චිත්‍රපටි නම් අපේ හින්දි සිනමා රසික රසිකාවන්ට මතක ඇති. ඇය හින්දු ආගම ඇදහූ තැනැත්තියක් වුණත් ඇය පෙමින් බැඳුනේ ෆර්හාන් අස්මි නම් මුස්ලිම් තරුණයෙක් සමගයි. ඉස්ලාම් චාරිත්‍රවලට අනුව විවාහ දිවියට එළඹුණු ඇය විවාහයෙන් පසුව හින්දු ආගම අතහැර ඇගේ සැමියාගේ ආගම වුණු ඉස්ලාම් ආගම වැළඳ ගන්නට තීරණය කළා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here