අම්මලයි පුතාලයි අතරෙ කතා – Saru News Media

0
6

ඔයාගේ තාත්තත් අම්මලයි පුතාලයි ඕන දෙයක් කරගන්නෙකයි කියල කාමරේට ගිහින් පොතක් පත්තරයක් කියවල තියෙනවද? අන්න ඒක තමයි පවුලෙ සාස්තරේ. ඒක අම්මලගෙයි පුතාලගෙයි තියෙන ස්පෙෂල් කෙමිස්ට්‍රියක්. අන්න ඒ ස්පෙෂල් කෙමිස්ට්‍රිය ගැන තමයි අපි අද කියන්නෙ. මේක කියවන ​කොට අම්මව මතක් වෙන්න පුළුවන්. අඩු තරමෙ ළඟ නැත්තං කෝල් එකක්වත් දෙන්න ඉතිං. හැමදේම කරලා, උඹ ෆේල් වුනාම හොරෙන් අඬලා, බෝධි පූජා තිය තිය හොඳ මිනිහෙක් කරන්න මහන්සි වෙච්ච අම්මනෙ මචං. මේ කියන කතාව කොයි අම්මටයි පුතාටයිත් පොදු ඇති. අන්න ඒ නිසා සාවධානව අහගෙන ඉන්න. මේ දේවල් වැඩිමල්ලු විදියට බලද්දි තරමක විහිළුවක් කියලත් හිතේවි.

 

දැන් ඔන්න යනව වලියක්. වලිය පටන්ගන්න මහ හේතුවක් ඕන නෑ අම්මෙකුටයි පුතෙකුටයි. “මොකද මාළු නොකෑවෙ?, කවදද උඹ ඔය කාමරේ අස් කරන්නෙ?, උඹට අඳින්න කළු පාට ටීෂර්ට් ඇරෙන්න වෙනිං ඇඳුමක් නැද්ද?” වගේ ප්‍රශ්නයක් අහල තමයි අපි මේ කියන වලිය පටන්ගන්නෙ. ඉතිං ඔන්න දැන් පුතා කතා කරන්නෙ නෑ. උදේ තේක බීලත් නෑ. අම්මට පපුව පිච්චෙනව දැන්. එහෙමයි කියල සටන පාවලා දෙන්නත් බැහැනෙ. එයා අම්මනෙ. අරූ පුතානෙ.  හැබැයි දැන් පුතාව යාළු කරගන්නත් ඕන. යටත් නොවෙන්නත් ඕන. අම්ම ඒකට පාවිච්චි කරන්නෙ අමුතුම එකක්. කාමරේ දොර ගාවට ගිහින් තරමක් සද්දෙට කියනව. “ඇවිල්ල කන්න!” කියල. අන්න එහෙමයි දැන් යාළු වෙයං කියල අම්මෙක් පුතාට ආරාධනා කරන්නෙ.

 

දැන් ඔහොම්මමනෙ පුතත්. පුතාටත් කේන්තියි. අම්ම හොඳටම දන්නව තියෙන්නෙ කළු පාට ෂර්ට් විතරයි කියල. දැන දැන බනිනව තැනකට යනකොට තොට කළු පාට ඇඳුම් විතරමද තියෙන්නෙ කියල. පුතාට කේන්ති අම්ම බනිනවට නෙමෙයි. මේව ඇහිල කොයි වෙලේ හරි තාත්ත කුලප්පු වෙයි කියලයි පුතාට බය. ඉතිං මේ අවුඅස්සෙ මෙහෙම එවුව දරාගෙන ඉන්න බැරුව පුතා කියන වචනෙකට අම්මගෙ හිත රිදෙනව. වෙනද වගේ එදාට ​තේක දීලා ඔලුව අතගාගෙන යන්නෙ නෑ. තේක මේසෙ උඩින් තියල රානි මුඛර්ජි වගේ ගස්සගෙන යන්නෙ. එවුව යාළු කරගන්න පුතා දාන්නෙ එක වචනයයි. “අම්මෙ! බඩගිනියි!” අනේ කිවුව ගමන් පපුව හෝස් ගාලා දාලා ගිහිං සියළු තරහමරහ අමතක කරලා ඇවිත් අහනව කන්න මොනවහරි උයනකං තේකක් හදල දෙන්නද කියල.

 

ඔන්න පුතාට ඉස්කෝලෙ යන්න කම්මැලි හිතුනම යනව උදෙන්ම තාත්තා ළඟ නැති වෙලාවක් බලලා අම්මා ගාවට. අම්ම ළඟට එද්දිම දන්නව පුතාගෙ ලෙඩේ.

“බොරු කියාගෙන නං එන්නෙපා. අද ඉස්කෝලෙ යන්න ඕන.”

“කෑ ගහන්න එපා අම්මෙ”

“ඇයි?”

“තාත්තට ඇහෙයි”

“තාත්තා කඩේ ගියා”

“අක්කට ඇහෙයි”

“ඇහුනම?”

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here