අඩියක් ගහන්න නව තාක්ෂණය යොදා ගත හැකි අයුරු 7ක් – Saru News Media

0
13

හැම දේම තාක්ෂණේට බාර වෙවී යන්නෙ. එහෙවු එකේ සිම්පල් එකේ හිත නිදහස් කරගන්න ගහන අඩියක් වුනත් ටෙක්නිකලි ගසන එකේ වැරැද්දක් කියන්න බෑ. අපි මේ කියන්න යන්නෙ නරක දෙයක් හෝ බීමට හුරු කරවන දෙයක් නෙමෙයි. මේ තාක්ෂණේ නොබොන එවුන්ට පාවිච්චි කරලා වැඩකුත් නෑ. අන්න ඒ නිසා මේ කියන්නෙ අතිශය ප්‍රයෝජනවත් බෙබා ටෙක්නොලොජීස් 7ක් ගැනයි.

 

නමෙන්ම දන්නවනෙ. මේක ලංකාවෙ සිංහල ඇප් එකක්. එතකොට මේකෙ මොනවද තියෙන්නෙ? ඇත්තටම බොමු එකේ තියෙන්නෙ ලංකාවෙ අරක්කු මිල ගණන්. අරක්කු විතරක් නෙමෙයි. ලංකාවෙ නිෂ්පාදනය වෙන විස්කි, බියර්, බ්‍රැන්ඩි, වොඩ්කා, ජින්, රම් සහ වයින් වර්ගවල මිල ගණං ඒ හරහා දැනගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ටොප්ම මධ්‍යසාර වර්ග 25හේ ලැයිස්තුවත් ඇතැමුන්ට ප්‍රයෝජනවත් වේවි. ගණං හිලවු දැනගෙන යන එක හොඳයි වගේම හිතටත් සනීපයි නිසා බොමු කියන්නෙ බොන අය ගාව තිබිය යුතුම ඇප් එකක් බව කිව යුතුමයි.

 

මේ වෙබ් අඩවියෙන් කරන්නෙ විශාල සේවාවක්. ළඟදීම ඇපල් ස්ටෝර් වෙතත්, ඇන්ඩ්‍රොයිඩ් වෙතත් මෙහි නිල ඇප් එක නිකුත් වේවි. සිද්ධ වෙන්නෙ මේකයි. වාහනේකින් රෙස්ටුරන්ට් එකකට හෝ ගෙදරින් පි‌ටට ගිහින් ඩ්‍රින්ක් එකක් දැම්මම සිද්ධ වෙන ප්‍රධානම අවුල මොකද්ද? ඒ තමයි ඩෝප් වැඩි නිසා වාහනේ ඩ්‍රයිවු කරන් යන්න විදියක් නැති එක. ඊට පස්සෙ ඔන්න ඔහේ කොහොමහරි යනව කියල සමහරු පාරට බහිනවා. තවත් සමහරු වාහනේ තිබ්බ තැනම දාලා ත්‍රීවීල් එකකින් ගෙදර යනවා පහුවදාට වාහනේ ගන්න බලාගෙන. මේකට උදවුවක් තමයි ඩ්‍රින්ක් ඩ්‍රයිවු එකෙන් වෙන්නෙ. සයිට් එකේ රෙජිස්ටර් වෙලා රික්වෙස්ට් එක යැවුවම ඔයා ඉන්න තැනට එනවා ඩ්‍රයිවර් කෙනෙක්. එයා ඔයාවයි ඔයාගෙ වාහනෙයි පරිස්සමට ගෙදරට ඇරලවලා යාවි. අන්න සර්විස්!

 

පිළිවෙළකට බොමු. ඒක තමයි කොක්ටේල් ශ්‍රී ලංකා එකේ තේමා පාඨය. ඇත්තටම කිසිම පිළිවෙළක් නැතුව හය දෙනා බෝතල් හතරක් ළං කරගෙන බීලා සින්දු කියලා ගෙදර යන රටකට පිළිවෙලකට බීමේ අගය හුරු කරවන්න දරණ ලොකු මහන්සියක් මේ ප්‍රොජෙක්ට් එක ඇතුළෙ තියෙනවා. ඔවුන් එය සිදුකරන නිර්මාණශීලී බව, යොදාගන්න ගීත වගේම බීමවල විවිධත්වය නිසාම කොක්ටේල් ශ්‍රී ලංකා කියන්නෙ බොහෝ අය ඇදී යන තැනක්. සෝෂල් මීඩියා ඇතුළෙ ඔවුන් කරන කැම්පේන් එකට කාලෙන් කාලෙට කොමා වැටෙන්නෙ මධ්‍යසාරවල මිල ගණං නිසා වෙන්නත් පුළුවන්. කොහොමවුනත් වැඩේ සුපිරි.

