දැනුමට වැදගත් FB Group ටිකක් – Best lankan Facebook groups – Saru News Media

0
5

දවසට තියෙන පැය 24න් පැය 20ක් වගේ ඉන්ටර්නෙට් එකේ රවුම් ගහන්න තරම් පිස්සුවක් ඇති කළේ ෆේස්බුක්. අම්මා දුන්න සල්ලිවලින් ඩේටා කාඩ් අරගෙන ඒකෙම එල්ලිලා ඉන්න ටිකට වැදගත් දෙයක් ගැන අලුතින් ඉගෙනගන්න මාර්ගයක් ලැබුනොත් කොහොමද? බුකියේ තියෙන ගෲප් ඉංග්‍රීසියෙන් කිව්වොත් සමූහ බුකියේ තියන පුස්තකාල වගේ. හැම එක ම එහෙම නැහැ. ඒත් මේවා නම් සහතික කරලා කියන්න පුළුවන් වටිනාකමක් ඇති සමූහ කියලා.

 

නමින් ම තේරෙනවා නේ මේකේ ඉන්නේ ජීනියස් පොරවල්. එහෙමයි කියලා අමු සැඩිකල් සීන් එකේ ඉන්නෙත් නෑ ගොබ්බයෙක් වගේ ඉන්නෙත් නෑ ගානට මිම්මට. මොකක් හරි පෝස්ට් එකක ඕනිවට වඩා රඟන්න ගියොත් සමූහයේ සාමාජිකත්වය, දාපු පෝස්ට් එක පවා අහිමි වෙන්න පුළුවන්. මේ සමූහයේ දී අලුත් දේවල් ගැන කතා වෙනවා. අතීතයේ දේවලුත් කතා වෙනවා. ඒ හැමදේ ම අපේ දැනුම් පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. මොකක් හරි සමාජ සංසිද්ධියක් සම්බන්ධයෙන් එකිනෙකාට තියෙන ගැටලු පිස්සො වෙන්නේ නැතුව සාකච්ඡා කරලා විසඳගන්නවා.

මෙතනින් යන්න

 

දැන් තියන ප්‍රවණතාව තමයි වෙනත් භාෂාවක් ඉගෙනගැනීම. ඔය අස්සේ අපේ භාෂාව ගැන තියන දැනුම මොට වෙලා යනවා. භාෂාවට ආදරය කරන බුකීවාසියෝ රජයන තැනක් තමයි මේ. සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් අපට තියන ගැටලු කතා කරලා විසඳගන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද!

මෙතනින් යන්න

 

දැන් යාළුවොත් එක්ක තැන් තැන්වල සෙට් වෙන්න සිතියම් පෙරළාගෙන මග දිගට කට්ටියගෙන් අහ අහ යන්න ඕනි නැහැ. මේ සමූහයේ ඉන්නේ තනිකර ම ට්‍රැවල් පිස්සෝ.

මෙතනින් යන්න

 

චිත්‍රපටයක් බැලුවා කියන තැන ඉඳන් ඒකේ විචාරේ වෙනකම් විස්තර දැනගන්න කියාපු සමූහය. ලංකාවේ හිතනවාට වඩා හොඳ රසාස්වාදයක් තියෙන ජන කොට්ඨාසයක් ඉන්නවා කියන හැඟීම ඇතිකරවන සමූහයක්.

මෙතනින් යන්න

 

පරිපාලන සේවා විභාග වගේ ම තවත් ඒ වගේ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න උපාධිධාරී හැමෝට ම මේ සමූහය ලොකු අත්වැලක්. එකිනෙකා කතා කරලා තමන්ට තියන ප්‍රශ්න විසඳගන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here