ආසියාවේ මුතු ඇටය ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රති අපනයන මධ්‍යස්ථානය වෙලා

0
19

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලියලත් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රති නැව ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වී

ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරයකු චෝදනා කරයි.

2005 වසරේදී නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ දකුණු ආසියාතික කලාපීය වාර්තාවක මේ බව සඳහන් බවයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පවසන්නේ.

මෙහි ප්‍රධානතම ගැටලුව දේශීය පරිභෝජනය සඳහා ඉන්දියාවෙන් හෙරොයින් ලංකාවට ප්‍රවාහනය කිරීම ලෙස එම වාර්තාවේ සඳහන්ව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

වස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත යටතේ අත්අඩංගුවට භාණ්ඩ බැහැර කිරිමේ විධි විධාන පිළිබඳව නිකුත් කර ඇති රෙගුලාසිය මත පාර් ලිමෙන්තුවේ අද (24)  පැවති විවාදය අමතමින් මන්ත්‍රීවරයා එසේ කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇතැම් බලවත් දේශපාලඥයන් සම්බන්ධ බවත් එය මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ දී ප්‍රබල බාධක ඇති කළ බවට ප්‍රසිද්ධ විවාදයක් වූ බව කී මන්ත්‍රීවරයා ඒ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් බව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 (චතුරංග මේදිස්)

 


 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here