ලෝකයේ තියෙන අමුතුම එළවළු සහ පළතුරු – Saru News Media

0
2

දැක්කම හිතට අමුත්තක් දැනෙන, කනවද නැද්ද? බලාගෙනම ඉන්නවද කියලා හිතෙන මේ ලෝකෙ තියන අමුතුම ජාතියෙ පළතුරු හා එළවළු ටිකක් ගැනයි අද කියන්න යන්නෙ. බලන්න ජීවිතේ කවදමහරි මේවා හම්බෙලා තියනවද, කාලා තියනවද කියලා. එහෙනම් ඔයාගෙ එක්ස්පීරියන්ස් එකත් අපිට කියන්න අමතක කරන්න එපා.

 

මැලේසියාවෙ, නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ හා පැසිෆික් දූපත් වලට ආවේණික වූ පළතුරක්. මේක සාමාන්‍යයෙන් තියෙන්නෙ වෙරළ ආශ්‍රිතවයි. මේකෙ රසය සාමාන්‍යයෙන් අඹ, අන්නාසි වගේ මද පැණි රසක් උනත් සමහරු නම් වරකා රසයට සමානයි කියලත් කියනවා. හලා පළතුරේ හිත් ඇදගන්නාසුළු මල් සුවඳ මේ පළතුරට විශේෂ මිහිරක් එක්කරනවා. මේ හලා ගස ආර්ථිකමය හා සංස්කෘතිමය වශයෙන් ඉතා වැදගත් ශාකයක්. පෙනුමෙනුත් හරිම ලස්සන හිත් ඇදගන්නාසුළු ස්වභාවය නිසාම ඒක දකින ඕන කෙනෙක්ට කන්න ප්‍රිය ඇති කරනවා.

 

 

මුහුදෙ තියන ගල් මලක් වගේ පේන මේ බ්‍රෝකොලි විශේෂය සාමාන්‍ය බ්‍රොකොලි හා කෝලිෆ්ලවර් වලට සමාන උනත් ඊට වඩා පැණි‍රස හා පෝෂ්‍යදායක ගතියකින් යුක්තයි. මේක හයිබ්‍රිඩ් කරපු එළවළුවක්. කුක් කරලා, සැලඩ් වලට, පැස්ටා එක්ක වගේම සුදුළූණු හා ළූණු එක්ක රෝස්ට් කරලා කන්නත් පුළුවන්. මේක Roman Cauliflower කියලත් හදුන්වනවා. මේකෙ විටමින් C, K හා ෆයිබර් අඩංගු වෙනවා. ඉතාලියේ රෝමය ආශ්‍රිතව බහුලව මේවා වැවෙනවා කියලයි අපිට ආරංචි උනේ.

 

 

 

Blighia Sapida නමිනුත් හඳුන්වන මේ ඇකී පළතුර බටහිර අප්‍රිකාව, කැරිබියන්, දකුණු ෆ්ලොරිඩාව හා මධ්‍යම ඇමරිකාවෙ දක්නට ලැබෙන පළතුරක්. මේක අමුවෙන් කන්න කොහෙත්ම සුදුසු නෑ. මොකද මේකේ hypoglycin කියන විෂ අන්තර්ගත වෙන නිසා. ඖෂධ සඳහාත් ගන්න මේ පළතුර හොඳට තම්බනකොට මේකෙ තියන විෂ නැතිවෙලා යනවා. මේක ආහාරයට ගන්න නම් සුද්ද කරලා කළු ඇට අයින් කරලා පොත්ත කොටස තම්බලා ගන්න ඕනේ. මේක ප්‍රෝටීන්, විටමින් හා ෆයිබර් බහුල ආහාරයක්. ඉදුණු පළතුරේ ඇට වල විෂ තියෙන්න පුළුවන් නිසා ඇට අයින් කරලම ආහාරයට ගන්න. මේකත් හරියට අපි මඤ්ඤොක්කා තම්බනවා වගේ තමා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here