 

මුලින්ම කප්රුක ලංකාවෙ ඇල්කොහොල් නිෂ්පාදන ඩිලිවර් කරන්න ගිහින් වැඩේ අනාගත්තනෙ. Zipsip කියන්නෙ ඒක නීතියෙන් තහනං කරන්න බැරි ලිමිට්ස් ඇතුළෙ කරන ‌ඇප් එකක්. එයාලා ගෙදරට ඩිලිවර් කරන්නෙ සැර බීම නෙමෙයි. රෙඩ් වයින්, වයිට් වයින්, ස්පාක්ලින්, රෝස් වයින්, බියර්, මස්, චීස් වගේ දේවල්. ප්‍රමෝෂන්ස් වගේම ගිෆ්ට් බෑග් ඔප්ෂන් එකෙන් ගිෆ්ට් එකක් විදියට වවුචර් එකක් හෝ ඒ වගේ දෙයක් ඩිලිවර් කරවන්නත් පුළුවන්.

 

මේක ලංකාවෙ වීඩියෝ හදලා නිෂ්පාදනය කරන කොක්ටේල් ශ්‍රී ලංකා වගේම ඇප් වැඩක්. මේ ඇප් එකේ තියෙන්නෙ නියම කොක්ටේල් වර්ග හදාගන්න විදිය. ඒවා ස්‌ටැක් වෙලා තියෙන විදිය නිසා ඔයාලගෙ අවශ්‍යතාවය අනුව ඒවා පහසුවෙන්ම තෝරාගැනීමේ හැකියාවත් තියෙනවා. උදාහරණෙකට ඔයාලට ගෙදර තියෙන බීම වර්ගයට අනුව ඒකෙන් සර්ච් කරලා ඒකෙන් හදාගන්න පුළුවන් කොක්ටේල් වර්ග හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්තං ප්‍රසිද්ධ කොක්ටේල් වර්ග වගේම ඒ ඒ මූඩ් එකට ගැලපෙන කොක්ටේල් වර්ගවල රෙසිපි එකත් මේ හරහා තෝරාගන්න පුළුවන්.

 

කෑම බීම සම්බන්ධයෙන් උනන්දු මිනිස්සු අනිවාර්යෙන් යන ලංකාවෙ සයිට් එකක් තමයි යමු කියන්නෙ. ලයිෆි අපිත් එක්ක මේ බිස්නස් එකේ ඉන්න යමු වෙබ් සයිට් එක බෙබෙකුට ටෙක්නොලොජි ඇතුළෙ ලැබෙන නියම ප්ලේස් එකක්. බයිට් ගන්න තැන්, බොන්න කදිමට ගැලපෙන බාර්, පොෂ් බාර්, ඩොජී බාර්, ලාබ බාර්, බයිට් හොඳ බාර්, සර්විස් හොඳ බාර් වගේම ඕනම පැත්තක කෑම බීම ගැන තියෙන නිසා යමු එක බෙබෙකුට ප්‍රයෝජනවත් වෙන ටෙක්නොලොජි රිසෝසස් ඇතුළෙ ප්‍රධාන කර හඳුන්වන්න පුළුවන්.

 

නිශ්චිතව නමක් කියලා හඳුන්වන්න උවමනාවක් නැතත් ඇල්කොහොල් ට්‍රැකර්ස් ඔයාලාගෙ ඇප් ස්ටෝර් එකේ ඕන තරම් තියෙනවා. නමේම තියෙනවානෙ සිද්ධ වෙන වැඩේ. පමණ දැනගෙන බොන්නයි මේකෙන් උදවු කරන්නෙ. ඔයා එදිනෙදා බොන ඇල්කොහොල් ප්‍රමාණය මේකට දැම්මම මේක අපිට ට්‍රැක් කරලා පෙන්වනවා අපේ බීම ගැන. මෙහෙම ඇප් එකක් තිබීමත් ඇල්කොහොල් පානය යම් තරමකට සීමා වෙන්න සාධනීය හේතුවක් වේවි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here