20-20 ලෝක කුසලානයේ තානාපති ලෙස හුසේන් බෝල්ට් (වීඩියෝ) | Saru News Media

0
16

එළඹෙන ජුනි මස පළමුවනදා සිට ආරම්භ වන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයා ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජුනි පළමු වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තමන්ට හිමි වූ මෙම නව අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් උසේන් බෝල්ට් ප්‍රකාශ කළේ,

ඉදිරි ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා තානාපතිවරයෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ක්‍රිකට් ජීවිතයේ කොටසක් වන කැරිබියන් දූපත්වලින් පැමිණි මගේ හදවතේ ක්‍රීඩාවට සැමවිටම විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් තරඟවලට සහභාගී වී ගෝලීය වශයෙන් ක්‍රිකට් වර්ධනයට දායක වීමට මම බලාපොරොත්තු වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here