හොර වාහන තොගයක්.. වාහන මිල දී ගැනිමේ දී ප‍්‍රවේශමෙන්..- මුදල් ඇමති

0
8

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

මෙම රථවාහන දැනට භාවිත කරන පුද්ගලයන්ගෙන් රැගෙන රාජසන්තක කිරීම සිදු කිරීමට නියමිතයි.

රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්වල වගකීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

– Media unit

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here