රනිල්-බැසිල් කට වහගන්න ගිවිස ගනිති..

0
16

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.

එහිදී ඉදිරි මැතිවරණයන් ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව නිල වශයෙන් කැඳවීමක් කරනතුරු ජනාධිපති අපේක්ෂකත්වය ගැන විසංවාදී අදහස් පළ කිරීමෙන් තොරව කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇත.

එමෙන්ම ආණ්ඩුවේ පොදු කටයුතු සඳහා හිටපු පළාත් පාලන නියෝජිතයන්ට නිල වශයෙන් සහභාගි විය හැකි අවස්ථාවක් නිර්මාණය කර දීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර ප‍්‍රධාන පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩ දීමට නොහැකි නිසා මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිල ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවත් බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දී ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here