පුස්තකාල හා විඥාපන විද්‍යා ජාතික සම්මන්ත්‍රණයේ දෙවන අදියර ගම්පහ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී – Saru News Media දේශීය පුවත්

0
9

පුස්තකාල හා විඥාපන විද්‍යා ජාතික සම්මන්ත්‍රණයේ දෙවන අදියර ගම්පහ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පුස්තකාල සංගමය මගිනුයි ජාතික සම්මන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ.

මෙම සම්මන්ත්‍රණය මෙවර පැවැත්වුණේ 18 වන වරටයි. පුස්තකාල ක්ෂේත්‍රයේ විවිධ රැකියාවල නිරත වෘත්තිකයන් සියයකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

පාසල් හා මහජන පුස්තකාලවල සේවයේ නිරත පුස්තකාලවේදීන් සිදුකළ පර්යේෂණවලට අදාළ පර්යේෂණ පත්‍රිකා 34ක් මෙහිදී එළිදැක්වුණා.

මෙහි ප්‍රධාන දේශනය සිදුකළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මධුභාෂිණී දිසානායක මහත්මියයි.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here