ස්මාට්ෆෝන් ලොවෙන් බැසගිය තරුව – එල් ජී (LG) – Saru News Media

0
9

එල් ජී (LG) කියන්නේ ගෘහ උපකරණ වලට ලංකාවෙත් ජනප්‍රිය නාමයක්. මේ එල් ජී සමාගම නිපදවපු ජංගම දුරකතන ලංකාවෙත් එච්චරම හිට් වුණේ නැහැ. ලෝක වශයෙන් ගත්තොත් එහෙම ඉතින් මේ එල් ජී සමාගම අලුත් විශේෂාංග සහිත ජංගම දුරකතන පහුගිය කාලේ පුරාවටම එළියට දැම්මා. ඔවුන්ගේ ජී (G) සහ වී (V) කියන සීරීස් දෙක ජංගම දුරකතන ලෝකය වෙනස් කළා. ඒත් ඒ වුණත් සමාගම පාඩු ලැබීම අඩුවක් වුණේ නැහැ. ඒ නිසා එල් ජී සමාගම දැන් ෆෝන් නිපදවීමෙන් අයින් වෙලා.

 

2021 අප්‍රේල් වල තමයි මේ එල් ජී සමාගම මොබයිල් ෆෝන් ලෝකයෙන් සමුගැනීම නිවේදනය කළේ. ඒ අනුව ඔවුන් ජූලි මස 31 වැනිදායෙන් පස්සේ නව ජංගම දුරකතන නිපදවන්නේ නැහැ. මේ තීරණයට හේතු වුණේ පහුගිය කාලය පුරාවට එල් ජී සමාගම ඩොලර් බිලියන 4.5ක අලාභයක් වාර්තා කිරීම. මේ තත්ත්වයෙන් මිදෙන්න එල් ජී සමාගම විවිධ ක්‍රමෝපායන් දියත් කළත්, එල් ජී සමාගම තියෙන කොරියාව තුළවත් සැම්සන්ග් සහ ඇපල් මට්ටමට ළං වෙන්න එල් ජී වලට හැකියාව ලැබුණේ නැහැ.

 

 

ස්මාට්ෆෝන් එකක් නිපදවීම කියන්නේ සරල දෙයක් නෙමෙයි. ඊටත් ඉහළම මට්ටමේ කැමරා සහ විශේෂාංග ඇතුළත් සුපිරි මට්ටමේ ෆෝන් එකක් හදන්න සම්පත් ගොඩක් ඕනි. ඉතින් ෆෝන් හදන එක නැවතුණාට පස්සේ ඒ ෆැක්ටරි, ඒ ඩිසයිනර්ස්ලා, සොෆ්ට්වෙයාර් වැඩකරුවන් ආදී පිරිසට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආවා. සමාගම කියන විදිහට ඒ අය එල් ජී සමාගමේම වෙනත් අංශ සහ නිෂ්පාදන වෙනුවෙන් යොමු කරලා තියෙනවා. ස්මාට් හෝම් රොබොටික්ස්, ආටිෆිශල් ඉන්ටෙලිජන්ස්, ඉලෙක්ට්‍රික් වාහන කොටස් ආදිය නිපදවීමට ඔවුන් යෙදවුව බව තමයි සඳහන් වුණේ.

 

 

එල් ජී සමාගම හඳුන්වා දුන් ඇතැම් විශේෂාංග පසුකලෙක ෆෝන් ලොව බොහොම ජනප්‍රිය වුණා. ස්ක්‍රීන් දෙකක් දෙපැත්තටම එන ඩුවල් ස්ක්‍රීන් ෆෝන් මෑතකදී එල් ජී සමාගම බජට් ෆෝන් වලටත් හඳුන්වා දුන්නා. ඒ වගේම ෆෝන් එක වහන ඉදිරිපස කවරයටත් ස්ක්‍රීන් එකක් එන විදිහට එල් ජී සමාගම ෆෝන් එකක් ඉදිරිපත් කරලා තිබුණා. ඊළඟට එන්න නියමිත වුණේ ස්ක්‍රීන් දෙකක නැමිය හැකි ස්මාට්ෆෝන් එකක්. ඒත් ඒක පර්යේෂණ මට්ටමේ තිබියදීම ව්‍යාපාරය අතරමැද නැවතුණු නිසා ඒක වෙළඳපොලට ආවේ නැහැ.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here