ලන්ඩන් මැරතන්: පැය 13කට පසුව තරගය අවසන් කළ 75 හැවිරිදි පුද්ගලයාට උණුසුම් පිළිගැනීමක්

0
17

දණහිසේ ආබාධයක් සමග සටන් කරමින් පැය 13කට වැඩි කාලයක් තිස්සේ ධාවනයේ යෙදී ලන්ඩන් මැරතන් තරගය අවසන් කළ

75 හැවිරිදි පුද්ගලයෙකුට ලැබුනේ අගනගරය පුරා රැව්දුන් අත්පොලසනක්.

2024 ලන්ඩන් මැරතන් තරගය ඉරිදා ආරම්භ වී පැය 13කට වැඩි කාලයක් ගෙවී ගොස් සඳුදා මැදියම් රැය පසුවෙද්දී, ඩොන්කාස්ට නගරයේ පදිංචි ෆ්‍රෙඩ් ටොම්ලින්සන් (Fred Tomlinson) තරගය අවසන් කළේ අන්තිමයා ලෙසින්.

එකදිගට 32 වැනි වතාවටත් ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වී සිටි මේ පුද්ගලයාට සහයෝගය ලබා දුන්නේ තරගයේ අවසානයේ සිටින තරගකරුවන් පොකුරට උපකාර කිරීම පිණිස ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි කණ්ඩායමක්.

හිටපු පොලිස් නිලධාරියෙකු වන ටොම්ලින්සන් මෙවර ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වූයේ ජීවිත අවදානමක් හෝ මාරාන්තික රෝගයක් තිබෙන දරුවෙකු සිටින පවුල්වලට ආධාර කරන සරේ ප්‍රාන්තය මූලස්ථානය කර ගත් Rainbow Trust පදනම වෙනුවෙන්. ඔහු මේ මැරතන් ධාවනයේ යෙදුනේ වයස අවුරුදු 15ක් වීමට දින කිහිපයක් පමණක් තිබියදී මිය ගිය ඔහුගේ දියණිය ක්ලේයා සිහිවීම පිණිස.

ggggdfgdf

“මේ ළමයින් ගත කරන වේදනාත්මක ජීවිත සමග සසඳන විට හැතැප්ම 26ක් දුවනවා කියන එක මට කිසිම ගාණක් නැති දෙයක්. මේ දරුවන්ට තෝරාගැනීමේ අවස්ථාවක් නැහැ. ඒ නිසා, මේ ධාවනයෙන් ඉවත් වීම කිසිවිටෙකත් මට විකල්පයක් වී තිබුනේ නැහැ. මම තරගයේ අන්තිමයා වුනු බව මම කියන්නේ ආඩම්බරයෙන්. මොකද, ලබන වසරේ මට කරන්න තියෙන්නේ ඒ තත්ත්වයෙන් දියුණු වීම පමණක් නිසා” යනුවෙන් ෆ්‍රෙඩ් ටොම්ලින්සන් සඳහන් කරනවා.

ලන්ඩන් මැරතන් තරගය අවසන් වූයේ The Mall ස්ථානයෙන්. නමුත් ෆ්‍රෙඩ් තරගය අවසන් කළේ, තරගය අවසන් කිරීමට පැය අටකට වැඩි කාලයක් ගන්නා ධාවකයන් වෙනුවෙන් සළකුණු කර තිබු විකල්පීය අවසානයක් වන St James උද්‍යානයෙන්.

ප්‍රධාන තරගකරුවන් ලන්ඩන් මැරතන් තරගය අවසන් කිරීමෙන් පසුව පුද්ගලයන් 50 දෙනෙකු පමණ තරගය සම්පූර්ණ කළා. එහෙත් විකල්ප කාලවේලාවකින් ඔවුන් තරගයේ අවසන් රේඛාව පසු කළත් ඔවුන්ට ඉතා වැදගත් වන පදක්කම ඔවුන්ට ලැබුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

  
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here