Google search engine
Home ගොසිප් පුවත් අමාරුවෙන් ජීවත්වුනේ වත්තෙ සුළු ආදායමින් තාත්තට හොරෙන් මම මුට්ට කරගැහුවා – තෙවරප්පෙරුම...

අමාරුවෙන් ජීවත්වුනේ වත්තෙ සුළු ආදායමින් තාත්තට හොරෙන් මම මුට්ට කරගැහුවා – තෙවරප්පෙරුම පොඩි පුතා

0
31

palitha-thewarapperuma-son-speaks

පසුගියදා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත් පාලිත තෙවරප්පෙරුම දේශපාලනඥයාට පුතුන් දෙන්නෙකු සිටි අතර ඉන් වැඩිමලා කලකට පෙර මිය ගොස්තිබුනේ අකාලයේය. ඔහුට සිටි දෙවැනියා පොඩි පුතා යූටියුබ් නාලිකාවකට සිය පියා ගැන විස්තර කර තිබුණි.

සමාජ මාධ්යවල යම් යම් කතා යනවනෙ ඔබට ඒ ගැන සැකයක් නෑ නේද? මොක ද වුණේ එදා.

“තාත්තා අවුරුද්දට කලින්දා එකොළොස් වෙනිදා පොලොන්නරු ගියා. ගිහිල්ලා පහළොස්වනදා තමයි ආවේ. අවුරුදු වලට තමයි ආවේ.16 උදේ  වත්තට කුකුළ් පොර වගයක් දාන්න ඕනවෙලා ගියා. උදේ පාන්දර හයට විතර ගෙදරින් පිටත් වෙලා ගියා. උර දාහක් විතර ගෙනාවා. දෙදාහක් දාන්න හිටයෙ. තාත්තට ඕනවුනේ ඉක්මනින් ඉවර කරලා දෙවැනි ලෝඩ් එකත් ගෙනල්ලා ගහන්න.

උදේ ඉඳන් ගියේ කෑමක්වත් නැතිව ඉක්මනින් වැඩේ ඉවර කරන්න. සවස තුනහමාරට හතරට විතර වැස්ස. පෝර දාන එක නැවැත්තුවා. මං එළියට ඇවිත් හිටියේ . ඒ වෙලාවෙ වත්තෙදි තමා කරන්ට් වැදිල තියෙන්නෙ.මං දැනගත්තේ ටිකකට පස්සෙ. මං ඉස්පිරිතාලෙට ගියා. තාත්ත මැරුන හැටි ගැන සැක බව සාමාජ මාධ්‍යයෙ කතා තිබුණා. ඒත් අපට මේ ගැන සැකයක් නැහැ. තරහකාරයෙක් ගැන අදහසක් නැහැ. මේ වත්තෙ වැඩකදි තමයි අනතුර සිදුවුනේ අපි වත්තෙ වැඩේ කරගෙන පාඩුවේ හිටියෙ.“

ඇත්තටම පොල් වත්තයි කෘෂි වගාවන් ටිකයි තිබුනෙ ඒවයින් අපිට එ තරම් ආදායමක් නැහැ. මේ ගෙදර හැදුවෙත් තාත්තා නෙමේ සීයා.
පොල් ගස් හා වගාවෙන් ලබන මුදල තාත්තාටයි අපටයි ජීවත් වෙන්න මදි .පොඩි ගාණක් තමයි ලැබෙන්නේ. ඒකෙන් පවුල් දෙකක් ජීවත් වෙන්න ඇත්තටම දෙයක් හම්බ කරගන්න ඕන වුණා.
ඒ හින්දයි තාත්තත් අකමැත්තෙන් මමයි අම්මයි කතා කරගෙන මම වරායෙ මුට්ට කරගහන රස්සාවට ගියේ.
මම කම්කරුවෙක් ලෙස හම්බ කරේ. තාත්තගේ දැනුවත් බවක් නැතුව තමයි ඒක කරේ. තාත්තට ආරංචි වුනේ පසුවයි. අයිය මැරුණ කාලෙ ගෙදර ප්‍රශ්නත් එක්ක මම අයින් වෙනකම් මම පාලිතගෙ පුතා කියලා වරායෙ කට්ටියම දන්නෙ නෑ.

ඔබට දැනුනු විදිහට පාලිත තෙවරප්පෙරුම කියන්නේ මොන වගේ චරිතයක්ද?

තාත්තා කෙනෙක් හැටියට කියනවා නම්. ඇත්තටම මං ආසම එක තමයි එයාව වට්ටන්න බෑ කවදාවත්.

 කිසිම දෙයකින් මානසිකව වැටෙන කෙනෙක් වෙන අය සල්ලි නැතිවුණාම වාහන නැති වුණාම නිලතල නැති උනාම එක එක දේවල් වලට වැටෙනව ඒත් එයා එහෙම කෙනෙක් නෙමෙයි. ඉතාමත් සරල කෙනෙක්. ඉතාමත් සරලයි. පය ගහලා ජීවත්වෙන මනුස්සයෙක් ගෙදරදිත් එයා එහෙමයි.

හැබැයි එක තැනකදී කඩාවැටෙනවා ඒ වැඩිමල් පුතුගෙ නැතිවීම.ඒක වුනේ කොහොමද?

අයිය ඡන්ද වෙලාවකයි අසනීප වුණේ. ඒ වෙලාවේ අයියගේ අසනීපය බේරගන්න බැරි මට්ටමක තිබුනෙ දවසක් ඇතුලත එයා නැති වුණා. ඒ වෙලාවෙ තාත්තා වැටෙනවා. මේක තමයි මං තාත්තා අඩනව දැකපු එකම වෙලාව. මේ සිද්ධියෙන් පස්සෙ නිතර ස්ලීපිං ටැබ්ලට් පාවිච්චියකුත් එයා පටන් ගත්තා. ඒ වගේම මම රස්සාවෙන් අයින් වෙන තීරණය ගන්න වුනෙත් මේ සිදුවීමෙන් පසුව.
ඒක තමයි තාත්තගෙ ලොකුම වැටීම. තාත්තා  ලෙඩ වෙන්න පටන් ගත්තා. ඇඟේ ශක්තිය අඩුවෙන්න පටන්ගත්තා.

තාත්තා සොහොනක් හැදුව නේද මැරෙන්න කලින් ඔබ මොකක්ද ඒ ගැන දන්නෙ?

මේකයි තාත්තා ආපු අදහසක්. එතකොට මර්වින් සිල්වා මන්ත්රීතුමාත් සොහොනක් හැදුවානේ ජීවත්වෙන කාලෙදිම. තාත්තා කොහොමත් අපි කියන දේ අහන්නේ ගැන තාත්තා ඔහු කරන්නේ තනියම හිතල කවදාවත් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි.එයාට හිතුනා නම් එයා ගියා පාරට ගිහිල්ලා කරා. උපරිම දඩබ්බරයි.
 දඩබ්බරයි වගේම හරිම කලබලයි. ඒක තමයි එයාගේ වැජඹීම.

කොරෝනා වෙලාවේ වුණත් මුලින්ම පාරට බැහැලා මේ පාරේ යන අයට කන්න උදව් කරන්න කියල පටන් ගත්තෙ තාත්තා ඊට පස්සේ අනිත් මන්ත්රීවරු රංජන් රාමනායක වගේ අයත් ඒක කරා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here