රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට නියෝග – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
12

රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරට අධිකරණයක් අද  නියෝග කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයාට අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශෝයිගු ගේ සමීපතමයෙකු ලෙසයි සැලකෙන්නේ.

තිමූර් ඉවනොෆ් ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විචාරකයින් පවසන්නේ රුසියානු හමුදා 2022 වසරේ පෙබරවාරි මාසයේදී යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව එරටින් වාර්තා වූ ප්‍රධානතම දුෂණ සිද්ධිය බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ සිය කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටියදී රුසියානු මධ්‍යම ආරක්ෂක සේවය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. විශාල වශයෙන් අල්ලස් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදුකළ ව්‍යාපෘති වලින් අල්ලස් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති අතර එම චෝදනා සඳහා වැරදිකරු වුවහොත් වසර 15ක සිරදඬුවම් ලැබිය හැකි බව සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here