පාස්කු බෝම්බ පෙන්නා අගරදගුරු වට වංගුවක… පල්ලියේ නීති කඩා සේවා දිගුවක් වතිකානුවෙන් ඉල්ලයි..

0
16

පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට සාදාරනය ඉටුවන තුරු තමන්ට සේවා දිගුවක් ලබා දෙන කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමි වතිකානුවෙන් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා ගාර්ඩියන් වාර්තා කර ඇත.

එම වාර්තාවට අනුව උන්වහන්සේ ඉල්ලා ඇති සේවා දිගුව තවමත් ලැබී නැත.

මෙය විපතකට මුහුණ දුන් ජනතාව අනිසි ලෙස භාවිතා කොට සිය පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සහ කිරීමක් ලෙස මේ ගැන සිය අදහස් ප්‍රකාශ කළ මූලාශ්‍ර පෙන්වා දී ඇත.

එසේම, උන් වහන්සේ ගැන සඳහන් කරන පුවත් වාර්තාව මෙසේ සඳහන් කොට ඇත.

“කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිය රදගුරු පදවිය තුළ දැඩි පූජනීය මාර්ගෝපදේශ නිකුත් කිරීමේ ඉතිහාසයක් තිබේ.

2009 ඔක්තෝම්බර් 7 වන දින, ඔහු ගෞරවාන්විතව දණින් වැටී දිවෙන් ශුද්ධ වූ දිව්‍ය පූජාව නිර්දේශ කිරීම වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ අතර, ගිහියන්ට දේශනා කිරීමෙන් සහ පූජකයන්ට වෙනත් ආගම්වල අංග හෝ නමස්කාර විලාසයන් පූජනීයත්වයට ඇතුළත් කිරීම තහනම් කළේය.

1970 දී, VI වන පාවුළු පාප් වහන්සේ, රෝමානු කියුරියාවේ දෙපාර්තමේන්තු අධීක්‍ෂණය කරන කාදිනල්වරුන් හෝ අපෝස්තලික ආසනයේ සහ වතිකානුවේ වෙනත් ස්ථිර ආයතනවල අධීක්‍ෂණය කරන ලද කාදිනල්වරුන් වයස අවුරුදු 75 ඉක්මවූ පසු ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්විය යුතු බවට නියෝග කළේය.

නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගී වීමට අවසර ඇත්තේ වයස අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට පමණක් වන අතර, ඔවුන්ගේ මුළු සංඛ්‍යාව 120 දක්වා සීමා වේ

නියමිත ක‍්‍රමවේදය වන කාදිනල්වරයා ස්වකීය උපන් රට වන ශ්‍රී ලංකාවේ රදගුරු සමුළුවට දැනුම් දීමේ පල්ලියේ සම්ප්‍රදාය මඟ හරිමින් කෙළින්ම වතිකානුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත”

යොමුව මෙතනින්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here