සජිත් හා අනුර අතර යෝජිත විවාදයට මැදිහත් වෙන්න – නීතිඥ සංගමයට ඉල්ලීමක් | Saru News Media

0
15

සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශ්වයක් ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් අද (26) දිනයේ ලිපියක් මඟින් නීතිඥ සංගමයෙන් මෙම ඉල්ලීම සිදුකළා.

මෙම ඉල්ලීමට අදාළ ලිපිය අද (26) පස්වරුවේ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නීතිඥ සංගමයේ ලේකම්වරයා වෙත භාරදෙනු ලැබුවා.

අදාළ ලිපිය මඟින් සමඟි ජන බලවේගය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ පක්ෂ දෙකේ නායකයින් අතර සහ පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාද සඳහා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ද මැදිහත්වන ලෙසයි.

අදාළ ලිපිය පහතින්..

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here