පිරිමි දැනගෙන හිටියා නම් කියලා කාන්තාවෝ රහසින් හිතන දේවල් මේවා තමයි! – Saru News Media

0
5

ගැහැණු සහ පිරිමි වෙනස් කියන එක අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. විශේෂයෙන්ම ගැහැණු සහ පිරිමි හිතන පතන විදිය සමහර තැන් වලදී අහසට පොළව වගේ වෙනස්. ඒ නිසා තමයි කොහොමද ගැහැණු හිත් අවබෝධ කරගන්නේ, කොහොමද පිරිමි හිතන විදිය දැනගන්නේ වගේ මාතෘකා ඔස්සේ මෙච්චර පොත් ලියවෙන්නේ. ගොඩක් වෙලාවට දෙන්නෙක් ලව් එකක් පටන් ගත්ත වෙලාවක හරි කසාද බැන්ද වෙලාවක හරි, හෙමි හෙමින් දෙන්නට දෙන්නාව තේරුම් ගන්න පටන් ගන්නවනේ. හැබැයි සමහර දේවල් තියෙනවා කෙල්ලෝ මළාට කියන්නෙ නෑ. ඒත් රහසින් හිතනවා “පිරිමි මේ ගැන දැනගෙන හිටියා නම්” කියලා. එහෙම රහසින් හිතන දේවල් ගැන සමහර පිරිමි දන්නවා, ඒත් සමහර පිරිමින්ට ඒ ගැන මෙලෝ අයිඩියා එකක් නෑ. ආන්න ඒ නිසා කොල්ලන්ට උදව්වක් විදියට එහෙම එව්වා මොනවද කියලා පොඩි අදහසක් දෙන්නයි අපි ට්‍රයි කරන්නේ!

 

සාමාන්‍යයෙන් ඔය පුරුෂාධිපත්‍ය සීන් එකේ ඉන්නකොට පිරිමියා සල්ලි හොයනවා, ගැහැණිය කුස්සියේ වැඩ ඇතුළු ගෙදරදොරේ වැඩ බලාගන්නවා කියන එක තමයි තියෙන්නේ. හැබැයි දැන් කාලේ වෙනස් වෙලා, ගැහැණියත් පිරිමියා එක්කම හරි හරියට වැඩ කළත්, තාමත් ඔය ක්‍රමේ ගොඩක් තැන්වල වෙනස් වෙලා නෑ. වයිෆ් උයනකල් හස්බන්ඩ් ටීවී බලනවා.

හැබැයි ඇත්තටම කටින් නොකිව්වත් කෙල්ලෙක් කැමතියි කුස්සිය ආගන්තුක නොවෙන පිරිමියෙක්ට. උයන්න පිහන්නත් දන්න පිරිමියෙක් නම් සුපර්. එහෙම නැතත් අඩු තරමින් කුස්සියට ඇවිත් තමන් උයනකල් මොනවා හරි කියව කියවා ඉන්න, පොඩි අත් උදවුවක් දෙන පිරිමියෙක්ට කෙල්ලෙක් මාරම කැමතියි.

 

ගොඩක් වෙලාවට නිහඬ කෙල්ලෙක් වුනත් තමන්ගේ ආදරවන්තයා ගාව කියෝ කියෝ හුරතල් වෙවී ඉන්න කැමතියිනේ. හැබැයි යාලු වෙන්න ට්‍රයි එක දෙන කාලේ කොහොම වෙතත්, පස්සේ කාලයක් වෙනකොට පිරිමි තමන්ගේ ගැහැණියට ඇත්තටම ඇහුම්කන් දෙන්නෙ නෑ. කෙල්ල කියෝනකල් හුම් හුම් කිය කියා ඉඳී. හැබැයි කණකට ගන්නෙ නෑ කියන දෙයක්. ඇත්තටම ඒක කෙල්ලෙක්ගේ හිත රිදෙන කාරණාවක්. සමහර වෙලාවට කෙල්ලෝ කියවන දේවල් කාටවත් පලකට නැති වෙන්න පුළුවන්. ඒත් එහෙම කියවන දේවල් වලට ඇත්තටම ඇහුම්කන් දෙන එකෙන් එයත් එක්ක පිරිමියා දේවල් බෙදාගන්නවා කියන හැඟීම එනවා. ඒ නිසා තමයි කෙල්ලෝ රහසින් ප්‍රාර්ථනා කරන්නේ කොල්ලෙක් තමන්ට ඇත්තටම ඇහුම්කන් දෙනවා නම් කියලා!

