අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර යළි ආරම්භ කිරීමට සැළසුම් – Saru News Media උණුසුම් පුවත්

0
8

පවුල් පනස් දහසකගේ පානීය ජල අවශ්‍යතා සපුරාලන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳ  සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමේ කාලරාමුව දීර්ඝ කිරීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය මෙහිදී එකඟත්වය පල කළා.

ව්‍යාපෘතියේ කටයුතු හැකි ඉක්මනින් යළි ආරම්භ කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහන් කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට උපදෙස් දුන්නා.

2016 වසරේ ආරම්භ කර මෙම වසරේ ජුනි මාසයේදී මෙහි වැඩ අවසන් කිරීමට  නියමිතව තිබුණා.

ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලින 19,000කට අධික මුදලක් වැය කෙරෙනවා.

පදවිය, හොරොව්පතාන ,කහටගස්දිගිලය  සහ කැබතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට මෙමගින් හැකි වනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here