යාපනයේ කෝවිලක සාරියක් රු.ලක්ෂ 16කට වෙන්දේසි වෙයි – Saru News Media උණුසුම් පුවත්

0
14

යාපනය පුන්කුඩතිව් කන්නකිඅම්මන් හින්දු කෝවිලේ ඊයේ (23) දින පැවති වාර්ෂික තීර්ත දේව මංගල්ලයේදී පැවති වෙන්දේසියක් අතරතුරදී සාරියක් රුපියල් ලක්ෂ 16 ක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිල් පාලක මණ්ඩලය පැවසුවා.

කෝවිලේ පැවති වර්ෂික දේව මෙහෙය වෙනුවෙන් කන්නකිඅම්මාන් , විනයගර් , මුරුගන්, වල්ලි ආදි දෙවිවරුන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයන් පැවත්වීමෙන් අනතුරුව දේව මාතාවන් වෙනුවෙන්ද දේව මෙහෙයන් පැවත්වීම වර්ෂිකව සිදුකරනු ලබයි.

මෙහිදී දේව මෙහෙයන් වලින් අනතුරුව දේව මාතවන්ට නිර්මාණය කරන ලද විශේෂ සාරියක් වෙන්දේසි කිරීමට කෝවිල පූජක මණ්ඩලය විසින් පියවර ගෙන තිබූ අතර ඒහිදී අදාල සාරිය වෙන්දේසි මුදල අරම්භ වී ඇත්තේද රුපියල් ලක්ෂයකට අධික මුදලකින් වූ අතරම අවසානයේ යාපනයේ පදිංචි කන්තාවක් විසින් අදාළ සරිය රුපියල් ලක්ෂ 16 ක මුද්ලකට මිලදී ගත්තා.

කෙසේ වෙතත් අදාල මුදල කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමට කෝවිල භාරකර මණ්ඩලය පියවර ගෙන ඇති අතර පසුගිය කාලය පුරාවට උතුරේ පිහිටි හින්දු කෝවිල් මගින් මෙලෙසින් වෙන්දේසි පැවත්වූ අතර එහිදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂයක අධික මුදලකට වෙන්දේසි වූ අවස්ථාද වාර්ථා වී තිබුණු අතර අදාල මුදල් කෝවිල වෙතට පිරිනමන ලද බැතිමතුන් එහිදී පවසා සිටියේ එවැනි මුදලක් වෙන්දෙිසයකදී වැයකිරීම මගින් කෝවිල් සංවර්ධන කටයුතු වෙනුවෙන් තමන්ට දායකත්වයලක් ලබ දිය හැකි බැවින් ඉත සතුටින් ඒ් සඳහා දායකත්වය සිදුකරන බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here