ඇමරිකා පර්යේෂණ නෞකාවට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොදේ..

0
14

ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඇමෙරිකානු පර්යේෂණ නෞකාවක් විසින් කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුවයි.

අදාල නෞකාව ඇමරිකානු සරසවි සිසුන් පිරිසක් සහිතව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ ඉන්ධන, ජලය හා ආහාර පාන ආදී පහසුකම් ලබා ගැනීමටය.

නෞකාවට ඇතුළු වීමට අවසර නොදීමට තීරණය කර ඇතත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ජාත්‍යන්තර මුහුදු සීමාවට වෙනත් යාත්‍රාවක් හරහා ලබා දීමටද තීරණය කර තිබේ.

තවද මෙම නෞකාව ඉන්දියාවේ චෙන්නයි වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇතත් ඉන්දීය රජයද ඊට අවසර ලබා දී නැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here