ඇත්තටම ගෑණු ළමයි කැමති වෙන්නේ මොන වගේ කොල්ලන්ටද? ඕක ඉතින් කොල්ලෙක් නං අනිවාර්යයෙන්ම ජීවිතේ එක පාරක් හරි පැන නඟින ප්‍රශ්නයක් තමයි. හැබැයි ඇත්තටම ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නවා කියන්නේ, අනිවාර්යයෙන්ම කාන්තා පාර්ශවයේ ආකර්ෂණයට ලක් වෙන කූල් මනුස්සයෙක් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් කූල් මනුස්සයෙක් වෙනවා කියන්නේ මොකක්ද, එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් අයට හරි අදහසක් නෑ. ආන්න ඒ නිසා, අපි හිතුවා, කාන්තාවන්ගේ ආකර්ෂණයට ලක් වෙන කූල් මනුස්සයෙක් වෙන්න වැදගත් වෙන ටිප්ස් කීපයක් ලබාදෙන්න.
මොනවා කරන්නත් ඉතින් පර්සනැලිටි එක හදාගන්න ඕනැනේ. ආකර්ෂණීය පෞරුෂත්වයක් ගොඩනංවාගන්න ටිප්ස්, එතකොට පෞරුෂත්වය වැඩි කරගන්න සාර්ථක ක්‍රම එහෙම අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. එතනදී හොඳ සන්නිවේදනයක් තිබීම, පෞරුෂත්වය වැඩි කරන සුළු ශරීර අභිනයන්, ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන ඇවිදින්න, වාඩි වෙන්න පුරුදු වීම වගේ දේවල්, ලැජ්ජාවෙන් ඇඹරෙන ගති ලක්ෂණ නැති වීම, ලෝකේ එදිනෙදා දේවල් ගැන දැනුවත්ව හිඳීම, ශක්තිමත් ආකල්ප තිබීම වගේ දේවල් වැදගත්. ඒ වගේම, පුරාජේරු කියවන පම්පෝරිකාරයෙක් නොවීම, සරල වීම වගේ දේවල් නිසාත් හොඳ පොසිටිව් පර්සනැලිටි එකක් කෙනෙක්ට ලැබෙනවා. ඒ වගේම, තැනට ගැළපෙන විදියට පිළිවෙලට, පිරිසිදුවට අඳින්න පළඳින්න පුලුවන් වීම, තමන්ගේ පෙනුම පිළිවෙලට තබා ගැනීම නැතිනම් හොඳට ගෘම් කරලා තිබීම සහ හොඳ ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් සහ සෞඛ්‍යයකින් පසුවීමත් මේකටම එකතු වෙන්න ඕන. ආන්න ඒ විදියට පර්සනැලිටි එක හදාගන්න එක, කූල් මනුස්සයෙක් වෙන්න වැදගත්.
කූල් මනුස්සයෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි හොඳ ආත්ම විශ්වාසයක්. ඒ කියන්නේ, කූල් මනුස්සයෙක් තැනකට ගියහම, එයා තමන් ගැන සම්පූර්ණ ආත්ම විශ්වාසයකින් හැසිරෙන්නේ. ඒක අනික් හැමෝටමත් දැනෙනවා. මතක තියාගන්න, හොඳ ආත්ම විශ්වාසයක් තියෙනකොට, ඒ කෙනා දිහා අනික් මිනිස්සු බලන විදිය පවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි මීට කලින් කියලා තියෙනවා ආත්ම විශ්වාසය ඉහළ දමාගන්න නම් කරන්න ඕන දේවල් ගැන. ඒ වගේම, ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගන්න නම් කිසිසේත්ම නොකළ යුතු දේවල් ගැන. ඉතින් හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න කරන්න ඕන දේවල්, පොසිටිව් පර්සනැලිටි එකකටත් සෑහෙන්න බලපානවා. ඒ වගේම, පොසිටිව් පර්සනැලිටි එකක් තිබීමත් ආත්ම විශ්වාසය ඉහළ යන්න එක හේතුවක්. මේවා එකිනෙකට සෑහෙන්න සම්බන්ධයි.
අද කාලේ ඉන්න ගොඩක් දෙනෙක්ව මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් තියෙනවා. ඒ තමයි, අනික් මිනිස්සු තමන් ගැන හිතන්නේ මොකක් ගැනද කියලා හැම තිස්සෙම හිතන එක. ඒ කියන්නේ, ගොඩක් දෙනෙක් දේවල් කරන්නේ තමන්ට ඕනෑවට නෙවෙයි, අනික් මිනිස්සුන්ව සතුටු කරන්න, අනික් මිනිස්සුන්ගේ පිළිගැනීම ලබාගන්න. මේ අනික් මිනිස්සු කියන කාණ්ඩෙට තමන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ අය, යාළු මිත්‍රයෝ, රැකියාවේ එකට ඉන්න අය, නෑදෑයෝ, අසල්වාසියෝ ඉඳලා මුළු මහත් සමාජයම අයිති වෙනවා. හැබැයි ඇත්තටම කූල් පර්සනැලිටි එක්ක් තියෙන මනුස්සයෙක්ට අනික් මිනිස්සු තමන් ගැන හිතන්නේ මොනවද කියන එක වැදගත් වෙන්නේ නෑ. කොහොමත් ප්‍රබල පෞරුෂත්වයක් තියෙන මිනිස්සුන්ට තමන්ගේම සදාචාරාත්මක රාමුවක් තියෙනවා. ඒක නිසා වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කරලා හඳුනගන්න පුලුවන්. හැබැයි ඒ නිසා, මේ අයට ලෝකේ අනික් මිනිස්සු තමන් ගැන, තමන් කරන කියන දේ ගැන හිතන්නේ මොනවද කියන එක වැදගත් වෙන්නෙ නෑ.
මෙතනදී විශේෂයෙන්ම, තමන්ව අවධානයට ගන්න කාන්තාවන් තමන් ගැන හිතන්නේ මොනවද කියන එක ගැන වද වෙන්න එපා කියන එකත් කියන්න ඕන.
ගෑණු ළමයින්ගේ අවධානයට හසුවෙන කූල් මනුස්සයෙක් වෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි මේක. ඒ කියන්නේ දැන් නිකමට හිතලා බලන්න දන්න අඳුනන කොල්ලෝ ගැන. එතනින් ගොඩක් දෙනෙක් කෙල්ලෙක් දැක්ක ගමන් මොකද වෙන්නේ? පරල වෙනවා! සමහර විට තනියෙන් නම් ඉන්නේ හොරෙන් බලන එක, ලැජ්ජාවෙන් ඉන්න එක ස්වභාවය වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් කොල්ලෝ සෙට් එක පිටින් එහෙම ඉන්නකොට, කෙල්ලෙක් දැක්ක ගමන් සෙවල පෙරන්න පටන් ගන්නවා. ආන්න ඒක පටන් ගන්නත් කලින්ම ලකුණු කපාගන්න පොයින්ට් එකක්. සාමාන්‍යයෙන් කෙල්ලෝ අවධානයට කැමති වුණත්, සෙවලයන්ට කැමති නෑ.
Saru Fm Media