රනිල්ට සහාය දෙන්න බැසිල් කැමතියි.. නාමල් අකමැතියි..

0
14

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලබා දීමට පොහොටිටු ප්‍රබලයෙක් වන බැසිල් රාජපක්ෂ මහතා වැඩි කැමැත්තකින් සිටින බව වාර්තා වේ.

නමුත් මේ තීරණයට පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රසාදයක නැති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

තමන් අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා සමග ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවක් අවසානයේ දී හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

නමුත් නාමල් රාජපක්ෂ මහතාගේ මතය නිසා ජනාධිපතිවරණය කැඳවන තෙක් සහාය පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු නොකිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් වික්‍රමසිංහ හට සහාය දීම හමුවේ දැනට ඉතිරිව සිටින පක්ෂ ආධාරකරුවන්ද පක්ෂය අතහැර යනු ඇති බවය.

නමුත් මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂය විසින් නොකළ යුතු බව පක්ෂයේ ප්‍රබලයින් වැඩි දෙනෙක් නාමල් රාජපක්ෂ වෙත ප්‍රකාශ කර ඇති බව ද පැවසේ.

– විදුනෙත් සියඹලාපිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here