අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට දෙදෙනෙක් අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
15

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට සැකකරුවන් දෙදෙනෙක් කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සම්බන්ධ එක් සැකකරුවෙක් රැඳී සිටින  බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසියට එම සැකකරුව    අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 160ක් සොයා ගෙන තිබෙනවා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනෙක් සැකකරුද ඔහුගේ නිවසටම ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 830ක් පොලීස් භාරයට ගැනීමට හැකි වූ බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් දෙදෙනාම කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් දෙදෙනා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here