 

දැන් ඔය පීරියඩ්ස් නැතිනම් මෙන්සස් නැතිනම් ආර්ථවය කියන්නේ ගැහැණියකට බොහොම සරල, ලේසි කාලයක් නෙවෙයි. ඒ කාලෙට ඇඟපතේ අමාරු තියෙනවා. ශාරීරික අපහසුතා තියෙනවා. මූඩ් අප්සෙට් යනවා. කොටින්ම ගැහැණියක් මාසේ දවස් කීපයක් ගත කරන මේ අමාරු කාලය පිරිමියෙක් තේරුම් ගන්නේ හරි කලාතුරකින්. හැබැයි හැම කාන්තාවක්ම ප්‍රාර්ථනා කරනවා තමන්ගේ පිරිමියා ඒ කාලය තේරුම් ගන්නවා නම් කියලා.

 

මෙන්න මේක ටිකාක් විතර සෙන්සිටිව් සීන් එකක්. ඔව් ඔව්, සෙක්ස් සීන් එකක් තමයි. දැන් ඔය සෙක්ස් කිව්වහම ගොඩක් පිරිමින්ගේ හිතේ තියෙන්නේ එක විදියක අදහසක්. පොඩ්ඩක් එහෙන් මෙහෙන් කිස් කරලා, අල්ලලා, මිරිකලා ඉන් පස්සේ තමන්ගේ සතුට වෙනුවෙන් කරන්න ඕන දේවල් ටික කරවගෙන, වැරෙන් පහර දීලා ගේම ක්ලෝස් කළහම කෙල්ලෝ තෘප්තියෙන් පිරී ඉතිරි යනවා කියන එක තමයි ගොඩක් පිරිමි හිතාගෙන ඉන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් කෙල්ලන්ගේ ආශාවල් සමහර වෙලාවට පිරිමින්ටත් වඩා සංකීර්ණයි. ගොඩක් වෙලාවට මේ ආශාවල් එලියට එන්නේ නැති තරම්. හැබැයි කෙල්ලෝ රහසින් ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ තමන්ගේ මේ ආසාවල් වටහා ගනී, තමන්ගේ ආසාවල් විවෘතව ප්‍රකාශ කරන්න පාර එළිපෙහෙළි කරයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම ඇඳට නැග්ගහම තමන්ගේ වැඩේට මුල් තැන නොදී තමන්ගේ කාන්තාවගේ ආසාවල් ඉෂ්ට කරන්නත් වැඩියෙන් මහන්සි වෙයි කියලා.

 

මේක පොදු කාරණයක්. ඔය ලව් කරනවා කියන සීන් එක ගොඩක් වෙලාවට සම්බන්ධයක් ඇතිවුණු මුල්ම කාලේ තිබුණත්, පස්සේ පස්සේ  ලව් එක පරණ වෙනකොට, කසාද බැඳලා තලත්තෑනි වෙනකොට පිරිමින්ට ඔය පුංචි පුංචි ආදරේ පෑම් අමතක වෙනවා. හැබැයි කෙල්ලෙක් ආසයි යාලුවෙච්ච කාලේ වගේම අදටත් කොල්ලා තමන්ට පොඩි සප්‍රයිස් ගිෆ්ට් එකක් එහෙම දෙනවා නම්. පොඩි පොඩි ආදර පෑම් කරනවා නම්. කොටින්ම ආදරේ නැවුම්ව පවත්වා ගෙන යනවා නම්. හැබැයි මේ පොයින්ට් එක අදාළ වෙන්නේ පිරිමින්ට විතරක් නෙවෙයි, ගැහැණුන්ටත් ඒක එහෙමම අදාළයි.

 

මෙන්න මේකත් පිරිමි කවදා හරි තේරුම් ගනීවි කියලා ගැහැණු බොහොම තදින්, රහසින් ප්‍රාර්ථනා කරන දෙයක්. දැන් කෙල්ලෙක් සමහර වෙලාවට අල්ලපු ගෙදර ගෑණු කෙනාගේ මොකක් හරි වැරැද්දක් අල්ලගෙන තමන්ගේ කොල්ලත් එක්ක ඒ ගැන කියවනවා, බණිනවා. සමහර වෙලාවට අල්ලපු ගෙදර එක්කෙනාගේ නහය ඇදයි කියලා වෙන්න පුළුවන් කියන්නේ. එතකොට පිරිමියා මොකද කරන්නේ? අසල්වාසීන් එක්ක සහජීවනයෙන් ඉන්න විදිය ගැන දේශනාවක් දෙනවා වයිෆ්ට. හැබැයි මේ වෙලාවට ගැහැණියට වුවමනා කරන්නේ දේශනා හෝ පැහැදිලි කිරීම් හෝ සදාචාරයන් ගැන නෙවෙයි. ඒ අයට ඕන පිරිමියා හූමිටි තියන්න. විශේෂයෙන්ම කෙල්ලෙක් තමන්ගේ ප්‍රශ්නයක් නොනවත්වාම කියවන එකෙන් වුනත් බලාපොරොත්තු වෙන්නේ තමන්ට හූමිටි තියලා කියන දේ අහන් ඉඳීවි කියලා මිසක්, තමන්ගේ ප්‍රශ්නෙට කොල්ලා දාර්ශනික විසඳුම් දෙයි කියලා නෙවෙයි!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here